ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පෝර්ට් එළිසබෙත් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (21) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 222 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. විශ්ව ප‍්‍රනාන්දු සහ කසුන් රාජිත කඩුලූ 3 බැගින් දවාගනිමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.

-036