
( ජයන්ත සමරකෝන්)
දැනට රිමාන්ඩ්බාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මහර බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසු මේ වන විට එම බන්ධනාගාර රෝහලේ අංක 1 වාට්ටුවේ පසුවන බව බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
මේ පිළිබඳව කරන ලද විමසීමකදී දැනගන්නට ලැබී ඇත්තේ ඔහු ආරක්ෂක හේතුන් මත සහ අසනීප තත්ත්වය පසු වන නිසා එහි රඳවා ඇති බවයි.
එම රෝහල් වාට්ටුවේ දැනට මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර් සරත් බණ්ඩාර සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු 22 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් රඳවා සිටින බවද වාර්තාවෙයි.
COMMENTS
ලංකාවේ පොලිස් නිලධාරින්ගේ හා බන්ධනාගාර නිලධාරින්ගේ වැඩගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ. පොලිසියේ සේවකයන් උසස් නිලධාරියෙකුට ආයුධ දමලා බොරු නඩු පැටලුවා නම් සාමාන්‍ය ජනතාවත් මොනවා නොකරාවිද? මහා පරිමාණ අපරාධ විශාල කුඩු ජාවාරම් යන සියල්ල කරන්නේ පොලිස් නිලධාරින්ගේ අනුදැනුම මත බව පෙනෙනවා.
මේ මොහොත ගෙවෙන හැම මිනිත්තුවක්ම ඉතිහාසයේ මිල අධිකම වෙලාවක් කියලයි මට හිතෙන්නේ. ශානි අබේසේකර , වාස් ගුණවර්ධන යන දෙදෙනාම මැදමුලන පවුලට ගොදුරු වෙලා ඉන්නේ. මුලින්ම වාස් ගුණවර්ධනට මිනීමැරුම් චෝදනා ඇතැයි කියමුකෝ. නමුත් සාක්ෂි කොහේ හරි හිරවෙලා තිබුනේ. ඊටත් පස්සේ තමයි කොටි රත්තරන් විකුණන්න ගිහින් වාස් ගුණවර්ධනට අහුවුනේ. මේකෙන් කෝපවුණේ අප්පච්චි.. වාස් ගුණවර්ධනගේ සැඟවිලා හිරවෙලා තිබුණු මිනීමැරුම් සාක්ෂි ඇදලා අරන් එයාව කූඩුවට ඇරියා. ඒ පරීක්ෂණ කලේ ශානි අබේසේකර මහත්මයා. මීනීමරුවෙකුට එයාගෙන් බේරිලා යන්න ඉතාමත් අපහසුයිලු. මේ ශානි අබේසේකරම තමයි ඒ අපරාධය "සාතන්ගේ පුත්තු" කළ බව සාක්ෂි ඇතිවම හෙළිකළේ. මේ දෙන්නම අද හිරේ නොවෙයි ඉන්නේ..." මරු කටේ.." මේ දෙදෙනාගේ ජීවිත මේ වෙනකොට ඉතාම අවිනිශ්චිත තත්වයක තියෙන්නේ.. හිරගෙදර හිටපු රැඳවියන් විසිගණනක් මහා රෑ වෙඩිතියලා මැරුවේත්.. අප්පච්ච්ගේ රහස් සඟවන්නයි..
කවදාද මේ නරි නාටක ඉවර වෙන්නේ? කාවද මේ රවට්ටන්නේ?
මෙයා අත්අඩංගුවට ගත්තේ හිරේ ඉන්න පොලිස් ලොක්කෙක් සහ එල්ලුම්ගස් ගිය ප්‍රසිද්ධ කෙනෙක් එළියට ගන්න වැඩ පිළිවෙළේ කොටසක් හැටියට කියලා කියන්නේ ඇත්තද? දන්නේ නැති නිසයි අහන්නේ...
තමන්ට පැවරුන රාජකාරිය අකුරටම ඉටුකල මෙවැනි නිලධාරීන්ට බොරු නඩු පටලවා අමාරුවේ දමන්නේ ඇයි? රට ගමන්කරන්නේ කුමන දිශාවටද? මෙවැනි සිද්ධි අසන්නට ලැබීමත් කණගාටුවට කරුණක්.
කරන්නෙම මේ වගේ වැඩ නේ?
මේ මහත්තයාව නම් වාට්ටුවක රඳවා තැබුවාට අපි වැරද්දක් කියන්නේ නැහැ.