(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක පැවැත්වනවාද නැද්ද යන තීරණය හෙට (28) පෙරවරුවේ ලැබීමට නියමිත ඉන්දීය ක්‍රීඩකයන්ගේ පී.සී.ආර් පරීක්‍ෂණ ප්‍රතිඵල මත රදාපවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.
ඉන්දීය පිලේ සියලුම දෙනා කොවිඩ් ආසාදිත ක්‍රීඩකයාගේ ආශ්‍රිතයන් වීම නිසා ඉන්දීය පිලේ සියලුම ක්‍රීඩකයන් නැවත පී.සී.ආර්. පරීක්‍ෂණවලට යොමු කළ බවත් එම පී.සී.ආර්. ප්‍රතිඵල වඩාත් තීරණාත්මක වී ඇති බවත් එම නිලධාරියා කීය.
ඉන්දීය ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගැනීම නිසා අද (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි20 තරගය හෙට දක්වා කල්දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුණත් හැම දෙයක්ම විකුණන එකේ මැච් විකුණන එක ගැන කියන්න දෙයක් නැත. ඒක හින්දා අපරාදේ වටිනා ඉඩම් නාස්ති නොකර නගරවල තියෙන පිට්ටනි ටික චීන ණයට හිලව් කරලා කැලේ පැත්තක පිට්ටනි ටිකක් හදමු.