(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශේෂ කාර්යයන් සඳහා ආනයනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිරීම නිසා රජයට රුපියල් කෝටි එකසිය පනහකට අධික මුදලක් අහිමිව ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම වාර්තාව කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.
මේ අතර වාහන ආනයනයේදී රේගුව සතු දත්තවලින් කොටසක් පමණක් බදු අරමුණු වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සම්ප්‍රේෂණය කිරීම ගැටලුවක් බව විගණකාධිපතිවරයා කෝපා කමිටුව හමුවේ පෙන්වා දී ඇත.
වාහන ලියාපදිංචි කිරීමේදී දත්ත විශාල ප්‍රමාණයක් අවශ්‍ය වුවත් එම දත්ත සම්ප්‍රේෂණය කිරීමට ක්‍රමවේදයක් රේගුවේ නොමැතිවීමද ගැටලුවක් බව විගණකාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇතැයි කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.
එසේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන ලියාපදිංචි කිරීමේදී ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ අනුකූලතා සංකේත යොදා ගෙන නැතැයිද කෝපා කමිටුව නිකුත් කළ මෙම වාර්තාවේ සඳහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු ව්‍යාජ ලෙස වෙනස් කර වාහන හතක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ අදහස් දක්වා ඇති රේගුවේ ප්‍රධානීන් ඉන් වාහන දෙකකට අදාළ පරීක්ෂණ අවසන් කර ඊට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් පමුණුවා ඇතැයි ප්‍රකාශ කර ඇත.
අනෙක් වාහන පහේ හිමිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවද ශ්‍රී ලංකාවේ රේගුවේ ගණකාධිකාරිවරයා පවසා ඇත.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටුව ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් තාක්ෂණය දියුණු ලෝකේ තාම තටමනවා. ඇයි ඔය ආයතන දෙකට බැරි එයාලටම හරි නැත්නම් ICTA එකට කියලා හරි හරිහමන් පරිගණක පද්ධතියක් හදාගන්න... රේගුවේ දත්ත කෙලින්ම RMV එකට යවන්න. වැඩේ තියෙන්නේ එතකොට හොර, බොරු, වංචා බැරි වෙන එකයි, අතරමැදියන්ට ඉඩක් නැතිවෙන එකයි වෙන්න ඇති. අද කාලේ පොඩි ග්‍රොසරි වලත් කෑෂ් රෙජිස්ටර් තියෙනවා. රටේ ලොකුම රාජ්‍ය ආයතන දෙකක් අපිට කියනවා එයාලට සිස්ටම් එකක් නෑ කියලා...