ශ්රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පොර්ට් එළිසබෙත් නුවරදී අද (13 වැනිදා) පැවැති සිව්වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී කඩුලු 6 ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 39.2 කදී ලකුණු 189 කට දැවී ගියේය. දකුණු අප්‍රිකානුවෝ ඕවර 32.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 190 ක් ලබාගත්හ.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට පරාජය වූ හත්වැනි එක්දින තරගයයි.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා https://tinyurl.com/yx9xb7vn වෙත පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 04
434
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාව සිව්වැනි තරගයත් පරදී
Lal Wednesday, 13 March 2019 05:20 PM
දැන් නම් ඉඳල හිටලා හරි දිනන්නේ කාසියේ වාසිය විතරයි.
RaveendraWednesday, 13 March 2019 05:52 PM
ඇත්තටම අපි දැක්කා අපේ හාදයන්ගේ පිතිහරබේ. ලැජ්ජයි දරුවනේ නුඹලා ගිල දමන්නේ අහිංසක මිනිසුන්ගේ දුප්පත් බදු මුදල් මෙන්ම එම මිනිස්සුන්ගේ අහිංසක බලාපොරොත්තුය.. නුඹලා මෙම තරගාවලියෙන් ලබාගත් මුදල් පරිහරණය කරන විට එම මුදල් වලින් නුඹලාට සෙතක් වේද යන්න සිය දහස්වරක් සිතන්න දරුවනේ.. නුදුරු අනාගතයේ නුඹලා විසින් එලෙස උපයාගත් වස්තුන් කන්දරාවට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!
singithiThursday, 14 March 2019 01:19 AM
අපේ අය පහර දෙනකොට බැරියැ. ඔවුන් නම් අපිට පහර දෙනෝ, මාලිංගට යමක්, කණ්ඩායම පහළට වැටෙන කොට තවත් පහළට දමන්න එපා. ඔබ කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන්.. නමුත් මේ දේවල් කණ්ඩායම ඇතුලේ කතා කරලා එළියට ඇවිත් වගකීම අරන් කතා කරනවා නම් මීට වඩා කණ්ඩායම ඔබ වටේ එකතු වේවි...!!! මාධ්‍යයට විරුවෙක් නොවී කණ්ඩායමේ තාත්තා වෙන්න..
RaveendraThursday, 14 March 2019 07:35 AM
අප කිසිදින අපගේ කණ්ඩායම පහළට දැමීමක් කර නොමැති බවත් එසේ කිරීමටවත් බලාපොරොත්තුවක්ද නැත. ඔබේ මෙන් අප සියල්ලෝම මේ කණ්ඩායම වෙනුවෙන් කිනම් හෝ ක්‍රමයකින් ( මුලිකව බදු ගෙවමින් ) දායකවී ඇති බව නොරහසකි. නමුත් මෙම ක්‍රීඩකයන්ට ඒ පිළිබදව වගේ වගක් නැතිවා නොවේද ?? පැරදුනත් දිනුවත් මුදල් ලැබෙනවා යන ( ලැබෙන මුදල් අහිංසක මිනිසුන්ගේ මුදල් උනත් කාගේඋනත් මොවුනට අදාළ නැති විදියක් අපටනම් පෙනෙන්නේ) අශිෂ්ට නියායෙන් එලෙස ලබාගන්න මුදල් වලින් වගතුවක් නැති බව මොවුන් නොදන්නා විය හැක.නමුත් එය පරම සත්‍යවේ.අවංකව සදහන් කරනවා නම් අපගේ ක්‍රීඩකයන් ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරන විලාශය හා හැසිරීම දකිනවිට අපට ඇතිවන්නේ මහත් සංවේගයකි. එය ඔබලාට වැටහුනේද නැද්ද යන්න ගැටලුවකි.කෙසේ වෙතත් අප සැමදාම තරග දිනුම ලබාගත යුතු යන තර්කයේ කිසිවිට නිසිටන අතර අප බලාපොරොත්තු වන්නේ හොද තරගයකි. තරගයකදී දිනුම පරදුමට වඩා සටන්කාමිත්වය වැදගත් නොවන්නේද ?
