(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වර්ෂා කාලය උදාවන තුරු විදුලිය කෙටි කාලයකට විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල වැඩබලන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදුලිය විසන්ධි කරන සැලැස්ම සහ විදුලිය කපා හැරීම ප්‍රදේශ පිළිබඳ සැලැස්ම අනුමැතිය සඳහා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර ඇතැයිද වැඩබලන අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් ආයෝජන මණ්ඩලය යටතේ එන කර්මාන්ත කලාප සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇතැයි සඳහන් කළ දිසානායක මහතා පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර හිමි කර්මාන්තකරුවන්ට විදුලිය විසන්ධි වන කාලයේදි විදුලිය ඒකකයක් වෙනුවෙන් රුපියල් 36 ක මුදලක් ගෙවීමට වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයිද ප්‍රකාශ කළේය.
ඒ වැඩපිළිවෙළ සඳහා කර්මාන්තකරුවන් ඒකරාශී කර ගැනීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරගෙන යන බව වැඩබලන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
කපන එකක්, හැමදාම එකම වෙලාවට කැපෙන්නේ නැතිව කාල සටහනක් හදලා හරියට වෙලාවට කැපුවා නම් හරි... නැත්නම් අපිට හැමදාම 7 ඉඳලා 9.30 වෙනකන් කපනවා. කට්ටියකට හැමදාම හිරුඑළිය තියෙන වෙලාවට කපනවා.
විදුලි මාෆියාව කනෙන් ඇදලා එළියට දාලා ඊළඟ නියඟයට කළින් සූර්ය කෝෂ ටික සවි කරගන්න..
ඔව් ඒක අපි දන්නවා. හැබැයි බත්තරමුල්ල ප්‍රදේශයට විදුලිය කපන්නේ නැහැ... ඒ ඇයි?
අනියමාර්තේ අසම්භාව්‍යක් ක්‍රියාවෙන් හැමදාම කරන්නද හදන්නේ? එහෙම නම් තෙල් නැත්නම් කපන්න වෙනවා. ගල් අඟුරු නැතුව කපනවා කියමින් නොසිට ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් වහාම සොයන්න. එහෙම නැතුව රටට සේවයක් කරන්න බැහැ.. (මම අහලා තියෙනවා නැනෝ කාරයා හැදුවේ ව්‍යාපාරික ටාටා අත්දුටු සිද්ධියක් නිසා කියලා... එතුමා තමා යටතේ සිටි සියලු ඉංජිනේරු තුමාලගේ අදහස් ගෙන සියලු දෙනාටම බැහැ කිව්වාට පස්සේ ආධුනික ඉංජිනේරු මහතෙකු බාරගත්තා... එහෙමයි නැනෝ කාරය හැදුවේ එහෙම නම් සූර්ය බලශක්තිය ගන්න බැරිද? )
අවුරුදු 5කට හෝ යම් කාලයකට මහජනයා පත්කරන ආණ්ඩුව එම කාලය තුළ සිදුවන දේශගුණික විපර්යාසයන්ටද වගකිව යුතු බව සමහර අයගේ අදහසයි.