IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ශ්‍රීලනිප 70 වැනි සංවත්සර සැමරුම සූම් තාක්ෂණයෙන්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 70 වැනි සංවත්සරය ලබන මස 2 වැනිදාට යෙදී ඇති අතර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එය සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කළ බව එම පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පක්‍ෂයේ 70 වැනි සංවත්සරය උත්කර්ෂවත්ව පැවැත්වීමට තීරණය කර තිබුණත් පවතින තත්වය අනුව එසේ කළ නොහැකි බව ද මහලේකම්වරයා සඳහන් කළේය.

රට පුරා සිටින පක්‍ෂ සංවිධායකවරු, මන්ත්‍රීවරු සහ පාක්‍ෂිකයින් සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ එම සැමරුම පවත්වන බව ද ජයසේකර මහතා කීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මීට අමතරව රට තුළ පවතින රුධිර හිඟයට විසඳුමක් ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානයට රුධිරය පයින්ට් 10,000ක් ලබාදීමේ වැඩසටහනක් ද පක්‍ෂ සංවත්සරයට සමගාමීව සංවිධානය කර ඇතැයි ජයසේක මහතා පැවසීය

ඒ අනුව අනිද්දා (20) සිට ලබන 1 වැනිදා දක්වා රුධිර බැංකුවේ ජංගම රථ හා පක්‍ෂයේ 10,000කට අධික පිරිසක් සහභාගී කරගෙන දැවැන්ත ලේ දන්දීමක් කරන්න සිදුකරන බව ද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (0)

ශ්‍රීලනිප 70 වැනි සංවත්සර සැමරුම සූම් තාක්ෂණයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 290 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site