IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට සංදේශයක්

(අජන්ත කුමාර අගලකඩ)

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා වෙත අද (06) පස්වරුවේ විශේෂ සංදේශයක් බාර දුන්හ.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා වෙත මෙම විශේෂ සංදේශය බාරදී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමඟ පුළුල් ප්‍රගතිශීලි සන්ධානයකට එළැඹෙන්නැයිද එහි නායකත්වය ගන්නැයිද ඔවුන් සිය සංදේශය මගින් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, ආචාර්ය සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල, මොහාන්ලාල් ග්‍රේරු, ශාන්ත බණ්ඩාර සහ ශ්‍රීයානි විජේවික්‍රම යන මන්ත්‍රීවරු සංදේශය බාරදීමේ අවස්ථාවට එක්වූහ.

(ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය)

 



අදහස් (18)

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට සංදේශයක්

Raveendra Thursday, 06 June 2019 12:42 PM

අනේද කියන්නේ .

:       0       70

Rata Perata Thursday, 06 June 2019 12:49 PM

සංදර්ශන.

:       0       157

sam Thursday, 06 June 2019 12:51 PM

ජය නියතයි.

:       1052       1

BamunuarachchiThursday, 06 June 2019 11:33 PM

අපි නම් හිතන්නෙවත් නැත.

:       0       30

BamunuarachchiFriday, 07 June 2019 06:24 AM

ඡන්දය දෙන්න.....

:       0       26

de Thursday, 06 June 2019 01:29 PM

රට ඉතා බැරෑරුම් තැනක තියෙන්නේ. කරනදෙයක් හොදට හිතල කරන්න.

:       35       0

mara Thursday, 06 June 2019 02:46 PM

අපිට ඕනි අලුත් උගත් බුද්දිමත් අයයි.

:       0       133

BamunuarachchiThursday, 06 June 2019 11:28 PM

දේශපාලය ගැන දැනුමක් අවශ්‍ය නැද්ද?

:       35       47

Thilak Ranjan Thursday, 06 June 2019 03:18 PM

අනේ මේ අවුරුදු කීපය තුල එතුමා රටට කල සේවය වගේම ලබා දුන් දියුණුව අනුව අනිවාර්යෙන්ම එතුමා දිනනවාමයි.

:       313       35

BamunuarachchiThursday, 06 June 2019 11:37 PM

දැන් අපි ඉන්නේ දියුණුවේ ඉහලම හිනිපෙත්තේ නේද? අවුරුදු 4 කදී මෙහෙම දියුණුවක් ලෝකේ කොහෙවත් සිදුවී නැත.

:       0       29

saliya Friday, 07 June 2019 06:20 AM

කෝ අර ලැයිස්තුවෙන් පත් කල එස් බී, ඩිලාන්, ඇමතිකම් දුන්න සුසිල්, ලක්ෂ්මන්, යාපා ?

:       0       0

de silva Friday, 07 June 2019 06:46 AM

ඉදිරිපත් වුනත් දිනන්න පුලුවන්ද ?ඡන්ද ලක්ෂ 2-3 වත් ගන්න බැරුව ඔබතුමා කොහොමද දිනන්නේ ? ගියවර තිබුණ නගර සභා ඡන්දෙ ප්‍රතිඵල දැක්කනේ , දැන් එම ඡන්ද වලිනුත් 70% විතර අඩුවෙලා , ඔතන පින්තුරේ ඉන්න පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් , 2015 දී ඡන්දෙදි වැඩ කලේ ඔබට විරුද්ධව , මේපාරත් ඔබට ලණුවක් දීල ඔබව දේශපාලන ඉතිහාසයේ කුණු බක්කියේ පතුලටම දමන්න ඔය ලැහැස්තිවෙන්නේ , නුවනක්කාරම වැඩේ 2019 අවසන්භාගයේ දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම ගන්න එක .

:       0       27

Silva Friday, 07 June 2019 07:06 AM

ආයෙත් දින්නොත් සිරිසේන ලොක්කා මුළු රටටම වයධම්මා සංඛාරා.

:       0       32

banda Friday, 07 June 2019 08:13 AM

සිරිසේන ලක්ෂ 4, ජ වී .පෙ ලක්ෂ 5 , නාගාන්නද ලක්ෂ 2 , තව ඉන්න පොදු අපේක්ෂකයෝ තවත් ලක්ෂ 2 ක් ගත්තම රනිල් ජනපති .

:       0       50

Nimal Friday, 07 June 2019 08:30 AM

මොන්ටිසෝරි ළමයින්ට මීට වඩා හොඳ නාට්‍ය පිටපත් රචනා කරන්න පිළිවනි...

:       0       2

silva Friday, 07 June 2019 08:34 AM

මේ ඔක්කොම පසුගිය ඡන්දවලින් ජනතාව ප්‍රතික්‍ෂ්ප කළ අය... මොවුන්ට ඕනේ කාගේ හරි පිහිටෙන් සැමදා බලයේ ඉන්න...

:       0       4

Bamunuarachchi Friday, 07 June 2019 04:40 PM

ඡන්දය පටන් ගන්නකොටම මෙයාලා පොහොට්ටුවේ... මෙන්න කැට.

:       0       0

BamunuarachchiSaturday, 08 June 2019 05:49 AM

දැන් මෙහෙම වුණාට... සිරාට ඉතිරි වන්නේ ලණුවක් පමණයි. එ්කත් මොවුන්ගෙන් ලැබුනොත් දිරච්ච එකක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31360 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13575 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11009 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 980 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site