IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මාසික ආදායම රු.60,000 ක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ලෝක බැංකුවේ නවතම ආදායම් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබෙන අතර ඒ අනුව එක් පුද්ගලයකු මාසිකව උපයන ආදායම ආසන්න වශයෙන් රුපියල් 60,000ක් වනු ඇත. 

ජූලි 1 වැනිදා වනවිට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 4,060ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 719,066ක්) දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේදී මෙරට ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 3,840ක් (ආසන්න වශයෙන් රුපියල් 680,000ක්) විය. 

ලෝක බැංකුව ලෝක ආර්ථිකය ආදායම් කණ්ඩායම් හතරක් යටතේ වර්ගීකරණය කරයි. මේ අනුව ඉහළ, ඉහළ මැදි, පහළ මැදි සහ පහළ ආදායම් යනුවෙන් රටවල් ආදායම් කාණ්ඩ හතරක් යටතේ වර්ග කරයි.

රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම පදනම් කරගනිමින් සෑම රටකම ජූලි 1 වැනිදා මෙම වර්ගීකරණය සිදු කරයි. ශ්‍රී ලංකාව මෙතෙක් සිටියේ පහළ මැදි ආදායම් මට්ටමේය. 

ශ්‍රී ලංකාවට මේ වනවිට ජී.එස්.පී. ප්ලස් තීරුබදු ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීමත් සමඟ යුරෝපා සංගමයෙන් ලැබෙන එම සහනය අහිමි වනු ඇත.

ජී.එස්.පී. ප්ලස් සහනය හිමිවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට නමුත් ලෝක බැංකුවේ වර්ගීකරණය අනුව ඉහළ මැදි ආදායම් මට්ටමේ සිටින රටවලට එම සහනය හිමි නොවේ. 



අදහස් (17)

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මාසික ආදායම රු.60,000 ක්

ගල්කටස් Tuesday, 02 July 2019 09:50 AM

මට පෙන්නෙ ලෝක බැංකුවත් පගාවට වැඩ වගෙ හැටදාහක් ආදායම් ලබන කීදෙනෙක් ඉන්නවද දන්නෙ නැහැ. අපිත් දැන් පොසත් රටක් අනෙ ගමට ගිහින් බලන්න මිනිස්සු දුක් විදින විදිහ කොළඹ නෙමෙ සිරිලංකාව ...

:       64       87

ෆෙරෝස් Tuesday, 02 July 2019 09:56 AM

කවුද මගේ ඉතුරු සල්ලි අරගෙන ජිවත් වෙන කෙනා?

:       53       47

ම්වුබිමේ අනාතයා Tuesday, 02 July 2019 10:02 AM

ඒක ඇත්තනම් අපි තවත් දර්ශකයකින් ඉදිරියෙන් ඉන්නවා, ලෝකයේම විශම ආදායම ව්‍යාප්තියෙන් පලවෙනි තැන. මොකද අපි පස්දෙනෙකුටම 60000/-හොයාගන්න විදින දුක දන්නේ අපි විතරයි !

:       3       88

palitha Tuesday, 02 July 2019 10:02 AM

ඒකත් පුදුම වැඩේ!! ඡන්දෙ ලං වෙනකොට තමයි ලංකාව දියුණු හෝ මැදි අදායම් ලබන රටක් බව ලෝකේ පිළිගන්නේ.

:       19       43

sampath Tuesday, 02 July 2019 10:20 AM

මේක හොද දර්ශකයක් නොවෙයි. ඉලක්කම් විජ්ජාවක් විතරයි. සමහරුන්ට මිලියන බිලියන ගණන් ආදායම ලැබෙද්දී තවත් සමහරුන්ට රුපියල් 6000ක් 7000ක් මාසෙටම ලැබෙන්නේ මුළු රටේම ආදායම මුළු ජනගහනයෙන් බෙදලා ඔය ඒක පුද්ගල ආදායම හැදුවට ඇති නැති පරතරය ඉතා ඉහල ලෙස සමාජය ද්රෙවීකරණයට ලක්වෙලා තියෙනවා. මේකෙන් පෙන්නුම් කරන්නේ රටේ කණ්ඩායමක් අති විශාල වශයෙන් මුදල් ගැවසෙන බවක්. එහෙම නැතිව හැමොටම ඔය කියන ගණන ලැබෙන බව නෙවි. තවත් උදාහරණයකින් පැහැදිලි කලොත් පන්තියේ ළමයිගේ මුළු ලකුණු ගණන ළමයි ගණනෙන් බෙදුවට හොද ලකුණක් ආවත් පන්තියේ ගොඩක් දුර්වල ලමයි වගේම ගොඩක් දක්ෂ ළමයිනුත් ඉන්නවා ඒ නිසා එකෙන් ගුරුවරයා හොදද නැද්ද කියන්න බැහැ

:       46       85

Kamal Tuesday, 02 July 2019 10:34 AM

ඕවා ආදායම නෙවේ.. පිටරටින් ගන්න ණය ජනගහනයෙන් බෙදුවම එන උත්තරේ වෙන්න ඇති...

