IMG-LOGO

’ශ්‍රී ලංකාවේ දේශපාලන සරණාගතයින් බහුතරය බ්‍රිතාන්‍යයට ගිහින් ඇත්තේ වංචාවෙන්’

ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන දෙමළ ජනතාවගෙන්  85% ක් පමණ ව්‍යාජ  ගුවන් බලපත්‍ර සහ ව්‍යාජ වීසා පත් ලබා ගනිමින් එරටට පැමිණෙන බව බ්‍රිතාන්‍යයේ පළවන “ස්කයි නිව්ස් ” ප්‍රවෘත්ති සේවය අද (18) වාර්තා කළේය.

 
බ්‍රිතාන්‍යයේ  මානව හිමිකම්  ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන අම්බිහෙයි ශීවරත්නම් මහත්මිය එම පුවත් සේවය වෙත අදහස් අක්වමින් මේ බව ප්‍රකාශ කළාය.
 
නීත්‍යානුකුල ලෙස බ්‍රිතාන්‍යයට පැමිණීමට තිබෙන අපහසුතාව සහ ශ්‍රී ලංකාවේ ජීවත් වීමට ඇති බිය හේතුවෙන් මෙම පිරිස මෙලෙස ව්‍යාජ ගුවන් බලපත්‍ර සහ වීසා මඟින් බ්‍රිතාන්‍යයට පැමිණෙන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
 
මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන බ්‍රෙක්සිට් ගිවිසුම ඉදිරියේදී  ක්‍රියාත්මක කළහොත් මෙම පිරිසට එරට රැකියා අවස්ථා හිමි වන බවත් බ්‍රිතාන්‍යයේ  සරණාගතභාවය ඉල්ලා ඇති පිරිසට ද ඔවුන්ගේ සිහිනය සැබෑ කර ගත හැකි බවද ඇය පෙන්වා දුන්නාය.
 
කෙසේ වෙතත් මෙලෙස ව්‍යාජ ගුවන් බලපත්‍රය සහ ව්‍යාජ වීසා පත් ලබා ගනිමින් බ්‍රිතාන්‍යයට පැමිණි පිරිස සැලකූ විට විශාල ශ්‍රම බලකායක් වන බවත්, ඔවුන්ට නීත්‍යානුකූලභාවය ලබා දෙන්නේ නම් බ්‍රිතාන්‍යයට මහත් වැඩදායී පිරිසක් බිහි කර ගත හැකි බවද බ්‍රිතාන්‍ය මානව හිමිකම් ක්‍රියාකාරිනී අම්බිහෙයි ශීවරත්නම් මහත්මිය කියා සිටින්නීය.
 
නීති විරෝධීව බ්‍රිතාන්‍යයට පැමිණ සිටින නම් සඳහන් නොකළ කාන්තාවක් ස්කයි නිව්ස් පුවත්සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් විවාහ විමට බලාපොරොත්තුවෙන් සිටින තරුණයා එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙකු බැවින් තමන්ට ලංකාවේ ජීවත් වීමට තිබෙන බිය නිසා මෙලෙස නිතී විරෝධි ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි බවයි.
ඇය මෙහිදී නිශ්චිත කාලයක් පිළිබඳ අනාවරණය නොකරන අතර, ඇයට තවමත් ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවීම අපහසු බව ද සඳහන් කර සිටින්නීය. තමන් නැවත ශ්‍රී ලංකාවට ගියහොත් තමන්ව නිසැකවම ඝාතනයට ලක්වන බවද අදාළ කාන්තාව සඳහන් කර ඇත.

තමන්ට බ්‍රිතාන්‍යයේ ජීවත්වීමට ඉඩ සලස්වා දෙන්නේ නම් ස්වෙච්ඡා ක්‍රියාකාරිනියක් ලෙස බ්‍රිතාන්‍යයට සේවය කිරීමට කැමැත්තෙන් සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 
(125)



අදහස් (12)

’ශ්‍රී ලංකාවේ දේශපාලන සරණාගතයින් බහුතරය බ්‍රිතාන්‍යයට ගිහින් ඇත්තේ වංචාවෙන්’

nishantha Monday, 18 February 2019 01:23 PM

එහෙ ගිය මිනිස්සු අපේ රට විකුණගෙන ජීවත්වෙනවා. මෙහෙ ඉන්න මිනිස්සු දුක් විඳිනවා.

:       0       206

dias Monday, 18 February 2019 02:14 PM

බ්‍රිතාන්‍යයේ පමණක් නොව, අද ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ ඇමෙරිකාවේ වසන බොහෝ ලාංකිකයින් එම රටවලට පැමිණ ඇත්තේ ලංකාවේ ජිවත් වීමට ඇති බිය නිසා නොව, ආර්ථික අපහසුකම් නිසායි.

:       0       187

de silva Monday, 18 February 2019 02:19 PM

බලාගෙන ඉන්න ටික දවසකින් රොත්ත පිටින්ම මෙහෙට ඒවාවි, එංගලන්තේ ඉන්න මිනිස්සු වැඩිවෙලා ඒක නිසා තමා ඒගොල්ලෝ යුරෝපා සංගමෙන් ඉවත් වෙන්නේ

:       3       178

pradeep Monday, 18 February 2019 02:25 PM

ලන්ඩන් විතරක් නෙමෙයි අනිකුත් රටවලටත් ගිහින් පුරවැසිභාවය ලැබෙනතුරු බලන් ඉන්න මිනිස්සු ලංකාවේ ගිනි අවුලන්න බලන් ඉන්නේ ඇයි කියලා කාටත් පැහැදිලියි නේද? සාමය තිබුනොත් මේගොල්ලන්ට දිගටම ඉන්න දෙන්නේ නැහැ. නඩු පරදිනවා.

