(ටී.කේ.ජී.කපිල)
චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා පැවසීය.
මේ අතර චීනයේ සිට සිසුන් 173 ක් රැගෙන ගුවන් යානයක් 28 දින රාත්‍රී හෝ අද (29) අලුයම පැමිණෙන බව ප්‍රකාශ කළ ද , එවැනි ගුවන් යානයක් කටුනායක හෝ මත්තල ගුවන් තොටුපළ වෙත මේ වනතුරු පැමිණ නොමැත .
එහෙත් ඊයේ (28) සවස 6.20 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි චයිනා සදර්න් ගුවන් සේවයේ සී.ඉසෙඩ්.- 3059 දරන ගුවන් යානයෙන් ද , එදිනම රාත්‍රී 9.05 ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් සහ අද (29) දින අලුයම 5.10 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් ද චීනයේ ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 91 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
එම සිසුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කළ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පැවතීම නිසා , ඔවුන්ට තම නිවෙස් වෙත යෑමට කටයුතු සලස්වා තිබේ .
එහෙත් ඔවුන්ට මෙම කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ පහළ වුවහොත් , වහාම ඔවුන්ට ළගම ඇති රෝහල වෙත යන ලෙස එම වෛද්‍යවරුන් එම සිසුන්ට දන්වා තිබේ.
මෙම ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක්වූ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්.
පෙරේරා මහතා මෙසේ පැවසීය . චීනයේ සිට රැගෙන එන ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳව දැනට අනුගමනය කරන ක්‍රමය අසම්පූර්ණ , නිවැරැදි නොවන ක්‍රමයක් .
මෙම සිසුන් කෙලින්ම චීනයේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන ආ යුතු බවත් ,ඉන්පසුව ඔවුන් ගිලන් රථ මගින් දියතලාව රෝහල ආශ්‍රිත රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කළ යුතු බවත් , ඔවුන් එහිදී දින 10 ක් හෝ දින 14 ක් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබිය යුතු බවත් සදහන් කළේය .
එම කාළයෙන් පසුව එම සිසුන් වෙතින් නව කොරෝනා වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් ඔවුන් තම නිවෙස් වෙතත් , එවැනි රෝග ලක්ෂණ ඇති නම් එම සිසුන් අංගොඩ අයි.ඩී.එච්.උණ රෝහල වෙත ගිලන් රථ මගීන් යොමු කළ යුතු බවත් වෛද්‍ය පී.ආර්.පෙරේරා මහතා සදහන් කළේය .
මෙය දඩුවමක් නොවන බවත් , ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වන ඕනෑම වසංගත රෝගයක් නිවාරණය කිරීම සදහා මෙය ඉතාමත් යෝග්‍ය බව ද වෛද්‍ය පී.ආර්.පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළේය.
මීළගට චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානය අද (29) රාත්‍රී 6.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
COMMENTS
ඔව් අපිට ආරංචියි කවුද බේබි කෙනෙකුත් ඒ අතරේ හිටියා කියලා වාසනාවට. නැති නම් අනෙකුත් ළමයින්ට නිවාස අඩස්සියේම නියමිත වෙලා තිබුනේ.
ඔව් ඒ වෛද්‍ය වරයා හරියටම හරි මොලේ කලඳක් හරි තියන කෙනෙකුට ඒක තේරෙනවා මොකද මේ (ncoV ) කියල හඳුන්වන වෛරසයේ බීජාව්ෂන කාලය සති දෙකක් ( ඒ කියන්නේ වෛරස ආසාදනයෙන් සති දෙකකට පස්සේ තමයි රෝග ලක්ෂණ පහල වෙන්නේ (ඩෙංගු වලත් මීට සමානයි ), ඉතින් හරිනම් අර අය සති දෙකක් "නිරෝදායන " කුටි වල තියන්න ඕන ඊට පස්සෙයි රෝග ලක්ෂණ නැතිනම් එලියට දමන්න ඕන . මේ කරන වැඩේ අතිශයින්ම භයානකයි. මොකද වැරදිලාවත් ආසාදිතයෙක් හිටියොත් කම්මුතුයි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ කලින් හිටිය යහපාලන උදවිය වගේ !
මොකද්ද මේ හතර බිරි කතාව , හරිනම් කරන්න ඕන චීනෙන් එන මේ අයව රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර දින 10 ක් හෝ දින 14 ක් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබීම. වුනාට වෙන්නේ ඔවුන්ව ගෙදර ඇරලා කැස්ස උන ආවොත් හොස්පිටල් එන්න කියන එකනේ.
