IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඉන්දියාවත් විමසිල්ලෙන්

හර්ෂණ තුෂාර සිල්වා
 
 
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙසත් සමීප අසල්වැසියකු ලෙසත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට සහ ව්‍යවස්ථා ක්‍රමවේදයට ගෞරව කරනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රවීෂ් කුමාර් මහතා අද (28) ප්‍රකාශ කර ඇත. 
 
ශ්‍රී ලංකාවේ සිදු වෙමින් තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ ඉන්දීය මාධ්‍යවේදීන් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් රවීෂ් කුමාර් මහතා ඒ බව සඳහන් කර තිබේ. 
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමෙන් පසුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය විය.
 
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රවීෂ් කුමාර් මහතා එහිදි මෙසේ ද පවසා ඇත. 
 
“ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව විමසිල්ලෙන් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙසත් සමීප අසල්වැසි හා මිත්‍ර රටක් ලෙසත් ශ්‍රී ලංකාව  ප්‍රජාතන්ත්‍රවාදී අගනාකම්වලට සහ ව්‍යවස්ථා ක්‍රමවේදයට ගරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ මිත්‍ර ජනතාවට අපි අඛණ්ඩව අපේ සංවර්ධන සහාය දෙනවා”. 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඉන්දියාවත් විමසිල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 151 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 227 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1089 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site