(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද හෝ සකස් කරන ලද වාහන දහයක් ලියාපදිංචි කිරීමෙන් රුපියල් කෝටි 6 කට අධික බදු මුදලක් රජයට අහිමි වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ දැක්වේ.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය කඩිනමින් අවසන් කර ඊට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කෝපා කමිටුව රේගු ප්‍රධානීන්ට උපදෙස්දී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.
කමිටුව මේ සම්බන්ධයෙන් රේගු ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කර ඇති අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ වාහන ලියාපදිංචි කිරීමේදී ව්‍යාජ සටහන්කර යොදාගෙන ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd