ඩයනා උදයංගනී
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය කොළඹ ලංකා හොස්පිටල්ස්හි ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (29) අභාවප්‍රාප්ත වූවාය.
1994 වසරේ පැවැති ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූයේ ඇයයි. ඇයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණය ජයගත්තාය. ඡන්ද 2,715,285ක් ඇයට හිමි විය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ වරුණි තාරුකා මහත්මියගේ මව වූ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය මිය යන විට 77 වැනි වියේ පසුවූවාය.

(පවුලේ ඡායාරූපයක්)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.