(යොහාන් භාසුර)
විනිවිදභාවයෙන් තොර වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම ක්‍රීඩකයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් 24 දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ වන විට සකස් කර ඇති වාර්ෂික ගිවිසුමේ ක්‍රීඩකයන් තක්සේරු කිරීම විනිවිදභාවයෙන් තොර බවත් එහිදී ලකුණු ලබා දුන් ක්‍රමය පිළිබඳව තනි තනි ක්‍රීඩකයා දැනුවත් කර එය පිළිගත හැකි ආකාරයට සිදුකළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
වාර්ෂික ක්‍රිකට් ගිවිසුම අසාධාරණ, හේතු විරහිත සහ අත්තනෝමතික එකක් බවත් ක්‍රීඩකයන් එම ගිවිසුම අත්සන් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි... අත්සන් කරන්න නොවේ...
මැච් දිනන්න බෑ. ඒ වුණාට සල්ලි ගොඩක් ඕනැ.
මේ අයට බම්බු ගහන්න කියලා අපි නැවත එල්ලේ ගහමු.
නව ක්‍රමයට අනුව මුදල් උපයන්න නම් තරග දිනන්න ඕනේ බංග්ලාදේශයටත්, පරදින මොවුන්ට තරග දිනන්න බැහැ. මොවුන් පුරුදු වෙලා ඉන්නේ නිසිලෙස පුහුණු විම් නොකර කකා බිබී ජොලි කරලා, සාදය අවසානයේදී වෙරිමතින් ගෙදර යනකොට බයිට් එකට පාරෙ ඉන්න මනුස්සයෙකුත් වාහනේට යට කරගෙන යන්න. කාගේ හරි පගාවක් අරන් පිට්ටනිය මැද්දට ගොස් නිකන් බොරුවට පිත්ත වනලා දැවී ගොස්, අවුරුද්දකට කෝටි කිහිපයක් වැටුප් වශයෙන් ගන්න. කණගාටුවෙන් වුණත් කියන්න ඕනෑ මොවුන්ගෙන් වැඩිදෙනෙක් කිසිම විනයක් නැති පුද්ගලයන්... අර්ජුන, අරවින්ද සහ මහානාමලාගේ අසලින්වත් තියන්න බැහැ. මොවුන්ට බැරි නම් ගෙදර ඉන්න කියන්න. ගියත් පරදිනවා.
"මුදල්, ලාබ ප්‍රයෝජන කිසිවක් කිසිදින කිසිදා බලාපොරොත්තුවෙන් ක්‍රීඩා නොකළ" මෙන්ම සැමදාම අප උපන් රට වෙනුවෙන්ම ක්‍රීඩාකළ ක්‍රිකට් ක්‍රීඩකයන් බව කීමට කැමැත්තෙමු. එබැවින් අප "උපන් රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයක්" අටවා ගත්තේය.
පාහරයින්... මැච් පරාද වෙන සාමූහිකත්වය නැති කාලකණ්ණි. පන්නලා දමලා අලුත් ටීම් එකක් දාන්න...
අලුත් ක්‍රමයට සල්ලි හම්බ කරන්න නම් මැච් දිනන්න ඕනේ.. මේ අයට ඒක කරන්න බැහැ. මේ අයට අත්සන් කරන්න බැරිනම් ගෙදර ඉන්න කියන්න. අරවින්දගේ තීරණය සමග අපි එකඟයි. දුටු තැන ‘හූ‘ කියන්න.