IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වළ දමා තිබූ යුද උපකරණ රැසක් යාපනය චලෙයි ප්‍රදේශයෙන් හමුවෙයි

( රොමේෂ් මධුෂංඛ)

යාපනය චලෙයි ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කැලෑවක වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කල බවට සැක කෙරෙන යුද උපකරණ රැසක්  හමු වූ බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට ලද බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් චලෙයි ප්‍රදේශයේ කැලෑ බද ප්‍රදේශයකදී සිදු කරන ලද සෝදිසි පරික්ෂා වලදී අදාල යුද උපකරණ තොගය හමු වී ඇත.

එහිදී වලදමා තිබියදී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක්, මිලිමීටර් 120 වර්ගයේ මෝටාර් උණ්ඩයක්, මිලිමීටර් 60 වර්ගයේ ,මෝටාර් උණ්ඩයක්, ආර්.පී.ජී. උණ්ඩ 03 ක් , අත්බෝම්බ 05ක් සහ කොටි සංවිධානය විසින් නිශ්පාදිත මර උගුලක් මේ අතර වෙයි.

යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල  ආයුධ තොගය වලදමන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කරන අතර සොයාගත් බෝම්බ නිශ්ක්‍රීය කිරීම හා වැඩි දුර පරික්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පොලිස් විශේෂකාර්ය බලකායට ලබා දීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.

;



අදහස් (0)

වළ දමා තිබූ යුද උපකරණ රැසක් යාපනය චලෙයි ප්‍රදේශයෙන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site