(නාලක සංජීව දහනායක සහ නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කළ යුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (11) රාත‍්‍රී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී ස්ථාවර රජයක් පත්වූ පසුව පැවැති රජයේ වංචා දුෂණ සෙවීම සඳහා කොමිෂන් සභා පත්කීරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලංකාදීපයට පැවැසීය.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ නිලධාරීන්ට හිටපු අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් බාධා එල්ලවූ බැවින් එම පරීක්‍ෂණ නිසිලෙස සිදුනොවූ බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. එහෙත් සිදුවූ දේශපාලන වෙනසත් සමඟ බැදුම්කර වංචාව සම්බන්ධ පරීක්‍ෂණ ස්වාධීනව නිසිලෙස සිදු කෙරන බවද ජනාධිපතිවරයා පැවැසූ බව එම මන්ත‍්‍රීවරයා කීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) රැස්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොදු ලකුණකින් මැතිවරණයට තරඟ කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී මන්ත‍්‍රීවරුන් අදහස් දක්වා ඇත. එහිදී දෙපාර්ශ්වයටම එකඟවිය හැකි පොදු ලකුණක් තෝරාගැනීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පවසා ඇත.
මේ අතර උත්සව සමයේදී ප‍්‍රමාදයකින් තොරව රාජ්‍ය සේවකයන්ට ප‍්‍රසාද දීමනා ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට දැනුම්දුන් බවද මන්ත‍්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නවා කෙර්වාවේ තරම... පව්නොදී අකුලාගෙන ගියා නම් තමයි සැප..
දවස් හත ඉවරයි නේද? එ්ත් ප්‍රශ්නය ඔඩු ගිහිල්ලා. දැන් කතාව කලින් අඹ යාළුවන් වෙලා හිටිය කට්ටිය හිරේ යවන එක ගැන මිස අවීචි මහ නරකාදියට ගිහිල්ලා හිරේ යවනවා... කියලා කිව්ව කට්ටිය ගැන නෙවේ.
ඔව් ඔව් ඔබ ගෙදර යා යුතුයි.
මෙතුමාටද පිස්සු? මටද පිස්සු කියලා හිතාගන්න බැහැ... වෙලාවකට මේවා කියවනකොට...
මේක ඉතා වැදගත් තත්වයක්... විධායක ජනාධිපති ධුරයේ ඇති අතිභයානක තත්වය පිළිබඳව හොඳින් තේරුම් ගැනීම, හඳුනා ගැනීම ජනතාවට මෙය ඉතා කදිම අවස්ථාවක්... නිසි පිළිතුරකට ජනතාව පෙළගැසීමේ යුගය මෙයින් ඇරඹීම මේ කදිම හෝරාවයි...
මේ කියන දේවල් මෙයාට මතක උනාට ජනතාවට මතකයි ,
ඒවා බලමු ඒ වෙලාවට .. එතකොට ඔහෙට ඔය පදවියේ ඉන්න වෙයිද කියන්න බැහැනේ ?බැඳුම් කරේට පෙර අර 2015 දී අල්ලනවා කියපු හොරුටික අල්ලන්න ඕනේ .......
අපොයි ඔව්...... නීතිය කෙසේ කීවත් බලහත්කාරයෙන් හරි බලය රැකගන්න ඕනේ.... ප්‍රජාත්න්ත්‍රවාදය වගේද පල් හොරු එක්ක දීග කන එක..... එකම ජාතියේ අයනේ එක් වෙන්නේ.... මේ රට විනාශ කරා...
එතකොට කලින් කෑගහපු නඩු ඉවරද මහත්තයෝ.
මෙන්න මෙයා හොරු අල්ලන්න යනවලු. මුලින් තමන් ඔය පුටුවට ගෙනාපු මිනිස්සුන්ට දුන්නු පොරොන්දු ඉටු කලොත් නරකද?
මොලේ පරික්ෂා කිරීම ඉක්මනින්ම නොකලොත් ලොකු අමාරුවක වැටෙනවා සාමාන්‍ය ජනයා වන අපි ඔක්කොම...............
කිසිම දෙයක් නොකර නිකම්ම වැටුප් ගන්න රජයේ කට්ටියට මස ගානකට වත් නවත්තල දායි වගේ . කමක් නැහැ රජතුමාගේ සතුට වෙනුවෙන්නේ
ඔබතුමා ආපහු හැරී වේගයෙන් ඉදිරියට යන බවයි............පේන්නේ!
