
(ඩයනා උදයංගනී)
හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට පිං පැමිණවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සංවිධානය කළ ආගමික වැඩසටහනක් එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.
හිටපු ජනාධිපතිවරයා ඇතුළු පක්‍ෂ නියෝජිතයෝ පළමුව බෝධීන් වහන්සේ අභියස මල් පහන් පූජා කර අනතුරුව බෝධීන් වහන්සේ වෙත චීවරයක් ද පූජා කළහ.
අනතුරුව ආගමික වතාවත් සිදුකර පැන්වඩා මංගල සමරවීර මහතාට පිං පැමිණවීම සිදුකළහ.
ගංගාරාම විහාරාධිකාරී, ආචාර්ය කිරින්දේ අස්සජි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා සයනමක් මෙම ආගමික වතාවත් මෙහෙයවූ අතර පිංකම අවසානයේ දී උන් වහන්සේලා වෙත පිරිකර පූජා කිරීම ද සිදුකෙරිණි.
මංගල සමරවීර මහතාට පිං පැමිණවීමේ කටයුතුවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් මෙන්ම ඇසුරු කළ අවංක මිත්‍රයෙක් වන මංගල සමරවීර මහතාට පිං පැමිණවීම වෙනුවෙන් මෙම පිංකම සංවිධානය කළ බවයි.
තමාගේ දැක්ම, දර්ශනය තුළ තමන් විසින් කිව යුතු දේ නොබියව ප්‍රකාශ කළ අයකු වන මංගල සමරවීර මහතා පිළිබඳ නොයෙක් විවේචන හොඳ නරක තිබුණත් ඔහු ඍජු ලෙස තම මතය ප්‍රකාශ කළ දේශපාලනඥයෙක් බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
දූෂිතයෙක් නොවන එතුමා වැනි රටට අවශ්‍ය දේශපාලනඥයකු අහිමිවීම ගැන අප ඔහුගේ හිතවතුන් ලෙස මෙන්ම පක්‍ෂයක් ලෙස ද කණගාටු වන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ
ඡායාරූප - ශාන්ත රත්නායක








COMMENTS
දැන් පින් දෙනවා ගිහින්...
මේ වගේම තවත් හොඳ කෙනෙක් ඉන්නවා නිතර ඇස් පිල්ලන් ගහනවා.
නිවන්සුව ලැබේවා.!
ඕවා කරලා දැන් මිනිස්සු රවට්ටන්න බෑ හිටං.. හදුනාගන්න.... මේ තමා රටේ ඉන්න ජරාම කුහකයෝ සෙට් එක
මේ වෙලාවේ පරිස්සම් විය යුතුයි.
පුටු උඩ ඉඳගෙන මතක වස්ත්‍ර පුජා කිරීම ...ලැජ්ජයි ... (පක්ෂ විපක්ෂ සියලු දෙනාම ඕක කරනවා )