IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


වෝහාරික විගණන වාර්තා විවාදය 18-19 දිනවල

( +++ සුජිත් හේවාජුලිගේ)

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) සම්බන්ධයෙන් දෙදිනක විවාදයක් ලබන මස 18 සහ 19 දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇත.

වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් දෙදිනක විවාදයක් පසුගිය 22 හා 23 දිනවල පවත්වන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජවිපෙ) පාර්ලිමේන්තුවේදී ඉකුත් 21 වැනිදා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව කතානායකවරයා එහිදී දැනුම් දුන්නේය.

මේ අනුව පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් 24 වැනිදා පස්වරුවේ පැවැත්වුණු අතර ඉහත තීරණ ගෙන ඇත්තේ ඒ රැස්වීමේදීය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කතානායකවරයාට ඉකුත් දා බාරදෙනු ලැබූ අතර එම වාර්තාව මෑතක් වනතුරුම පැවතුණේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) බාරයේය.

වෝහාරික විගණන වාර්තාව සියලුම මන්ත්‍රීවරුන්ට බෙදාදෙන්නැයි පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාගෙන් ඉකුත් දා ඉල්ලා සිටියහ.

මේ අනුව සියලුම මන්ත්‍රීවරුන්ට ඒ වාර්තාව ලබාදීමට කතානායකවරයා පසුව තීරණය කර ඒ බව පාර්ලිමේන්තුවටද දැනුම්දුන්නේය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දෙවෙල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ඒ වාර්තාව මේ වන විට බාරදී ඇති බවයි.

වෝහාරික විගණන වර්තාව දැනට මුද්‍රණය කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් යැයිද ඉද්දෙවෙල මහතා කීය.

වෝහාරික විගණන වාර්තාව සලකා බැලූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවද (කෝප්) මේ වන විට පවතින්නේ අක්‍රිය තත්ත්වයේය. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමගම එම කමිටුව අක්‍රිය වී ගිය අතර තවමත් ඒ කමිටුවට සාමාජිකයන් පත්කර නොමැත.



අදහස් (23)

වෝහාරික විගණන වාර්තා විවාදය 18-19 දිනවල

samurai Monday, 27 January 2020 05:39 AM

මී සහ එල හරක්ගේ නැටුම ගැන බලන් ඉඳීම...

:       0       198

Chathuti Monday, 27 January 2020 05:58 AM

නිකම් කාලේ නාස්ති කරන්න එපා. කවදත් මේ බැඳුම්කර නඩුව, රාජපක්ෂ වරුන්ගේ නඩුව, තාජුදීන් නඩුව. මේ නඩු කවදාවත් අහන නඩු නෙමේ... ජනතාවට දෙන ලණු. මේවා කවදා හරි නඩු ඇහුවොත් වැරැදිකරුවන් හිරේ දමනවද, වන්දි මුදල් අයකරනවද, නැහැනේ. කාට පේන්නද, කාව රවටන්නද මේවා කරන්නේ? 225ම එළවලා ඇතුළු දේව රූප ටික පාර්ලිමේන්තුවෙන් තියන්න.. ජනතාවයි, රටටයි දේව ආරක්ෂාව ලැබෙනවා සත්තයි...

:       158       424

Hafeel Monday, 27 January 2020 08:29 AM

Chathuti, මමත් ඔබ සමග එකඟයි. මමත් එදා ඉඳන් මේක තමයි කියන්නෙත්... මහබැංකු බැඳුම්කර වංචාවලට දඬුවම් දෙනවා නම්, රනිල්, රවී, මලික්, කබීර්, මහින්ද, කබ්රාල්, පී බී සේරම හිරේ ඉන්න ඕනේ. ඕක වෙන්න නම්, ජවිපෙ බලයට එන්න ඕනේ...

:       66       435

janatha vimukthiMonday, 27 January 2020 12:33 PM

රනිල්, රවී, මලික්, කබීර්ට එහෙම වෙන්නේ නැහැ... අපි අාවොත්...

