(ඉන්දිකා  රාමනායක )

වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවේ 25ක  සහන කණ්ඩායමක්  අනුයුක්ත කර ඇති බව නාවික හමුදාව පවසයි.

මෙම පිරිසට 150 කට ආසන්න භට කණ්ඩායමක් සහ බෝට්ටු 25 ක්  අනියුක්ත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

කළුතර, ගාල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක වලට සහ බස්නාහිර පළාතට මෙම පිරිස අනුයුක්ත කර ඇත.

මෙම කකණ්ඩායම  බටහිර   නාවික විධානයට අයත් පිරිසක් බවත් මෙම පිරිසට අමතරව දකුණු නාවික විධානය ට අයත් තවත් කණ්ඩායම් 12ක්.අවශ්‍ය වුවොත් යෙදවීම සඳහා සූදානමින් තිබෙන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.