චීනයේ ලංකවට වඩා වෛද්‍ය පහුකම් ගොඩක් හොඳයි ,ඒ වගේ මේ මෙම වෛරසය එකට ප්‍රතිකාර කරන විදිහත් ඒ ගොල්ලෝ දන්නවා , ඉතින් ඇයි මහන්සිවෙලා මේ අයව ලංකාවට ගෙනල්ල රටත් මෙගොල්ලොන්වත් අමරුවේ දාන්නේ ?
වෛරසය පැතිරී ඇති චීනයේ "වූහාන්" නගරයට කිලෝමීටර් 1011 දුරෙන් පිහිටි "සිචුආන්" නගරයේ සිටි සියලුම සිසුන් 50 දෙනාම ගෙන්වා ගැනීමට තමා මුලින්ම කටයුතු කලේ කියලයි කියන්නේ. මොකද හේතුව කියලා බැලින්නම් ආණ්ඩුවේ කට සැර ඇමතිවරයෙකුගේ පුතා ඉගෙනගෙන තියෙන්නේ එහෙලු. ලෙඩේ වැඩිම නගරයේ ඉන්න අය ගෙන්වා ගන්න බැරි වුණාට ඇමතිගේ පුතා ඉන්න නගරයේ අය ගෙන්වා ගන්න අමාරුවක් තිබිල නැහැ එහෙනම්....
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉතා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර තිබෙන අතර වෛරසය ආසාදනය වූ අය 1000 කට අධික ප්‍රමාණයක් වූහාන්හි සිටියදී 50කට අඩු ප්‍රමාණයක් සිචුආන්හි වාර්තාවී තිබූ අවස්ථාවක මුල්වරට ශ්‍රී ලංකාව සිචුආන් සිසුන් ගෙන්වා ගැනීමට උනන්දු විය.
ආවා..ආවා..!!! කොරෝනා ලංකාවට ආවා. ඒ වගේම රට වටේටම බෙදාහැරියා...
මෙම ගෙන්වපු කෙනෙකු හරහා වෛරසය පැතිරුණොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම රජය බාරගන්න ඕනේ...
දැං හරි..! ආයේ කියන්න දෙයක් නැහැ.!
කවුද ඔය කියන කට සැර ඇමතියා? නම කියන්න බැරි කෙනෙක්ද? වැඩි හරියක් ඉන්නේ වාචාල කටවල් වල සැර පෙන්වන එවුන්නේ...
එක ළමයි පිරිසකට ගෙදර යන්න දීලා අනිත් ළමයින්ට දියතලාවේ යන්න කියන්නේ මොකද? හැමෝටම කරන්න ඕනේ එකම පරීක්ෂණය නේද? අනිත් එක වූහාන් වල ඉන්න ළමයින්ට චීනේ එන්න දෙන්නේ නැහැ කියන කතාවත් වැරදියි. වූහාන් වල ඉන්න අනිත් විදේශිකයන් තමන්ගේ රටවලින් ගෙන්න ගෙන තියෙනවා.
චීනයේ ජනතාව වෙලත් චීනයේ වෙනත් පළාත්වලට යන්න දෙන්නේ නැහැ. වසංගතය තියෙන පැත්තේ කට්ටියට... ඒකට ලංකාව එහෙ ඉන්න කට්ටියව ලකුණු ටිකක් දාගන්න හින්දා බලෙන් ගෙන්නන්න හදනවා. කෝටි 2කට වැඩි ජනතාවගේ ජිවිතවලට අවදානමක් දීලා... වෛරස් එක එන්නේ නැතිකම හින්දා හොඳයි. ආවොත් එහෙම අපේ රටේ ජනතාවට යනඑන මන් නැති වෙනවා. කිසිම සැලසුමක් නැහැ. වසංගත රෝග රෝහලම තියෙන්නේ මහා ජනාකීර්ණ ප්‍රදේශයක. එතැනින්ම හිතාගන්න පුළුවන් අපේ තීන්දු තීරණ. කොළඹින් හෝ මත්තලින් බහින සැක පුද්ගලයින්ව දියතලාවට අරන් ගිහින් එහෙදි ලෙඩේ හැදිලා කියලා දැනගත්තොත් නැවත කොළඹට කියන්නේ මහා විහිළුවක්... අපේ කට්ටියට ඕනෑ කොරෝනා බලෙන්ම මෙහෙට ගෙන්නගෙන බෙදා හරින්න වගේ ..
අපිට කොරෝනා හදලා මරන්නද මේ ගොල්ලෝ මෙහෙට එවන්නේ?