MaheeThursday, 14 March 2019 12:53 AM
ඒ වුනාට මණ්ඩලේ කට්ටිය ගහයි නොවැ ඒකටත් එක්ක,
rasika Wednesday, 13 March 2019 06:03 PM
ලංකාවේ ඕනේ තරම් දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ ඉන්නවා. මෙතන ඔවුන්ව හරියට කළමනාකරණය කරන්නේ නැහැ. හතුරුසිංහ මේවට වගකියන්න ඕනේ.. ඒ වගේම ඔක්කොම ක්‍රීඩකයෝ ක්‍රීඩා ඇමති ඇතුළුව වගකීම බාරගන්න ඕනේ. ක්‍රීඩකයන්ගේ විනය නැහැ, රටගැන හැගීමක් නැහැ. තමන්ගේ අඩුපාඩු හදාගෙන පුහුණුවීම් කරනවා වෙනුවට වටේ යනෙකනේ කරන්නේ. කණ්ඩායම් හැගීමක් නැහැ. ක්‍රිකට් කියන්නේ තනි කෙනෙක් සෙල්ලම් කරන එකක් නෙමෙයි. මේක කණ්ඩායමක්. ඒ වගේම පිටියෙන් එලියේත් ගොඩක් දේවල් කරන්න ඕනේ සාර්ථක වෙන්න. මේ අය පණ්ඩිත කතා නවත්වලා කෝලිව ආදර්ශෙට ගන්න ඕනේ, සංගක්කාරව, මහේලව, අර්ජුන, අරවින්ද , මුරලි කොච්චර කැපවීම් කලාද කියලා. ක්‍රීඩකයෝ වගකීම ගන්න ඕනේ, නැත්නම් තේරීම් කමිටුව සහ පුහුණුකරු, ක්‍රීඩකයෝ හරියට තමන්ගේ වැඩේ කරන්නේ නැත්නම්, ඒක කරන්න පුළුවන් අයව හොයාගන්න ඕනේ..
රොමේෂ් Wednesday, 13 March 2019 06:35 PM
ලෝක කුසලානයක් අතළඟ තියාගෙන කණ්ඩායමේ නායකයා මෝඩයෙක් වගේ කණ්ඩායමේ සාමාජිකයින්ට බැන බැන දඟලනවා. ජාතික කණ්ඩායමට තේරෙන්නේ අහම්බෙන් නෙමෙයිලු, තමන්ගේ වටිනාකම දැනගෙන උපරිමය කරන්න ඉදිරිපත්වෙන්නේ නැහැලු. නමුත් මිනිහා ඔක්කොටම වඩා හපන්. තරඟ පරදින්නේ කණ්ඩායමේ "සහෝදරත්වය" නැතිකමයි. කව්රු පිළිගන්න අකමැති උනත් අපේ කණ්ඩායමේ සීතල යුද්ධයක් තියෙනවා. මේක පැහැදලිවම කණ්ඩායම් දෙයක්. සමහර වෙලාවට තුනක් හෝ හතරක් වෙන්නත් පුළුවන්. ජාති ආගම අපිට වැඩක් නැහැ, කණ්ඩායම සමබර කලයුත්තේ ජාතිය, ආගම, පාසල, ගම්පලාත, ක්‍රීඩාකරන සංගමය වගේ දේවල් මත නොවෙයි දක්ෂතාවය මතම පමණයි. අපිට ඕන ආගමික සංහිඳියාව, ජාතික සමගිය ලොවට පෙන්වන කණ්ඩායමක් නොවෙයි. අපේ රට දිනවන කණ්ඩායමක්.
Nihal Wednesday, 13 March 2019 07:17 PM
බෝල ගහනකොට දිනනවා,පරදිනවා.