:       0       221

PKKUSA-London Monday, 18 February 2019 02:42 PM

එංගලන්තෙට පැනලා ඉන්න දොස්තරලාට ලංකාවෙන් නඩු දාන්නේ නැද්ද?

:       0       136

de silva berlin Monday, 18 February 2019 03:28 PM

හරිනම් ඔය රටවල තිබෙන ලංකාවේ තානාපති කාර්යාල එම රටේ වගකිවයුතු අංශ දැනුවත් කරන්න ඕනේ දැන් ලංකාවේ සාමය ඇතිවෙලා තිබෙනවා, ද්‍රවිඩ ජනතාවට කරදරයකින් තොරව ලංකාවේ සෑම තැනකම ජිවත් වෙන්න පුළුවන් කියලා, එහෙම කරානම් රටට වෙන අපකීර්තියෙන් මුදවාගන්න පුළුවන්, නමුත් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැහැ. බොහෝදුරට ලංකාවේ තානාපති වෙලා ඉන්නේ පරණ දේශපාලකයෙක්, පරණ හමුදා නිලධාරියෙක්, දොස්තර කෙනෙක් වැනි පුද්ගලයෙක්. ඉංග්‍රීසි ටිකක් කතාකරන්න පුළුවන් වුනාට ඔවුන් තානාපති සේවාවේ කාර්යභාරය පිළිබඳව පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ , හරිම ශෝචනීය තත්වයක්

:       0       270

diasMonday, 18 February 2019 03:57 PM

ලංකාවේ සාමය ඇතිබව අද ඕනෙම බටහිර රටක් දන්නවා. එමෙන්ම, ඔවුන් හොඳින්ම දන්නා තවත් කරුණක් නම් ලංකාවේ ආර්ථික තත්වය එතරම් හොඳ නැති නිසා රටේ පුරවැසියන් බටහිර රටවලට පැමිණෙන්නට මාන බලන බව. ඔබ ජර්මනියට පැමිණ පදිංචි වූයේ මන්දැයි මඳකට සිතා බැලුවොත්, සියලු දේ ඔබට හොඳින් පැහැදිලි වෙනවා නියතයි...

:       5       19

Bamunuarachchi Monday, 18 February 2019 03:44 PM

මේ හොර වැඩ නිසා සිංහල අපිට‍ එංගලන්තයේ ට්‍රාන්සිට් වීසා ලබා ගන්න බැරි තත්වයකට පත්වෙලා.

:       29       112

rasika Monday, 18 February 2019 04:48 PM

ඔන්න අතුරුදන් අය එලියට එන කාලේ.

:       0       157

Menaka Monday, 18 February 2019 07:35 PM

බ්‍රිතාන්‍යයේ විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාවටත් පොලොව පැලෙන බොරු කියාගෙන රිංගා ගත්තු කට්ටියක් ඉන්නවා. රටේ නම කැත වෙන බොරු කියාගෙන මෙහෙට ගොඩ බැහැපු වංචාකාරයන් , හොරුන් , සිවිල් නීතිය කඩපු උදවිය ඉන්නවා. පසුගිය කාලයේ ක්වීන්ස්ලන්තයේ ලාංකික සරණාගතයෙකු ව පැමිණ තැපැල් බෙදන්නකු භාණ්ඩ සොරකම් කර අහු වුනා. එකෙන් මේකෙන් නීතියට අනුව මෙහි පැමිණ රැකියාවක් සොයන උගත් ලාංකිකයෙකුට පාරේ යන්න බැහැ. ලංකාවේ සමහරුන්ට උපන්ගෙයි පිහිටා තිබෙන බොරුවයි වංචාවයි නිසා අවංක ශ්‍රී ලාංකිකයෙකුට සංචාරක විසාවක්වත් නොලැබෙන කාලය වැඩි ඈතක් නැහැ .

:       0       108

BamunuarachchiTuesday, 19 February 2019 03:06 AM

ලාංකික කියා පල කිරීමේන් පිටරැටියන් අතර අවඥාවට ලක්වන්නේ රටේ මහා ජාතිය සිංහල අපයි. සිංහල අප නිසා රටට ලැබෙන ගෞරවය තම පැත්තට හරවා ගන්නා දෙමළුන් ඔවුන්ගේ හොරකම් නිසා ඇතිවන අවඥාව ලාංකික කියා අප පැත්තට හරවා දමයි මේ අසාධාරණයෙන් මහා ජාතිය බේරා ගැනීම මාධ්‍යයේ යුතුකමයි.

:       1       78

de silva berlin Tuesday, 19 February 2019 09:25 AM

දැන්වත් ආණ්ඩුව තානාපති සේවය පිළිබඳව කිසිම දැනුමක් පළපුරුද්දක් නැති පරණ දේශපාලකයෝ, හමුදා නිලධාරීන් මේ තනතුරු වලට යවන එක නතර කර, තානාපති සේවයේ අවම වශයෙන් අවරුදු 15-20 පළපුරුද්ද ඇති දක්ෂ අවංක නිලදාරීන්ට මේ තනතුරු දෙන්න. තවද බටහිර රටවල කරන විදිහට විදේශ සේවය විශ්ව විද්‍යාල වල විෂයක් වශයෙන් ඉගෙනීම ආරම්භ කරලා, එම උපාධිදාරින් තානාපති සේවයේ පහල තනතුරු වලට යොමු කරන්න. ඉන්පසු අවුරුදු 10-15 යනකොට ඔවුන් උසස් වීම ලබලා නිසි තැනකට ඒවි, හැමදාම දේශපාලන අතකොලු යොදාගෙන සංචාර ගිහින් රටවල දියුණුකළ නොහැක, රටක දියුණුවට තානාපති සේවය ඉතා වැදගත්ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 59 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 620 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site