IMG-LOGO

‘වාහන තියෙද්දි බස් ගෙනැවිත් ලොකු නාස්තියක්‘

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ අවශ්‍යතා සඳහා  වෙන්වුණු බස්රථ 12ක් පමණ තිබියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන්  බස්රථ නවයක් එහි ප්‍රවාහන කටයුතු සඳහා කුලියට ගැනීමෙන්  විශාල මුදල් නාස්තියක් සිදුවන බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ බස්රථ  එහි වෙනම ස්ථානයක කාලයක් තිස්සේ ගාල් කර තිබියදී  එම බස් රථවල රියදුරන් සහ සහායකයන්  කිසිදු වැඩ කටයුත්තක නොයෙදී වැටුප් ලබන බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.

ප්‍රවාහන කටයුතු සඳහා යොදා නොගෙන මෙසේ ගාල් කර ඇති බස්රථ අතර වායුසමීකරණය කරන ලද ඒවා කිහිපයක්ද වේ.

ධාවනය කළ හැකි හොඳ මට්ටමේ බස්රථ මෙපමණ සංඛ්‍යාවක් තිබියදී ලංකා ගමනාගමන  මණ්ඩලයෙන් බස්රථ මෙලෙස කුලියට ගැනීම අනවශ්‍ය මුදල් නාස්තියක් බවද එම සේවකයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ  අධ්‍යක්ෂ(ප්‍රවාහන) සේනක කුලුගම්මන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ ගැන  තමාට මේ අවස්ථාවේදී  යමක් පැවසිය නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන්  ලැබී ඇති තොරතුරු පිළිබඳව අවධානය යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් ලංකාදීපයට  පැවැසීය.

 



අදහස් (8)

‘වාහන තියෙද්දි බස් ගෙනැවිත් ලොකු නාස්තියක්‘

කිරි පුතා Sunday, 13 March 2022 01:35 PM

කෙනෙක් හෝ කට්ටියක් මාසෙ ගානේ කුට්ටියක් ගන්නවා ඇති...

:       0       15

අප්පුහාමි Sunday, 13 March 2022 03:29 PM

යමක් කියන්න බැහැ. කියන්නේ පාර්ලිමේන්තුවේ බස් තියෙනවා. සේවකයින් ඉන්නවා. ඔවුන්ට පඩි ගෙවනවා කියලා.. මිනිහාට අමතක වෙන්න ඇති... ඒක සාමාන්‍යයෙන් රජයේ ලොක්කන්ගේ හැටි තමයි... ඕවා තමයි අද කාලේ රජයේ සේවකයින් ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි වෙනුවට අනුගමනය කරන්නේ...!

:       0       17

fairoos Sunday, 13 March 2022 04:31 PM

බමුණා වගේ අයත් මේ රියදුරන් අතරේ ඉන්නවලු...! 

:       1       11

ගජමිතුරු Sunday, 13 March 2022 05:45 PM

ඒක වැරැදියි. බමුණු තමයි ප්‍රධාන රියදුරු හා උපදේශක කියලා කවුදෝ කියනවා ඔබට ඇහුනේ නැද්ද?

:       1       12

සෙනෙවිරත්න Sunday, 13 March 2022 10:47 PM

බමුණ ආගිය අතක් නැහැ

:       0       0

sharm warnMonday, 14 March 2022 03:05 PM

බමුණා මේවට කතා නැහැ... දැන් ඔලුව නැට්ට අස්සේ ගහගෙන ඇති...

:       0       0

Don Sunday, 13 March 2022 04:56 PM

එම අධ්‍යක්ෂව වහාම සේවයෙන් නෙරපන්න. නිකන් නෙමෙයි පස්ස පැත්තට පයින් ගහලම නෙරපන්න.

:       1       16

Bunny Preena Monday, 14 March 2022 09:34 AM

දේශපාලකයින්ගේ හොර තක්කඩි හෙංචයියන් ඔය වගේ තනතුරු වලට පත්කළොත් වංචාවන් තමයි සිද්ද වෙන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1714 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 567 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 658 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site