IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෝදාගොඩත් රිෂාඩ්ගේ පෙත්සම් විභාගයෙන් ඉවත් වෙයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන  රැදවුම් නියෝග යටතේ රදවාතබා සිටින තමන් වහාම  මුදාහැරීමට නියෝගය කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ   සොහොයුරු  රියාජ්  බදියුදීන් යන මහත්වරු ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම්  සලකා  බැලීමෙන්  ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු  යසන්ත කෝදාගොඩ ඉවත් වන බව අද දැනුම් දුන්නේය.

ඒ  බව  ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු  යසන්ත කෝදාගොඩ   මහතා අද (04) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

පෞද්ගලික හේතුන් මත තමා මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත්වන බවද විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , එස්.තුරේරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී  විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ බව සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම් සලකා බැලීම ලබන 11 වැනිදා තෙක් කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය .

මෙම පෙත්සම් ඉකුත් 28 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්  හමුවේ කැදවූ අවස්ථාවේදී එහි විනිසුරු සාමාජික ජනක් ද සිල්වා මහතා ද පෞද්ගලික හේතුන් මත මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූයේය.

 



අදහස් (5)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෝදාගොඩත් රිෂාඩ්ගේ පෙත්සම් විභාගයෙන් ඉවත් වෙයි

beau Friday, 04 June 2021 09:53 AM

මේ හුඟාක් නඩු කාරයෝ මේ හොරුන් එක්ක භජන පවත්වාගෙන ගියා ඒ වගේ... ඒක තමයි මේ ත්‍රස්තයින් දෙන්නා මෙපමණ උඩඟුවෙන් නටන්නේ...!!!

:       31       23

Rata Perata Friday, 04 June 2021 03:25 PM

නන්දසේන ජවනිකා 02 පටන් අරගෙන වගේ...

:       0       10

BamunuarachchiSunday, 06 June 2021 10:50 AM

අපි රනිල් ජවනිකා දැක්කා. එ් ගොල්ලන්ගේ හොඳම ජවනිකාව තමයි පාස්කු ප්‍රහාර ගැන සෙවූ කාරක සභාව. හොරාගේ තාත්තලාගෙන් නියමෙට පේන ඇසුවා. හොරෙකුගේ තාත්තාට මන්ත්‍රී කමක් දෙන්න ගිය පක්ෂෙක කෙනෙකුත් පාස්කු හොරු අල්ලන්න ඇවිත් හිටියා. නියමයි නේද?

:       1       0

Sri Lanka Friday, 04 June 2021 04:10 PM

අයියා බයවෙන්න එපා.. ළඟදීම එළියට ගන්නවා....

:       1       3

Legal Friday, 04 June 2021 06:01 PM

රිෂාඩ්ට කළ නොහැක්කක් නොමැත...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 87 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site