IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂක කවුදැයි තවම තීරණයක් නෑ‘

(ඩයනා උදයංගනී)
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව ඉදිරියේදී ගොඩනගන පුළුල් දේශපාලන සන්ධානයෙන් ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නැතැයි එම පක්‍ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.
 
වෙනත් දේශපාලන පක්‍ෂ මෙන් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමට ඉක්මන් වී සතුරන්ගේ උපක‍්‍රමවලට ගොදුරුවීමට තම කණ්ඩායම සූදානම් නැතැයි ද මහ ලේකම්වරයා  සඳහන් කළේය.
 
ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නිසි වේලාවේදී ඉදිරිපත් කරන බව කී මහාචාර්යවරයා ඉතා දැවැන්ත පෙරමුණක් යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද කීවේය.
 
එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවෙකුත් ආණ්ඩු පක්‍ෂය සමඟ එක්නොවන බව කීි මහලේකම්වරයා ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පුළුල් සන්ධානයක් ගොඩනගන විට එක්සත් ජාතික පක්‍ෂයේ සිටින අය ද පක්‍ෂය අතහැර එම සන්ධානය හා එක්වනු ඇතැයි සඳහන් කළේය.
 
පසුගිය දිනවල ආණ්ඩුවට එක්වූ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනා මේ වන විට තමන් ගත් තීරණය ගැන පසුතැවෙන බව පක්‍ෂයේ සෙසු අය සමඟ ප‍්‍රකාශ කර ඇතැයි ද මහලේකම්වරයා ප‍්‍රකාශ කළේය.
 
මහාචාර්යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (24)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (12)

‘ ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂක කවුදැයි තවම තීරණයක් නෑ‘

sirimal Monday, 24 December 2018 01:47 PM

ඒ වුනාට අපිනම් දන්නවා එයා අනිවාර්යයෙන්ම රාජපක්ෂ කෙනෙක් බව.

:       33       62

shan saudi Monday, 24 December 2018 01:57 PM

කවුරු දැම්මත් එකයි

:       119       183

පිටිගල මිලානෝ Monday, 24 December 2018 04:26 PM

නායකයා කවුරු වුනත් කමක් නැහැ විසිවන සංශෝධනයෙන් රටට විය හැකි අහේනිය ජනතාවට කියා දෙන්න.

:       261       111

NishTuesday, 25 December 2018 02:02 AM

අනේ මේ ඔයා... දන්නවා නම් කියලා දෙන්නකෝ..

:       0       0

RatawasitekTuesday, 25 December 2018 05:31 AM

19ත් එපා. 20ත් එපා. මනාප ක්‍රමයත් එපා. තිබුණු පරණ ක්‍රමය හොඳයි.

:       0       0

සනත් Monday, 24 December 2018 06:02 PM

බලයේ ඉන්න ජනාධිපතිට තමයි උපරිම රාජ්‍ය බලය යොදවලා ජනාධිපතිවරණය දිනන්න හැකියාව තියෙන්නේ.

:       0       0

sam Monday, 24 December 2018 08:48 PM

අපේක්ෂකයින්ගේ නම් කියන්නේ නැතිව ඉන්න තරමට හොඳයි. එහෙම නැතිව අර ශ්‍රීලනිප මහා සභාවේදී වගේ ඔබතුමාට වැරදි නමක් එහෙම කියවුනොත් අලි ජංජාලයක් වෙනවා.

:       0       0

ajith Tuesday, 25 December 2018 01:55 AM

ස්ථිර වශයෙන්ම රාජපක්ෂ කෙනෙක් තමයි එන්නේ. ඒවගේම ස්ථිර වශයෙන්ම පරදිනවා .

:       0       1

rocky Tuesday, 25 December 2018 02:24 AM

ගම්මන්පිල මහත්තයව දැම්මොත් ෆේවරීට් අස්පය.. ෂුවර් වින් ! වන් හෝස් රේස්! විමලේ සමහර විට ප්ලේස් ගහයි. වාසුට තුන්වෙනි තැන. අප්ෂේට් අස්පයා ගැහුවොත් පීරිස්!

:       0       2

rohana kumara mendis Tuesday, 25 December 2018 10:44 AM

කාව දැම්මත් අන්ත පරාදයි එකයි ඇත්ත.........

:       0       1

Prof. Dr. Edward Perera Wednesday, 26 December 2018 07:30 AM

රටට අවශ්‍ය වන්නේ පාලකයෙක් නොව නායකයෙක්... පාලකයින් අපට ඕනේ තරම් හිටියා පාලකයාගේ භූමිකාව මොකක්ද කියලාවත් හඳුනාගත්තේ නැති. නායකත්ව ලක්ෂණ නොමැති පාලකයෙකුට නායකත්වය හිමිවූ විට ඔහු හෝ ඇය සිතන්නේ ඥාති සංග්‍රහය හෝ හිතවතුන්ට සැලකීම තමාගෙන් ඉටුවිය යුතු ප්‍රධානම රාජකාරිය කියයි. ඉනික්බිතිව තමුන්ගේ එකෙකුට හානි පැමිණවීමට යමෙක් මාන බලන්නේද ඒකා සදහටම නිහඬ කිරීමද පාලකයා සතු වගකීමක් ලෙස සැළකූ යුගද අප විසින් පසු කළ බව අමතක නොකළ යුතුයි.

:       0       16

Nandalal DE SILVA - France Wednesday, 26 December 2018 01:26 PM

පහුගිය දිනක කවුදෝ මෙහෙම කතාවකුත් කියලා තිබුණලු. "පොල් ලෙල්ලක්" ජනපති අපේක්ෂක හැටියට දැම්මත් දිනනවා කියලා! ඉතින් මොකද එහෙම නොකරන්නේ?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31315 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13523 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 938 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site