(විනීතා එම් ගමගේ)
ආණ්ඩුවේ මැති ඇමතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 24 දෙනා එක්සත් ජාතික පක්ෂය හදන ආණ්ඩුවකට කිසිසේත්ම එක් නොවන බව ස්ථිර යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මෙය රට ගැන ප්‍රශ්නයක් යැයි කී අමාත්‍යවරයා රට අස්ථාවර වීමට ඉඩ නොතැබීම තම කණ්ඩායමේ මතය යැයි පැවසීය. හිටි හැටියේ ඉවත්ව ගිය 16 දෙනා යැයි කියූ දැන් 15 දෙනාගේ කණ්ඩායමට සිදුව ඇත්තේ කුමක්දැයි විමසිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.
ඉරිදා පත්තර බැලූ විට ආණ්ඩුව පසුදාම පෙරළෙනු ඇතැයි සිතෙන නමුත් එලෙසින් ආණ්ඩු පෙරළන්නට හැකියාවක් ඇත්දැයි තමන් නොදන්නා බව අමරවීර මහතා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සාදාගන්නට තමන් ද කැමති අතර එය කළ යුතු විධිමත් ක්‍රමයක් පවතින්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට තබා එක්සත් ජාතික පක්ෂයටත් තනිව ආණ්ඩුවක් හැදිය නොහැකි යැයි කී අමාත්‍යවරයා මේ යථාර්ථය සියලු දෙනා වටහා ගත යුතු යැයි ද ඔහු පැවසීය.
පළාත් පාලන ඡන්දය පැවැත්වූ නව ක්‍රමයේ යම් යම් අඩුපාඩු පැවතියත් මනාප වලින් තොරව කටයුතු කරන්නට ලැබීම හා කාන්තාවන් විශාල පිරිසකට එහි අවස්ථාව ලැබීම යන කරුණු එහි ප්‍රයෝජන යැයි අමරවීර මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්, කාන්තා නියෝජිතවරියන්ට ඡන්දය දෙන්නට අකමැති බව පෙනෙතියි කී ඇමති අමරවීර එම තත්ත්වය වෙනස් කිරීමට කාන්තා නියෝජිතවරියන් පියවර ගත යුතු බව ද සඳහන් කළේය.
ඉදිරි පළාත් සභා මැතිවරණයේදීත් මේ ආකාරයෙන්ම කාන්තාවන්ට වැඩි අවස්ථා ලැබෙන පරිදි කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අද පළාත් පාලන ආයතනවල දකින මුහුණු පාර්ලිමේන්තු මැතිවරණයකදී ද දක්නට හැකි වේවායි තමා සිතන බවත් අමරවීර මහතා තවදුරටත් පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය විසින් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරියන් වෙනුවෙන් සංවිධානය කොට තිබූ වැඩමුළුවක් අමතමිනි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සහයෝගයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලනිපයේ 24 දෙනා එජාපය හදන ආණ්ඩුවකට එක් වෙන්නේ නෑ - මහින්ද අමරවීර
Kumar Tuesday, 23 October 2018 01:02 PM
එතකොට දැන් හදාගෙන ඇමැතිකම් අරගෙන ඉන්නේ...
OMG Tuesday, 23 October 2018 01:46 PM
කවුරු කොහොම කිව්වත් ලොකු කුට්ටි දෙනකොට විලිබිය විකුණලා පැති මාරු කරනවා... අපි දන්නේ නැත්ද බල්ලාවත් යන්නේ නැහැ කියලා බල්ලව තියලා හාම්පුතා මාරුවෙච්ච හැටි හා අප්පච්චි මැරුණා කියලා අනිත් පැත්තට කරක් ගැහුව හැටි... මේවා ලංකාවේ දේශපාලනයේ ටොයිස් වැඩ...
1sumith Tuesday, 23 October 2018 03:18 PM
කවද්ද මෙරට සංවර්ධනය කරන්නේ? අනේ මන්දා මෙහෙමත් රටක්...
benat Tuesday, 23 October 2018 03:48 PM
දැන් එතකොට ඔය මොන ආණ්ඩුවට එකතුවෙලාද කටු කන්නේ?