(නාලක සංජීව දහනායක)
සියලුම ප්‍රධාන වී මෝල් සතුව තිබෙන සහල් රජයෙන් මිලදී ගැනීමටත් එම සහල් සහනදායි මිලට ජනතාවට ලබාදීමටත් අද (24) පැවැති ජීවන වියදම් කමිටුවේදී තීරණය කර ඇත.
එමෙන්ම උත්සව සමයේදී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කර ඇත.
ඉදිරි මහ කන්නයේ සිට අස්වනු මිලදී ගැනීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් සකසන ලෙසට ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) රැස්වූ ජීවන වියදම් අනුකමිටුව මගින් මෙම තීන්දු තීරණ ගෙන ඇත.
එමෙන්ම ජනතාවට දැනෙන ලෙසට සහල් මිල අඩුකිරීමට අවශ්‍ය තීන්දු තීරණද එහිදී ගෙන ඇත. ඒ අනුව දිවයිනපුරා ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීමට ද ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.
පාලන මිල නොසලකා වැඩි මිලට සහල් විකිණිම ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු එහිදී පෙන්වාදුන් අතර ඒ සම්බන්ධ වැටලීම් තවදුරටත් සිදුකරන බවද ඔවුහු මෙහිදී පැවසූහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරුන්වන චමල් රාජපක්‍ෂ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන්වන විදුර වික්‍රමනායක, මහින්ද යාපා අබේවර්ධන, සනත් නිශාන්ත, තාරක බාලසූරිය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර යන මහත්වරුන්ද අමාත්‍යංශ ලේකම්වරුන්ද මෙම සාකච්ඡාවට සහභාගිවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂිකර්ම ක්ෂේත්‍රයට රජය මීටවඩා මැදිහත් විය යුතුයි. මහා පරිමාණ වී මෝල් 3ක් පමණ රටපුරා පිහිටුවන්න. වී ගබඩාත් ඊට සරිලන පරිදි රටපුරා ඇති කරන්න. ඒවාට වී මිලදී ගන්න. එවිට ඔය මෝල් හිමියන් මට්ටු වෙනවා සිකුරුයි. ඒ වගේම වී ගොවිතැන් නොකරන සියලු බිම් රජය මැදිහත් වී අස්වැද්දීමට ක්‍රමයක් අරඹන්න. අනෙකුත් වගාවන් වලටත් එසේ කරන්න. ඒ සියල්ල සඳහා කෘෂි ක්ෂේත්‍රයට අවශ්‍ය නිලධාරින් බඳවාගන්න. කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වී කොම්පෝස්ට් ව්‍යාපෘතිද පටන් ගන්න. රට සැම අතින්ම ස්වයංපෝෂිත වෙනවා සිකුරුයි...
''ජනතාවට දැනෙන ලෙස'' සහල් මිල අඩු කිරීමට ජනපතිතුමා තඹුත්තේගම ආර්ථිකේ දීත් උත්සාහ කරලා තිබුණා. රුපියල් අනූහයට විකුණන සහල් අනූහතරට දෙන්න බැරිද කියලා අහපු බව පත්තරේ තිබුණා.
රජයෙන් විකුණන හාල් නැවත තොගවශයෙන් මෝල්හිමියෝ මිලටගෙන ආපහු රජයට විකිණිය හැකියි.
මේ මාෆියාවෙන් සදාකල්ම මේ රටේ මිනිස්සු බැට කාපු සහල් මාෆියාවෙන් මිනිස්සුන්ව මේ සැරේවත් ගලවාගන්න පුළුවන්ද කියලා බලමු. එහෙම වුණොත් නම් ...
ඕවා දේශීය කර්මාන්ත. ඇමෙරිකන් මල්ටිනැෂනල් නොවේ. සහල් මිල අඩුකරන්න රජය වී මිලට ගෙන ඔය කියන පොඩි මෝල් වලට දෙන්න. එතකොට තේරේවි ඇත්ත තත්වේ. ගොන් වැඩ කරලා ගොවියයි කර්මාන්තයි දෙකම කන්න එපා. කට්ටිය වැලට රැලේ යනවා. අවුරුදු විස්සක් තිස්සේ මේක තේරුම් ගන්න බැරිවෙච්ච අම්බරුවෝ මේ ආණ්ඩුවත් ආපු ගමන් කනවා. ඔය ඊර්ෂාවෙන් වෛරයෙන් මඩ ගහන කර්මාන්ත මේ රටේ හිඟන ප්‍රතිරූපය වෙනස් කරන සම්පත්. අයිතිකාරයෝ මැරුනම ඕවා අරන් යන්නේ නැහැ. විනාස කරන්න එපා මොට්ටකමට. රටේ ඉන්වෙස්ට්මන්ට් ක්ල්යිමට් එක කන්න එපා. ව්‍යාපාර වලට හිරිහැර කර වෙළඳපල පාලනය කරවිට එයම ආපසු කැරකී පාරිභෝගිකයා, නිෂ්පාදකයා, ගොවියා සියල්ල පෙලාවී. වෙළඳපොළ පාලනය කරන බුද්ධිමත් ක්‍රම සොයාගන්න. පිටරට වලින් ගේන අමු කුණු කිසි පැකිලීමක් නැතිව කන රටක් හාල් වලටයි පිටි වලටයි තිතට ප්‍රමිතිය හොයනවා. අවුරුදු 40 කට පෙර අපි කාපු හාල් වලයි පිටි වලයි හැටි (ගඳ,පාට,රස,වී,ගල්,ඇඹුල) සිහිකරගත්ත නම් හොඳයි. අමනෝඥ නොවී.
සහල් අධිකාරිය නැති කරන්න ඕනෑ..