මුඛයෙන් හා අධෝමුඛයෙන් කතාකිරීම.
ඉදිරියට නෙමේ ගෙදර යා යුතුයි....
මෙයා බබා. මුකුත්ම කරල නැහැ වගේ කතාව.
කරන හැම දේම කරලා තව බයිලා ගහනවා...
මේ වගේ පුද්ගලයෙකු රටේ නායකත්වයට පත්කරවාගන්න යෝජනා කලේ කව්ද ?
මොකද මේ තරම් නඩු තීන්දුව ගැනම කියවන්නේ. නීතිය ගැන අධිකරණය ගැන සමහර දෙනාගේ කිසි ගෞරවයක් නැති පාටයි පෙනෙන්නට තිබෙන්නේ. තම පක්ෂයේ වැඩ වලදී නඩු තීන්දුව ගැන කතා නොකොට ඉන්නවානම් කොතරම් ශිෂ්ට සම්පන්නද ? පැවති රජයේ ඒවා විතරද පෙන්නේ.ඊට පෙර රජයේ කප්පරක් වැරදි වලට කොමිසම් දැමීමක් ගැන අදහසක් නැත්තේ ඇයි ? බැඳුම්කරය ගැන විතරක් කතා කලත්,තමන් ළඟම හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ වැඩ ගැන අල්ලනකම්ම නොදැන සිටියේ මන්ද ? තාජුදීන් ,ලසන්ත, එක්නැලිගොඩ ඝාතන හා තවත් බොහෝ දේට සම්බන්ධකම් ඇති අයට කිසිම හිරිකිතියක් නැතිව පාලන බලය දුන්නාට කොමිසම් කීයක් දැම්මත් මදි නේද ? මේ අය කියවන්නේ මොන කටින්ද ?
මොන වැරදි තිබුණත් සුනකය කාලෙකට පස්සේ පරණ හාම්පුතා දැක්කම වලිගෙ වන වන පස්සෙන් යනවනේ ? බලු වලිගෙ ඇද අරින්න බැහැ කියල පැරැන්නෝ කිවේ කටකහනවට නොවේනේ ?
ඉඩියමීන්වත් ඉක්මවා යා හැකියි.
ලොස් ඇන්ජලීස් මේවගේ පුද්ගලයින් රටේ නායකත්වයට තෝරාගත්තේ එල්ලෙන්න වැලක් හොයාගන්න බැරිව සිටි 30 වතාවක් පැරදුණු එජාපයින්. පුලුවනි නම් මේ සැරෙත් මහජන ඡන්දෙකට ඇවිත් බලන්න.
බමුණුආරච්චි කඩේ යන්නේ රෙදි ඇඳගෙනද? අද පොළොන්නරුවට යන්නත් බැහැ..
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබී ස්ථාවර රජයක් පත්වූ පසුව පැවති රජයේ වංචා දූෂණ සෙවීම ගැන කතා කරන්නේ මෙතුමා තමාට වාසිදායක තීන්දුවක් ලැබෙන බව දැනගෙනද යන්නත්, නැතිනම්, ව්‍යවස්ථා විරෝධී ක්‍රියා ගැන අවනඩුව අධිකරණය වෙත යොමුකිරීමෙන් පසු බොහෝ දෙනෙකුගෙන් පලවූ අදහස් සඵල කරමින්, එවැනි තීන්දුවක් ලබාගැනීම සඳහා ගරුඅධිකරණය වෙත යම් බලපෑම් සිදුකැර ඇති අය යන්න ගැන සාධාරණ සැකයක් ඇතිවේ. මේ උත්සව සමයේ ප්‍රමාදයකින් තොරව රජයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීමටත් කටයුතු කරන බව කියන්නේ අර පදනමේ සිට, ෂුවර් එකටම මහා මැතිවරණයක් එනවාය කියන ස්ථාවරයේ සිට කල්තියා රජයේ සේවකයාට, කලින් පුරුදු විදිහට, පගාවක්, අල්ලසක් (කලින් යතුරු පැදි හා යම් යම් දීමනා , සහනයන් වගේ) දෙන්නද මේ සූදානම කියලා සැකයකුත් ඇතිවේ.
බුද්ධිමත් කමක් නැති උනාම මේක තමයි වෙන්නේ.