IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘ශ්‍රීලනිපය ජයග්‍රාහී මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙළක් හදනවා’


 
(නිමල කොඩිතුවක්කු)
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රාහී මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක‍්‍රියාත්මක කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා කොළඹදී පැවැසීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම මගින් රට ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමරවීර මහතා සඳහන් කළේය.
කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මහින්ද අමරවීර මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා වන www.mahindaamarawera.lk යන වෙබ් අඩවිය විවෘත කිරිමද එහිදී සිදුකෙරිණ. 
‘‘ඉසුරින් පිරි හෙටක් සතුටින් පිරි රටක්’’ තේමාවෙන් මෙම වැඩපිලිවෙළ ක‍්‍රියාත්මක වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා මෙසේද කීය.
 ‘‘අපි මේ  වැඩසටහන ‘‘වෙනසකට’’  තේමාවෙන් කරගෙන යනවා. මේක දේශපාලන වෙනසක් වෙන්න පුලූවන. නමුත්  පක්ෂ වෙනසක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  අතහැරලා  එක්සත් ජාතික පක්ෂයට හෝ තවත් පක්ෂයට  යාමේ අදහසින් නෙමෙයි අපි මේ වචනය පාවිච්චි කරන්නේ.
අපි කරගෙන ගිය වැඩපිළිවෙල විරුද්ධ පක්ෂයට ඇවිත් විවේචනය කරමින් සිටිනවනම්,  අතපසු වෙලා කඩා වැටෙනකම් ඉන්නවනම්,  ඇමැතිවරයා ඇන ගන්කම් ඉන්නවම් ඒකෙන් රටට සෙතක් වෙන්නේ නැහැ.  එහෙම  නැතුව  රට වෙනුවෙන් කටයුතු කරනවද කියලා අපි කල්පනා කළ යුතුයි.
අපිට වැඩකරන්න තනතුරු,  ඇමැතිකම්  අත්‍යවශ්‍යම නැහැ. ඒවා නැති වුනත් අපි රට වෙනුවෙන් වැඩ කළ යුතුයි.



අදහස් (0)

‘ශ්‍රීලනිපය ජයග්‍රාහී මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙළක් හදනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 173 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 376 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 161 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site