(මනෝප්‍රිය ගුණසේකර)

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඉදිපත් කළ අභියාචනයේ තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේය.

මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එලෙස තීරණය කළේය.

ශානි අබේසේකර මහතාගේ රෝගී තත්ත්වයේ වෛද්‍ය වාර්තා හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.