IMG-LOGO

වාස් හදිසියේම ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් පසුගියදා පත්කරන ලද චමින්ද වාස් මහතා මාර්තු 26 වැනිදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අද (22 වැනිදා) දැනුම්දී තිබේ. එසේම තමන් බටහිර ඉන්දීය සංචාරය සඳහා එක් නොවන බවද වාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා පිලේ හිටපූ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වූ ඩේවිඩ් ෂේකර් මහතා පෞද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමගින් චමින්ද වාස් මහතා මෙම ධූරය සඳහා පත් කරන ලදී. මෙම පත්කිරීම සිදුකර දවස් 3 ක් ඇතුළත වාස් මහතාගේ ඉල්ලා අස්වී තිබේ.

ජාතික සංචිතයේ පුහුණුකරුවා වශයෙන් පත්කිරීමට පෙර චමින්ද වාස් මහතා උසස් දස්කම් මධ්‍යස්ථානයේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා අද දින පිටත්ව යාමට නියමිතය. ඊට පැය කිහිපයකට පෙර ඔහුගේ ඉල්ලා අස්වීම සිදුවිය.



අදහස් (2)

වාස් හදිසියේම ඉල්ලා අස්වෙයි

Asanga Tuesday, 23 February 2021 03:26 AM

ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් වහාම නැවැත්විය යුතුයි. මොකද මේ අපිට නැතිවෙන්නේ ජාතික සම්පත්. මොවුන්ගෙන් වැඩක් ගන්නැත්නම් බලධාරීන්ගෙන් ඇති වැඩේ කුමක්ද?

:       1       9

වීරවිජේ Tuesday, 23 February 2021 04:12 AM

මණ්ඩලේට තියෙන කචල් ටික හොරකම් ටික වහගන්න එක එක්කෙනාව බිල්ලට දෙනවා. හතුරුසිංහ, ගුරුසිංහ.. දැං වාස් ඊළගට කවුද? ඉස්සෙල්ලාම ක්‍රීඩකයින්ගේ මැනේජර් කියන එක පුද්ගලයාව අයින් කරන්න ඕනෑ කෙනා තමයි වටේට දීලා දක්ෂතා නැති අයට තියාගෙන ඉන්නේ... බෝර්න් අගේන් පිල්ලියත් එහෙමයි. වාස් ගත්ත තීරණය හරියටම හරි...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 45 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2170 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 674 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site