:       127       4

Hafeel Monday, 27 January 2020 06:04 AM

මෙහම විවාද, කොමිසන් සභා පමණක් ප්‍රමාණවත් නැහැ. මේවාට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම් නොබලා දඬුවම් දියයුතුයි. මේවා නිකම් කල් මරන්න වැඩ. මේ පක්ෂ දෙකෙන්ම මේ හොරුන්ට දඬුවම් දෙන්න නැහැ. බලන්න රන්ජන්ගේ එදා පාර්ලිමේන්තුවේ කතාවෙන් පසු ඔහුගේ හඬ පට රස පරීක්ෂක වාර්තාවට යොමුකිරීමත් දැන් නවත්තල නේ.

:       0       284

Bernard Perera Monday, 27 January 2020 07:02 AM

බැඳුම්කර වංචාවේ සියලුම වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්න පුලුවන්ද? පක්ෂ භේදයකින් තොරව සියල්ලන්ටම දඬුවම් ලැබිය යුතුයි. නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       50

ලුම්බිණි Monday, 27 January 2020 07:03 AM

හොරු හොරුන්ටම දඬුවම් දී ගත්තේ මොන රටේද?

:       0       186

rana Monday, 27 January 2020 07:09 AM

"මොනා කළත් කොහොම කළත් නිදහසට කරුණු තියෙනවා" ---- අන්තිම කොටස "නැත්නම් ගහලා දුවනවා" නේද ? 18.19 පාර්ලිමේන්තුවට යන වියදම අපරාදේ .

:       0       46

Ajith Nissanka Monday, 27 January 2020 07:30 AM

බැඳුම්කර වංචාවේ වැරදිකරුවන් කිසිවෙක් නැත. පාර්ලිමේන්තු උත්තමයන් කිසි සේත්ම වැරදි නැහැ. වැරදිකරුවන් වන්නේ මහජනතාව බැවින් එහි බිලියන් ගානක පාඩුව ජයවේවා කියමින් ගෙවා දාන්න.

:       0       104

ගමරාළ Monday, 27 January 2020 07:34 AM

බොරු වැඩ. අපරාදේ කාලය සහ මුදල් නාස්තිය.

:       0       3

Hafeel 2 Monday, 27 January 2020 08:16 AM

අපිටයි බනින්නේ... ආහාරයට හරක් මරනවා කියලා ඔහෙලා ඔක්කොම දුප්පත් ජනතාව නොමරා මරාගෙන කනවා. ඡන්දෙත් දෙනවා බුදුන් එහෙම දේශනා කරලා නැහැ..

:       0       72

janatha Monday, 27 January 2020 08:17 AM

මේක එජාපය බැංකු හොරු බේරන්න ගෙනෙන කෙහෙල් මලක්...

:       148       144

Bernard PereraMonday, 27 January 2020 08:51 AM

මහ ජනතාව දන්නවා කවුද හොරා කෑවේ කියලා.

:       0       13

janathava Monday, 27 January 2020 12:28 PM

අපි දන්නවා දෙගොල්ලොම කෑව එක්කෙනෙක් නම් ආවේ යහපිරිසිදු පාලනයක් කියලා.. අපේ සේසතම කොල්ලකෑවා. ශ්‍රී ලන්කන් වන්දි, මහබැංකුව දෙපාරක් සහමුලින්ම (අරගොල්ල නම් ටිකටික වසර ගණනාවක්) 19 ගෙනත් අපේ ජීවිත පවා නැති කළා. අපි තවමත් කඩේ යනවා.. ලුණු ගෙනෙන්න. මුට්ටි ගෙනෙන්න...

:       6       4

ravinMonday, 27 January 2020 08:53 AM

හොරා කාපු සල්ලි ඔක්කොම අයකර ගතයුතුයි.

