(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වාහන කිරීමට සීමා පනවා ඇතත් වාහන අමතර කොටස්  ගෙන්වීමට සීමා පනවා නැතැයි සමෘද්ධි  සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද  (9) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වාහන එකලස් කිරීමේ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ අරඹා ඇති බවත් එම ව්‍යාපාර සඳහා බදු සහන  ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය ඇමැතිවරයා  ප්‍රකාශ කළේය.

වාහන එකලස් කිරීම සඳහා නියෝජිතයන් කිහිපදෙනෙකු මේ දිනවල රජය සමග සාකච්ඡා කරගෙන යන බවද හෙතෙම පැවසුවේය.

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම දිගු කාලීනව පවතින්නක් නොවන බව ඔහු වැඩිදුරටත් කීවේය.