:       0       3

Cisco Tuesday, 02 July 2019 10:53 AM

මෙතන ප්‍රශ්නේ අදායම නොවෙයි. අදායම බෙදෙන හැටි තමයි ප්‍රශ්නේ. සමහරු ඩිල් වලින් දවසෙන් දෙකෙන් හම්බ කරන සල්ලි ගොවියෙකුට ජිවිත කලයක්දිවත් හිතන්න බැහැ. අනෙක අපි මහන්සි වෙලා හම්බ කරන සල්ලි රටේ ලොක්කෝ සූරිකනකොට කොහොමද ආදායම ක්‍රමයකට බෙදෙන්නේ???

:       0       1

shantha Qatar Tuesday, 02 July 2019 11:04 AM

දන්නේ නැති හින්දා අහන්නේ ඇත්තටම දැන් පිටරට වල ඉන්න අපි කොහෙටද අයිති, අපි මෙහෙ උපයන මුදල් තව කාට හරි බෙදෙනවද මේ ඉලක්කන් සුත්තර වලට අනුව, අපේ සල්ලි අරන් ජීවත් වෙන්නේ කවුද බලන්න ඕන, තරහකාරයින්ටවත් යනවද දන්නේ නැහැ.

:       0       1

Amara Tuesday, 02 July 2019 11:11 AM

ගුරු වැටුප බලපුවම මේක බොරු වෙනවා

:       0       1

Jehaan Tuesday, 02 July 2019 11:13 AM

ඒක මන්ත්‍රී ආදායම වෙන්න ඇති.

:       0       2

Bamunuarachchi Tuesday, 02 July 2019 01:15 PM

ලෝක බැංකුව හිතාගෙන ඉන්නේ මහබැංකුව මංකොල්ල කාපු ගොයියෝ අපිට සල්ලි බෙදලා දීලා කියලයි...

:       0       1

rasika Tuesday, 02 July 2019 11:02 PM

"එක් පුද්ගලයකු මාසිකව උපයන ආදායම ආසන්න වශයෙන් රුපියල් 60,000ක් වනු ඇත. " ලංකාවේ කීයෙන් කීදෙනාටද 60 000 ක මාසික වැටුපක් තිය්ටෙන්නේ, බලන්න එහෙම බලනකොට මේ 60,000 අඩුවෙන් මුදල් උපයන හැම කෙනෙක්ම වැටෙන්නේ අඩු අදායම් ලාභින්ට ගණයට. එහෙනම් රජයෙන් අඩු අදායම් ලාභින්ට සහන දෙන්න ඕනේ. ප්‍රවාහනයට අයකරන ගාන අඩු වෙන්න ඕනේ, බෙහෙත් වලට, ආහාර වලට, ගෙවල් වලට අය කරන ගාන අඩු වෙන්න ඕනේ සහ රජයට බදු නොගෙවිය යුතයි. එහෙමයි අනෙක් රටවල අඩු අදායම් ලාභින්ට සලකන්නේ.

:       0       1

සිරිබිරිස් Wednesday, 03 July 2019 02:02 AM

කවුද මෙහෙම කියන ටොම් පචයා. මටත් බිරිඳටත් දරුවාටත් මසකට ලැබෙන ආදායම 60000/= ට අඩුයි. එය පනස් දාහක්වත් කර ගැනීමට අක්කර භාගයක් පමන තේ සිටුවා ගත්තත් දැනට අප ප්‍රදේශයේ දළු මිල රුපියල් 70ක් පමණවීම නිසා එම පැතුමත් බොඳවුනා. දළු මිළ නැවතත් 2015 කාලයට පෙර තිබූ ලෙසට රුපියල් 40 ට බසීද කියල හිතෙනවා.

:       1       2

ඩොනල්ඩ් එදිරිසිංහ Sunday, 27 June 2021 11:07 AM

මෙය අමූලික බොරුවකි. සාමාන්‍ය සේවකයෙකුට මසකට රුපියල් 60000ක මූලික වැටුපක් ගෙවන ආයතන මොනවාද?

:       0       0

සමන්ත තෙන්නකෝන් Monday, 20 September 2021 12:11 PM

මෙය පට්ටපල් බොරුවක් .මේවා හදන ආර්ථික ඔස්තාර්ලට නම් මෙහෙම පඩි ඇති .රටේ සල්ලි ඔක්කොම සීමිත පිරිසක් අතරෙ තමා රැදෙන්නේ

:       0       2

Dilan Saturday, 23 October 2021 11:39 PM

මගේ ඉතුරු රුපියල් 22000 හොරකං කරපු ලංකාවේ ආන්ඩුවෙ අයද.?

:       0       1

කසුනි නිවර්තනා Wednesday, 05 October 2022 03:15 PM

බොරු කියන්න එපා... හැම මනුස්සයාටම රු 60000ක් හම්බෙන්නේ නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29981 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12129 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10893 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 759 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 229 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 881 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site