(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක් වූ ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් 20 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
එම පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටද මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ අද (16) රාත්‍රී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමටත් තුනෙන් දෙකක බහුතර බලයකින් යුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශක්තිය ලබාදීමටත් එහිදී තීරණය කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.