(හර්ෂණ තුෂාර සිල්වා, බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරයට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය වලංගු බවත් එය අභියෝගයට ලක් කළ හැක්කේ පාර්ලිමේන්තුවේදී පමණක් බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය.
කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම කරුණු සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අනෙකුත් පක්ෂ හා එක් වෙමින් පුළුල් සන්ධානයක් ගොඩ නගමින් ජනතා ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බව ද හෙතෙම කීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද කීය.
“ රනිල් වික්‍රමසිංහ මහතා කියනවා ඔහුට බලය තිබෙනවා. අපි කියනවා අපිට බලය තිබෙනවා. ඒ නිසා කවුරුවත් කලබල විය යුතු නැහැ. පාර්ලිමේන්තුව හැමදාම වහලා තියන්නේ නැහැනේ. පාර්ලිමේන්තුව විවෘත කරනවා. අපි එදාට මේ ප්‍රශ්නය විසඳා ගමු. පාර්ලිමේන්තුවේදී මෙය විසඳා ගන්න පුළුවන්.
අපි මේ ආණ්ඩුව හදන්නේ තිබුණු යහපාලන ආණ්ඩුවට වඩා හොඳ යහපාලන ආණ්ඩුවක් ගේන්න. ඒ නිසා කිසිවකුටත් තර්ජනය කරන වැඩ, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඕනෑම කෙනෙකුගේ මානව අයිතිවාසිකම්, පෞද්ගලික හා වෘත්තීය අයිතින් උල්ලංඝණය නොවීමට සියලු දෙනා වග බලා ගත යුතු බවත් මෙහිදි මම අවධාරණය කර සිටිනවා.
රතිඤ්ඤා පත්තු කළාම ඔක්කොම හරි කියලා හැමෝම හිතනවා. රට අරාජික නොකර රට ඉදිරියට ගෙන යෑමේ සහ තිබුණු ආණ්ඩුවට වඩා හොඳ ආණ්ඩුවක් පත් කරගෙන රට ඉදිරියට ගෙන යෑමේ දැවැන්ත අභියෝගයක් අප හමුවේ තිබෙනවා. ආර්ථික, දේශපාලන, සමාජ අභියෝග රැසක් අප හමුවේ තිබෙනවා. පරිපාලන ප්‍රශ්න තිබෙනවා. ජනතාව විසඳුම් බලාපොරොත්තු වෙන ප්‍රශ්න රැසක් අප හමුවේ තිබෙනවා.
සියලු පක්ෂ එකතුවෙමින් පුළුල් සන්ධානයක් ගොඩනගමින් ජනතා ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් අපි ගෙන එනවා. පවතින ආර්ථික, සමාජ, අභියෝග රැසක් අප හමුවේ තිබෙනවා. පරිපාලන ප්‍රශ්න තිබෙනවා. ජනතාව විසඳුම් බලාපොරොත්තු වෙන ප්‍රශ්න රැසක් අප හමුවේ තිබෙනවා.
සියලු පක්ෂ එකතුවෙමින් පුළුල් සන්ධානයක් ගොඩනගමින් ජනතා ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් අපි ගෙන එනවා. පවතින ආර්ථික, සමාජ, දේශපාලන හා සංස්කෘතික ආදී ජනතාව විසඳුම් බලාපොරොත්තු වෙන ආණ්ඩුවක් අපි ගෙන එනවා. අපේ ආණ්ඩුව තුළින් ජනතා ප්‍රශ්න විසඳීමට සුදුසු පසුබිමික් ගොඩනගනවා” යැයි ද හෙතෙම තවදුරටත් කීය.
COMMENTS
ඉස්සර හිටපු ආණ්ඩුවේත්, දැන් තිබෙන ආණ්ඩුවේත්, ඉදිරියට හදනවා කියන ආණ්ඩුවේත් ඉන්නේ එකම ඔළුගෙඩි ටික.., එතකොට කොහොමද වෙනසක් වෙන්නේ? ජනතාවට අබ සරණයි...
එහෙමනං මක්කටෙයි පාර්ලිමේන්තුව කල් දැම්මේ? අද කියන්නේ මේ සේරටම හේතුභූත වුනේ ජනාධිපතිතුමාත් පොලිස් කාරයකුත් අතර සිදුවුණු දුරකථන සංවාදයක් කියලයි. කවුරුහරි දුරකථනයකින් කීවා කතාවක් පිළිගෙන කිසි වග විභාගයකින් තොරව රටක් මේවගේ අස්ථාවර තත්වයකට පත් කිරීමටත්, ලෝකයේ බලවතුන්ගේ අවධානයට ගෙනඒමටත්, දුශිතයැයි කලින් කියූ පිරිසක් ඒ චෝදනාවලින් නඩු අහන්නේ නැතුව නිදහස් කරන්නටත් ඒ පිරිසටම නැවත බලය ලබාදෙන්නට කටයුතු කිරීමත් අර දුරකථන පණිවිඩය පමණක් මත සිටිමින් තමාට මේ අසීමිත බලය ලබාගැනීමට පාර කැපූ සියලුදෙනා අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීමට සිතීමත් විදග්ධ ක්‍රියාදාමයක්ද? අපට දැනටමත් පෙනෙනවා රට යන අත. " තග් සංස්ථාව" රජවෙන පාට පැහැදිලිව පෙනෙනවා. රටේ සියලු මාධ්‍ය දැනටමත් හුදු "පංචස්කන්ධ වන්දනාවකට" හැරවී ඇති ආකාරය ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මාධ්‍ය සදාචාරය සහ මාධ්‍ය නිදහස නැත්තටම නැතිවෙන්නයි යන්නේ. එහෙම හරිද?
ඉතින් හලෝ, කෙකර ගාන්නේ නැතුව පාර්ලිමේන්තුව රැස්කරලා ඔය ප්‍රශ්නය උරගා බලා ඉක්මන් විසඳුමක් රටට ලබා දෙන එක නේ ඇත්තේ! ලෝකයේ අගමැතිවරු දෙදෙනෙක් ඉන්නා එකම රට...."සකල සිරින් පිරි සිරි ලංකාව" පමණක් වියහැක. ඔබට දැන් සතුටුද?
බහුතරය තියනවානම් පාර්ලිමේන්තුව කල් දාන්නේ මොකටද ?
ඔව් දැනටමත් කෝටිගණන් දෙන්න උත්සාහ කරනවා ඇති... කියන්න දෙයක් නැහැ. මහජනතාව සූරපප්පලාගේ හැටි දන්නවා.
මොකටද එහෙනම් සම්බන්ධන්ගේ පස්සේ යන්නේ?
සම්බන්ධන්ලාගේ හැටිත් මේ සැරේ හොඳට බලාගන්න පුළුවන්...
ඔහේ පලයන්. මෙන්න මෙයා නැගිටලා.
පාර්ලිමේන්තුව කල්දැමීමෙන් පෙනීයන්නේ ප්‍රශ්න දිග්ගස්සනවා මිසක් ප්‍රශ්න විසදන්න උවමනාවක් නැති බවයි. ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව කැඳවන්න. නැත්නම් මේ මාසෙම රටේ වැඩ කෙරෙන්නේ නැහැ. ආර්ථිකයට ලොකු පාඩුවක්.
අනේ මන්ද හැරෙන හැරෙන පැත්තට වචන ලෙස්සනවා.
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න.. මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න.