(විනීතා එම් ගමගේ)
නව රජය පිළිබඳ යම් ප‍්‍රශ්නයක් ඇත්නම් එය විසඳා ගැනීම සඳහා යා යුත්තේ ජනතාව හමුවට මිස ජනතාව ප‍්‍රතික්ෂෙප කළ පුද්ගලයින් යොදා හැදු පාර්ලිමේන්තුවෙන් නොවේ යැයි ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ප‍්‍රකාශ කළේය.
රටේ අනාගතය වෙනුවෙන් කළයුතු ඉක්මන්ම කටයුත්ත මැතිවරණයකට යාම යැයි ද මහාචාර්යවරයා සඳහන් කළේය.
මේ පාර්ලිමේන්තුව තුළ ජනතා මතය නිර්වචනය වූයේ දැයි යළි විමසා බැලිය යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.
2015 ජනවාරි අට වැනිදා පැවති ප‍්‍රතිපලය නිවැරදි වන නමුත් අනතුරුව පැවති මැතිවරණයෙන් පත්වූ රජයේ අගමැති වූයේ මන්ත‍්‍රීවරුන් 48 ක් පමණක් සිටි රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් එය ජනතා මතය නොවන නමුත් එකඟතාවක් ඇතිවූ බවත් මහාචාර්යවරයා පැවසීය.
එහෙත් ඉන්පසු ඇතිවූ සියලූ කි‍්‍රයාකාරකම්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොතිබු බව පෙන්වා දුන් ලියනගේ මහතා ජාතික ආණ්ඩුව නිර්මාණය විය යුතු එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර වුවත් එය සිදුවූයේ එජාපය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වීම ද ප‍්‍රශ්නයක් යැයි ද කීය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකකම දිය යුතුව තිබිය දී එය නොදීම ද සළකා බැලිය යුතු ප‍්‍රශ්නයක් වන බව ද හෙතෙම කියා සිටියේය.
විකෘති මැතිවරණ ක‍්‍රමයක් සකසා පළාත් පාලන මැතිවරණය තැබීමත් ඒ තුළින් විකෘති පළාත් පාලන ආයතන ඇති වීමත් සිදුවූයේ යැයි ද කියා සිටි ලියනගේ මහතා දැන්වත් ජනතා මතයට කන්දිය යුතු යැයි ද කීය.
මහාචාර්ය සුදන්ත ලියනගේ මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (31) පැවැති විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව හමුවට ගිහිල්ලා පත්කරගත්ත අය තමයි ලක්ෂ, කෝටි ගණන්වලට ඒ පැත්තට, මේ පැත්තට පනින්නේ... තවත් මැතිවරණයකට කෝටි ගානක් වියදම් කලත් ඔය ටිකම තමයි..
පිහිටුවාගත් නව රජයේ යටි අරමුණත් එය මයි. මෙය ඉදිරියට පවත්වාගෙන යෑමට නොව, මහා මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නියත මගක් පාදා ගැනීමයි.
රටට නායකත්වය දිය හැකි ජනාධිපතිවරයෙක් අවශ්‍යය. ඒ සඳහා නීතිමය පදනම හා ක්‍රමවේදය වහාම විමසිය යුතුය.අවශ්‍ය ජනාධිපතිවරණයකි.
සත්ත්‍යය වශයෙන්ම දැන් වහාම සිදුවිය යුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා මහජන මතය විමසීමයි. එය නොපමාවම කල යුතු දෙයයයි.
"ජනතාව ප‍්‍රතික්ෂෙප කළ පුද්ගලයින් යොදා හැදු පාර්ලිමේන්තුවෙන් නොවේ" හරිම හතර බීරි කතාවක්නේ මේක. 2015 අගෝස්තුවෙ මැතිවරණයේ ජනමතය පවතින පාර්ලිමේන්තුවේ නැහැ. ඒක උපන්ගෙයි විකෘතියක්. නමුත් මෙයා කියන විදිහට ඒ ජනමතය නව රජය හැදිලා තියෙන්නේ කොහොමද. මේක තිබුන එකට වඩා විකෘතියක්. තව මැතිවරණයක් පැවැත්වුවත් වෙන්නේ මේ ටිකම තමයි. ජනතා මතය පාර්ලිමේන්තුවේ පිලිබිඹුවෙන්නේ නැහැ .
මම මේ නොදැනුවත්කමටයි අහන්නේ... දන්නා කෙනෙක් උත්තරයක් දෙනවද? අගමැති හැටියට මහින්ද දිවුරුම් දෙනකොට එයාට 113 ක පිරිසක් හිටියේ නැහැනේ! බහුතරය පස්සේ හදා ගන්නම් කියලා එයාව අගමැති කරන්න ජනාධිපතිතුමාට බලයක් තියනවද? මේක හරිම ප්‍රශ්නයක්... මහින්ද එයාගේ බහුතරය හදා ගන්න කල් පාර්ලිමේන්තුව වලංගු නැද්ද?
ඔබතුමා මහාචාර්ය කෙනෙක් නිසයි අදහසක් යොදන්න හිතුවේ.මන්ත්‍රීවරු 48ක් තියාගෙන එදා රනිල් අගමැති කරද්දී ජනපතිවරයාට ඕනෑම අවස්ථාවක අගමැති ඉවත් කළ හැකියි.එනමුදු 19 වන සංශෝධනය නිසා අගමැති ඉවත් කිරීමට හැකියාවක් නැත.නමුදු දැන් ජනාධිපතිවරයා නව අගමැතිවරයකු පත්කොට ඇති බැවින් ගැටලුවක් ඇත. මේකට විසඳුම පාර්ලිමේන්තුව රැස්වූ විට බහුතරය පෙන්වීම,එහිදී පරාජයට පත්වන අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් සම්මත කොට ඔහු ඉවත් කළ යුතුයි.එසේ නොමැතිව ව්‍යවස්ථාවට පිටින් පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත පාර්ලිමේන්තුවක් පත්කළ විට ලංකාවේ ව්‍යවස්ථානුකූලවාදය බිඳ වැටෙනවා. එම නිසා කළ යුතු එකම දෙයනම් පාර්ලිමේන්තු වේ බහුතරය පෙන්වීමේදී ජයගන්නා අගමැතිවරයා විසින් පරාජිත අගමැතිවරයා ඉවත් කිරීමට විශ්වාසභංගයක් සම්මත කළ විට මෙම ගැටලුව විසඳෙනු ඇත.තවද ඔබතුමා කියන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ 2015 අගොස්තුවේදී පළමු වරට පත්වුණු නවක මන්ත්‍රීවරු පක්ෂ බේදයකින් තොරව විරෝධය පල කරනු ඇත.