
(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාත පුරා පසුගිය දින කිහිපය තුළ පැවැති අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පවුල් 135 කට අයත් පුද්ගලයින් 508 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
මෙම කාලගුණ තත්වය හේතුවෙන් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 99 කට අයත් පුද්ගලයින් 374 දෙනෙකුද, පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 12 ක පුද්ගලයින් 46 දෙනෙකුද, උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් අටක පුද්ගලයින් 30 දෙනෙකුද, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් තුනක පුද්ගලයින් 6දෙනෙකුද, උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් හතරට අයත් පුද්ගලයින් 14 දෙනෙකුද, හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් තුනක පුද්ගලයින් 11 දෙනෙකුද, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දෙකක පුද්ගලයින් 8 දෙනෙකුද, පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් දෙකක පුද්ගලයින් 9දෙනෙකුද, උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් එක පවුලක පුද්ගලයින් 6දෙනෙකුද, ගඟවට කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එක පවුලක පුද්ගලයින් 5දෙනෙකුද වශයෙන් දිස්ත්‍රික්කයේ පවුල් 135 කට අයත් පුද්ගලයින් 508 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 130 කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ උපදෙස් මත අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පීඩාවට පත්වූ පිරිස් සඳහා සහන ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැස්සෙන් මහනුවර ප්‍රා.ලේ. කොට්ඨාස 10ක ජනයා පීඩාවට