(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා වෙත අද (06) පස්වරුවේ විශේෂ සංදේශයක් බාර දුන්හ.
ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා වෙත මෙම විශේෂ සංදේශය බාරදී ඇත.
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමඟ පුළුල් ප්‍රගතිශීලි සන්ධානයකට එළැඹෙන්නැයිද එහි නායකත්වය ගන්නැයිද ඔවුන් සිය සංදේශය මගින් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, ආචාර්ය සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල, මොහාන්ලාල් ග්‍රේරු, ශාන්ත බණ්ඩාර සහ ශ්‍රීයානි විජේවික්‍රම යන මන්ත්‍රීවරු සංදේශය බාරදීමේ අවස්ථාවට එක්වූහ.
(ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය)

COMMENTS
අනේද කියන්නේ .
සංදර්ශන.
ජය නියතයි.
රට ඉතා බැරෑරුම් තැනක තියෙන්නේ. කරනදෙයක් හොදට හිතල කරන්න.
අපිට ඕනි අලුත් උගත් බුද්දිමත් අයයි.
අනේ මේ අවුරුදු කීපය තුල එතුමා රටට කල සේවය වගේම ලබා දුන් දියුණුව අනුව අනිවාර්යෙන්ම එතුමා දිනනවාමයි.
කෝ අර ලැයිස්තුවෙන් පත් කල එස් බී, ඩිලාන්, ඇමතිකම් දුන්න සුසිල්, ලක්ෂ්මන්, යාපා ?
ඉදිරිපත් වුනත් දිනන්න පුලුවන්ද ?ඡන්ද ලක්ෂ 2-3 වත් ගන්න බැරුව ඔබතුමා කොහොමද දිනන්නේ ? ගියවර තිබුණ නගර සභා ඡන්දෙ ප්‍රතිඵල දැක්කනේ , දැන් එම ඡන්ද වලිනුත් 70% විතර අඩුවෙලා , ඔතන පින්තුරේ ඉන්න පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් , 2015 දී ඡන්දෙදි වැඩ කලේ ඔබට විරුද්ධව , මේපාරත් ඔබට ලණුවක් දීල ඔබව දේශපාලන ඉතිහාසයේ කුණු බක්කියේ පතුලටම දමන්න ඔය ලැහැස්තිවෙන්නේ , නුවනක්කාරම වැඩේ 2019 අවසන්භාගයේ දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම ගන්න එක .
ආයෙත් දින්නොත් සිරිසේන ලොක්කා මුළු රටටම වයධම්මා සංඛාරා.
සිරිසේන ලක්ෂ 4, ජ වී .පෙ ලක්ෂ 5 , නාගාන්නද ලක්ෂ 2 , තව ඉන්න පොදු අපේක්ෂකයෝ තවත් ලක්ෂ 2 ක් ගත්තම රනිල් ජනපති .
මොන්ටිසෝරි ළමයින්ට මීට වඩා හොඳ නාට්‍ය පිටපත් රචනා කරන්න පිළිවනි...
මේ ඔක්කොම පසුගිය ඡන්දවලින් ජනතාව ප්‍රතික්‍ෂ්ප කළ අය... මොවුන්ට ඕනේ කාගේ හරි පිහිටෙන් සැමදා බලයේ ඉන්න...
ඡන්දය පටන් ගන්නකොටම මෙයාලා පොහොට්ටුවේ... මෙන්න කැට.