(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් ලබන 6 වෙනිදා බදාදා දිනයේද ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ ප්‍රධානීන් 7 වැනිදා බ්‍රහස්පතින්දා දිනයේද එම කමිටුව හමුවට කැඳවෙනු ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ලබන 5 වැනිදා අඟහරුවාදා කැඳවීමට නියමිතව තිබුණත් කිසියම් ප්‍රායෝගික ගැටලුවක් මත එම ප්‍රධානීන් වෙනත් දිනයක කැඳවීමට තීරණය කර ඇත.
මේ අනුව කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ හමුවක් සඳහා එදින(5 වැනිදා) වෙන් කර ඇති බවත් කමිටුවේ කටයුතුවලට අදාළ විශේෂ කරුණු කිහිපයක් එහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
කොවිඩ් අවදානම හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගිය කාලයේ අවස්ථාව ගණනාවකදීම රැස්වීමට නොහැකි විය.
කෝප් කමිටු රැස්වීම් ඉදිරියේදී දිගටම පැවැත්වීමට බලාපොරොත්තුවන බව මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් කීවේය.
මේ අතර පාර්ලිමේන්තුවද ලබන සතියේ දින පහක්ම රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් ඔක්කොටම කලින් මුදල් ඇමති ගෙන්නල අර 2010 -15 ආණ්ඩුව කාලේ ගම්පහ ඔරුතොට පාරේ ඉඩමක හදපු එයාගේ කාර්යාල සංකීර්ණය සඳහා මුදල් කොහෙන්ද කියල හොයන්න. අපරාදේ වල් බිහිවෙනවා. ඒ කාලේ කිව්වේ නම් මිලියන 200 වගේ ගණනක්.