IMG-LOGO

ශ්‍රී ලාංකිකයන් 18 ක් ඇමරිකාවෙන් පිටුවහල් කරලා

(ටී.කේ.ජී.කපිල)

ඇමෙරිකා එක්සත් ජනපදයේ වලංගු වීසා කාලය ඉක්මවා තවදුරටත් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු, එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි. මෙම පිරිස ඇමෙරිකාවේ වීසා රෙගුලාසි උල්ලංඝනය කරමින් රැදී සිටියදී, එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබ ඇත. 

වීසා රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් 38 දෙනකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවත්, මෙතෙක් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ 18 දෙනකු පමණක් බවත් ගුවන් තොටුපොළ නිලධාරීහු කියති. කෙසේ වෙතත් අද (21 වැනිදා) පෙරවරුවේදී කළ විමසීමකදීත් ඉතිරි 20 දෙනා ආපසු ශ්‍රී ලංකාවට එවන දිනයක් ගැන නිශ්චිතව කීමට ඔව්හු අපොහොසත් වූහ. 
 
ශ්‍රී ලංකාවට පැමිණි කණ්ඩායම ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට කෙන්යාවේ නයිරෝබි නුවර හරහා, කෙන්යානු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ. කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ඔවුන් මේ වනවිට නීරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.
 
මෙම පිරිස නීරෝධායන වීමෙන් දින 21 කට පසුවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සහ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීහු මෙම 18 දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිති. 



අදහස් (9)

ශ්‍රී ලාංකිකයන් 18 ක් ඇමරිකාවෙන් පිටුවහල් කරලා

kamal Monday, 21 September 2020 07:20 AM

අහසින් පොලවට.

:       8       33

janahitha Monday, 21 September 2020 08:04 AM

එය වැරැදිය.. අපේ මව්බිම ගාම්භීර ලෙස ඉන්න පුළුවන් එකම තැන බව පසක් කර ගනීවි.

:       27       109

badraniMonday, 21 September 2020 08:39 AM

ඇමෙරිකාවට ගිහිල්ලා තියෙනවද?

:       26       39

nirodayana Monday, 21 September 2020 08:05 AM

අපේ රටින් පිටුවහල් කරන්න කෙනෙක් නැතිද? ඇයි ඇමෙරිකානුවන් අපේ රටේ වීසා නැතිව පැලපදියන් වෙන්නේ නැත්තේ?

:       71       12

ranaMonday, 21 September 2020 09:29 AM

අපෝ චීනුන් ඉන්නවා... හැබැයි අපේ ඇයො බයයි. ගතමනාව බකල් උණොත්...

:       1       6

janabala asamagi Monday, 21 September 2020 08:07 AM

පෙට්ටි වල දාලාද අපේ අය එවන්නේ..? හරිම කැත වැඩ අප්පා.

:       156       2

ලුම්බිණි Monday, 21 September 2020 08:57 AM

ඇමරිකාවේ ඉඳලා ආපු අය අද මේ රටේ කරන දේවල් දැක්කාම මේක මොකද්ද?

:       65       91

Prabha Monday, 21 September 2020 12:09 PM

මේ ඇමෙරිකාවට, එංගලන්තයට බනින අයගෙන් කී දෙනෙක් යන්න ලැබුණොත් නොයා ඉඳීද?

:       1       15

Prasad Monday, 21 September 2020 01:14 PM

ඇමෙරිකාව හිතන් ඉන්නේ තාම හිටන් ඉන්නවා කියලා. අපේ සර්ට තදවුණොත් පුරවැසිකමත් අතහරීවී..

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2132 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 659 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 737 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site