Shanaka Wednesday, 13 March 2019 08:07 PM
නැවතත් සුපුරුදු රිද්මයට
Adam Wednesday, 13 March 2019 11:17 PM
මේ ගහන ක්‍රිකට් දැක්කම වමනේ යනවා, පරදිනවා කියලා මෙහෙමත් පැරදිල්ලක් සියලුම ක්‍රීඩකයන්, පුහුණුකරුවන් පාලක මණ්ඩලය වහ එලවා දමා මේ විනාස කරන සල්ලි වලින් රටට වැඩක් ඇති දෙයක් කල යුතුය
චින්තක Thursday, 14 March 2019 01:25 AM
1948 න් පසුව රටේ සංවර්ධනයෙන් පරදිනවා.එය ආදර්ශයට ගන්නා ක්‍රීඩකයනුත් පරදිනවා. පසුගිය දිනක ඇමතිවරයා කියා තිබුනා ලක්ෂ 10 ක් දෙන්නම් කෙනෙකු කණ්ඩායමට දාලා දෙන්න කියල කෙනෙක් ඉල්ලුවා කියලා. එලෙස පැමිනි අයත් කණ්ඩායමේ ඉන්නවානම් මෙවැනි දේ පුදුම දේ නොවෙයි
saman Thursday, 14 March 2019 02:09 AM
කණ්ඩායමේ තිබෙන ඇතුලත දේශපාලනය සම්පූර්ණයෙන්ම තුරන් වෙනතුරු මෙම අර්බූධය තව දුරටත් තිබේවි. කණ්ඩායම් හන්ගීමක් ඇතිවන තුරු තරඟ දිනන්නට බැරිවේවි. දික්වැල්ල ගේ අඩුපාඩුව හොඳටම පෙන්නුම් කරා.
Thilak dubai Thursday, 14 March 2019 02:23 AM
එකක් දෙකක් පැරදුනා කියල කලබල වෙන්න ඕනේ නැ, නායකත්වය දික්වැල්ල වගේ දක්ෂ ක්‍රීඩකයෙක්ට දෙන්න,
RasikaThursday, 14 March 2019 03:32 AM
දික්වැල්ල මුළු තරගාවලියේම ගහල තියෙන්නේ ලකුණු 16යි. එහෙම කෙනෙක් කණ්ඩායමේ තියාගන්න එකී පුදුමේ. කිසිම. කැපවීමක් නැහැ .
pubu Thursday, 14 March 2019 03:08 AM
මොනව කරන්නද මේ වගේ රජ වනකොට
hasantha Thursday, 14 March 2019 05:29 AM
අලුත් ක්‍රීඩකයොන්ට තව මැච් 4-5ක් වත් දුන්න නම් ඔව්න්ගේ දක්ෂතා බලාගන්න තිබ්බා. ලක්ෂ 70ක් මාසෙට ගන්න හතුරුසිංහ අසාර්ථක ක්‍රීඩකයෝ දිගින් දිගටම දාල ඒ වටිනා අවස්තාව නැති කරගත්ත. දැන් මොනවා කරන්නද. ලෝක කුසලානේ පලවෙනි වටයෙන්ම ගෙදර එන්න තියෙන්නේ.
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 14 March 2019 06:47 AM
ක්‍රීඩා ඇමති කියනවා. මේක ලෝක කුසලානයට යන්න පුහුණු තරගලු.
සනත් ඉතාලිය Thursday, 14 March 2019 08:43 AM
මට පුදුම අංක 8 සෙල්ලම් කරපු උදාන 78 ගහපු එක .උදාරයි සහෝදරයා උබ නොඑන්න අදත් බඩුම තමයි
de silva Thursday, 14 March 2019 08:56 AM
රට වෙනුවෙන් නෙවේ මේගොල්ලෝ ක්‍රීඩා කරන්නේ පුහුණුකරු වෙනුවෙන්, පාඩම් උගන්නවන්න සහ වෙනත් පුද්ගලික අරමුණු වෙනුවෙන්. වැඩ බැරිවුනාට කට නම් තියෙනවා. මේගොල්ලෝව ගෙදර යවලා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න පුළුවන් කණ්ඩායමක් සොයා ගන්න වෙනවා , කිසිම වගකීමක් නොමැති පිති හරඹයක් ලකුණු 250 ගහගන්න බැරිනම් වැඩක් තිබෙනවද ?
Kim Thursday, 14 March 2019 10:15 AM
පුහුණුකරුගේ හැකියාව සහ උපායමාර්ග ගැන සැකසහිතයි. මොකද ක්‍රීඩකයන් දැවී යන්නේ එකම විදියට, ඒ අයගේ දියුණුවක් නෑ. පන්දුයවන්නන් ගේ උපායශීලි බවකුත් නෑ. කණ්ඩායම් හැඟීමක් ක්‍රීඩකයන් අතරත් නෑ. මේවා කරන්න බැරි පුහුණුකරුගෙන් වැඩකුත් නෑ