දකුණු අප්‍රිකාවට එරෙහිව පෝර්ට් එළිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් කඩුලු 8 ක දැවැන්ත ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියේදී 2-0 ක ජයක් ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.
ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 1 ක අති විශිෂ්ට ජයක් ලබාගත්තේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනඟමිනි.
ආසියාතික කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙසින් මෙම තරගාවලි ජයග්‍රහණය ඉතිහාසයට එක්වෙයි.
තරගාවලියේ සම්පූර්ණ විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.
COMMENTS
දරුවනේ නුඹලාට අපගේ උණුසුම් සුබපැතුම්!!!
තරගයක දිනුමත් සිහිනයක් පමණක් වූ අපට... තරගාවලියක් නම් උනි විහිළුවක් සැමවිටම... එනමුත් සිහිනයක්ම වූ සියල්ල සැබෑ වුනි... පතනවා සුබ පැතුම් මුළු හදින් දරුවනි සැමට...
මහා ජරා කතාවක්.. මෙන්ඩිස් කිව්වා මැච් එක ඉවර වෙලා එයත් එක්ක ක්‍රිකට් දන්නා අය විතරයිලු හිටියේ... එතකොට එයාට ගහන්න බැරි වෙනකොට ඔය ළඟ ඉන්න ක්‍රිකට් දන්නා අය මොනවත් කියලා දුන්නේ නැත්ද? ඔය කියන්න ඇත්තේ ක්‍රිකට් නොදන්නා අයට කට වහගෙන ඉන්න කියලා. එ්කට එයාගේ තාත්තවත් අයිතියි. මුල මතක නැති හාදයින්.. හොඳ, උගත් පසුබිම්වලින් අපු අය ඔහොම දොඩවන්නේ නැහැ. තව කොහොමද ලාරා වගේ රෙකෝර්ඩ් කැඩුවා නම්. ලකුණු 80 තමයි ඔය කතා. ඒ යකා ගැහුවේ නැත්නම් අනිත් අය ගහනවා. මොවුන් අස්කරලා දමන්න ඕනේ. චන්දිමාල් හොඳ ටෙස්ට් රෙකෝර්ඩ් එකක් තියාගෙන ගෙදර යැව්වා නම් මේකා ලොක්කෙක්ද තියාගෙන ඉන්න. ලංකාවට ගහන්න ඕනේ තරම් හොඳ වටිනා කොල්ලෝ ඉන්නවා.
ක්‍රීඩකයන්ට අපගේ උණුසුම් සුබපැතුම්!.. හරීන් ඇමැතිතුමාට අපගේ උපහාරය..!
කුසල් මෙන්ඩිස් හොඳයි. සුබපැතුම් තරුණයා...ඉදිරි තරඟවලදීත් ඔය විදියටම උනන්දුවෙන් ක්‍රීඩා කරන්න..
වාසනාවන්ත දරුවනේ, මෙය ඔබ කණ්ඩායමේ අධිෂ්ටානය පෙරදැරි කරගත් විශිෂ්ටතම ජයග්‍රහණයක් මිස... ක්‍රිකට් පාලක මණ්ඩලය නම්වූ බුකි මුදලාලිලාගේ හැකියාවක් නොවනබව මේ රටටම පමණක් නොව මුළු ලොවටම පැහැදිලිය. මේ ශක්තිය ධෛර්යය මෙලෙසම පවත්වාගෙන යාමට යම්කිසි බාධාවක් වේ නම් ඒ අන් කිසිවක් නොව අපේ රටේ දේශපාලනීකරණය වූ, බුකි කරණය වූ නාකි රැලක් සිටින ක්‍රිකට් පාලක මණ්ඩලයයි. සුබ පැතුම්...!!!
අපතයන් අයින් කරන්න කියලා කෑ ගහපු පණ්ඩිතයෝ කොහේද දන්නෑ..
කුසල් මෙන්ඩිස්ට, ඕෂධ ප්‍රනාන්දුට සහ මුළු කණ්ඩායටම සුභ පතනවා අද ලැබූ ජයග්‍රහණය ගැන. අපි බලපොරොත්තු වෙන්නෙත් යම් ප්‍රමාණයකට ජයග්‍රහණ. හොදින් ක්‍රීඩා කිරීම ඒ වගේම වැදගත්. ආරම්භයෙදීම හතරේ පහර තුනක් ගහන එක හොදයි. නමුත් කුසල්ගේ දුර්වලකම වුනෙත් ඉවසීම අඩුකම කියලයි මට හිතෙන්නේ. මමත් හිතුව කුසල් මැච් කීපයකට එලිය තිබ්බනම් හොදයි කියල. ඒ ක්‍රිකට් නොදැනීමම නෙවෙයි. අපි අසාදාරන විදියට ජයග්‍රහණ සහ හැම ඉනිමකදිම ලකුණු බලාපොරොත්තු වෙන්නේ නැහැ, නමුත් රටටත්, ක්‍රිකට් ක්‍රීඩාවටත්, කලින් තිබුණු තත්වයටත් සාධාරණයක් විය යුතුයි. ඒ වගකීම සමගයි ක්‍රීඩා කරන්න ඕන. එහෙම වගකීමෙන් ගහලත් ලකුණු නොගන්න මැච් පරදින වෙලාවල් තියෙනවා. කුසල් දක්ෂයි. ඉවසීම සහ සැලසුම් කිරීම තව දියුණු කර ගත යුතුයි. කොහොම උනත් අද මැච් එක වෙනුවෙන් ඔහුට සුබ පතනවා. ඊටත් වඩා ඕෂදට සුබ පතන්න ඕන. කුසල් කියපු දේ හරි නැහැ. ඔහුට ඊට වඩා හොද දෙයක් කියන්න තිබුන. වෙලාවට රුමේෂ් කුසල් කියපු ඒ දේවල් පරිවර්තනය කලේ නැහැ. ඒ ගැන ඔහුට ස්තුති වෙන්න ඕන.
හදපිරි උණුසුම් සුබපැතුම් සියලුම ක්‍රීඩකයන්ට. රටේ කිර්ති නාමය තව තවත් දිදුලවන්නට ඔබලාගේ කැපකිරීම හා නිහතමානි ක්‍රීඩා පසුබිම ඉදිරියටත් ඔප්නංවා ගතයුතු කාලයයි මේ.