:       0       25

kamal Monday, 27 January 2020 09:00 AM

අමතක කරන්න එපා මෝල්ගහ මිනිමරුපු නීති සම්ප්‍රදායක් තියෙන රටක් මේක.

:       0       8

Shahiwal Monday, 27 January 2020 11:08 AM

අනේ අපරාදේ කාලයයි කෑම බිලයි පාර්ලිමේන්තුවේ විදුලි බිලයි. පුලුවන්නම් ඒ වෙලාවට කොරෝනා වෛරස් එක ගැන කතාකරන්න. එහෙම නැත්නම් වෛරස් එක හැදිලා 225 ම ගියානම් හරි.

:       0       35

mahinda Monday, 27 January 2020 11:23 AM

මේක ලැබුනේ නැහැ... අධ්‍යයනය කලේ නැහැ. ඒවගේ අයට මේක වැඩක් නැහැ...

:       0       1

buduammo Monday, 27 January 2020 12:30 PM

ජනතාව හාමතේ.. මේ අය ව්‍යවහාරික මගුලක් අල්ලන් වැඩ කරනවා. මරා ගන්නවා. කාලකන්නි වැඩ කරපල්ලා.. තව පාරක් බෝම්බ ගහනකම් දන්නේ නැහැ.

:       1       0

kamal koyrala Monday, 27 January 2020 12:46 PM

18-19 විවාදයට 225 ම පාර්ලිමේන්තු එයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ගැන වරද කරුවන්ට දඬුවම් දෙන්න කියා පාර්ලිමේන්තුවේ සහ වේදිකාවල සද්දේ දැම්ම අයගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.

:       0       38

Dasa P Monday, 27 January 2020 12:56 PM

මොනවද ඉතින් දෙගොල්ලන්ගේ හොරා කෑමේ අනුපාතය 15 ට එකයි. ඒ ගැන කෑ ගැසීමේ අනුපාතය එකට පහළවයි.

:       0       9

සමන්ත Monday, 27 January 2020 02:45 PM

ගෝඨාභය - මහින්ද ආණ්ඩුව දැනටමත් බංකොලොත්. හෙට අනිද්දා ආධාර නැතුව, GSP කපලා දැම්මම තවත් බංකොලොත්... බදු සහන දෙන්න ගිහින් පඩි ගෙවා ගන්නත් බෑ දැන්. දැන් සනීපද? දැන් රන්ජන්ගේ හඬ පටි කන්න දෙනවද? දැන් කඩේ ගිය හාමුදුරුවෝ කන්න ගෙනත් දෙනවද? සනීපද?

:       6       238

Mahee Tuesday, 28 January 2020 07:37 AM

මේ දවස් දෙකේ පාසල් ළමයි පමණක් නොව වැඩිහිටියන්ටද ගැලරිය තහනම් කළා නම් හොඳයි. කුණුහරප කියන හින්දම නෙමෙයි. ඒක ඉතින් හැමදාම කරන දේ නොව. කාටවත් මොකවත් තේරෙන්නේ නැති හින්දා. ඒ කිව්වේ විවාදය කරන ගොයියලවත් දන්නේ නැ නොව මොනවද කියන්නේ කියලා. කටට එන මොනවා හැටි දොඩවනවා. අනික් පැත්තෙන් කෑගහන කොට කුණුහරප කියනවා. සභාව කල් තබනවා. දෙපැත්තේම කට්ටිය හිනා වෙවී භෝජනාගරේ පැත්තට යනවා. ඔන්න අපි දකින විවාදේ.

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මහ පුවරුව

මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 6323 9

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4564 4

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


විදුලි බිල ඉහළ දාන්නේ නෑ
2025 මැයි මස 08 1172 6

විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.


කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 4075 7

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3457 10

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


ප්‍රසන්න රණවීර රිමාන්ඩ්
2025 මැයි මස 07 3663 6

කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 86 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1307 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 334 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site