(කටුනායක ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේදී පැවති ශ්‍රව්‍යාබාධිතයන් සඳහා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිය මව්බිම වෙත පැමිණියේය.
මෙම කණ්ඩායම පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු මෙන්ම ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත සංගම් වල නිලධාරීහු සහ එම ක්‍රීඩකයින්ගේ දෙමාපිය නෑදෑ හිතවත්හු විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
ජයග්‍රාහී ක්‍රීඩකයින් සහ එම කණ්ඩායමේ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මල් මාල පළඳවමින් ඉතා උසස් ආකාරයට පිළිගනු ලැබිණ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුභ පැතුම්....
උණුසුම් සුභ පැතුම්...!!!
දරුවනේ නුඹලාට හදවතින්ම උණුසුම් සුබපැතුම් !!! ශරීරවල කිසිඳු අඩුවක් නැති අපේ අනිත් කණ්ඩායමට මෙය ඇස ගැටේවා...!!!