IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකන් ගත්ත ණය සුරක්ෂණයට ඩොලර් මිලියන 32.5 ක ඇපකර ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබාගෙන ඇති ණය පහසුකම් සුරක්ෂණය කිරීම සඳහා වසරක කාලයක් බලපැවැත්වෙන පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 32.05 ක ණය ඇප කර රාජ්‍ය බැංකු දෙකකට නිකුත් කිරීමට සංචාරක සහ ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.

ඩොලර් මිලියන 32.50 බැගින් ණය ඇපකර දෙකක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට නිකුත් කිරීමට මෙලෙස අනුමැතිය ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමෙරිකානූ ඩොලර් මිලියන 205.38 හෙවත් රුපියල් කෝටි 2760 ක ණය පහසුකම් රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගෙන ඇති අතර ඒ සඳහා නිකුත් ඒ සඳහා නිකුත් කර ඇති ණය ඇපකරවල කාලය අවසන් වෙමින් පවතින බැවින් මෙලෙස ණය ඇපකර ලිපි අලුතින් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

මෙසේ ලබාගෙන ඇති ණය පහසුකම් වලට අමතරව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 175 ක අරමුදල්  ජාත්‍යන්තර බැදුම්කරයක් මගින් ලබාගැනීම සඳහා වන ඇප සහතිකයක්ද රජය විසින් නිකුත් කරනු ලැබ ඇතැයි වාර්තාවේ.

 

 



අදහස් (3)

ශ්‍රී ලංකන් ගත්ත ණය සුරක්ෂණයට ඩොලර් මිලියන 32.5 ක ඇපකර ඉල්ලයි

Nandalal DE SILVA - France Tuesday, 11 February 2020 05:53 PM

මේක තවත් ණයක්ද ? එහෙම නම් ඒ "නයා" තව පරම්පරා කීයකට භාරදී තිබේද ?

:       0       9

Mahee Tuesday, 11 February 2020 06:45 PM

ලාභ ලබමින් තිබු අපේ ජාතික ගුවන් සේවය කාබාසිනියා කළවුන්......

:       0       1

ගගන Wednesday, 12 February 2020 06:46 AM

ඒ අය ඇප උඩ, අපි කොට උඩ

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site