IMG-LOGO

‘වසර 30 කට පසු ජ්‍යෙෂ්ඨත්වය අනුව අගවිනිසුරු පදවියට කෙනෙක් නම්කළා‘

(විනීතා එම් ගමගේ)


අධිකරණයේ සේවා ජ්‍යෙෂ්ඨත්වය  සළකා අගවිනිසුරු පදවියට විනිසුරුවෙක් පත් කරනු ලැබුයේ වසර 30 කට පසුව යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. 


අගවිනිසුරු වශයෙන් පත් කිරීමට ව්‍යවස්ථා සභාවට නම් කර යැවුයේ අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉහළින්ම සිටින විනිසුරුවරයා බව ද හෙතෙම සඳහන් කළේය. 


තමන් නම් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා අවුරුදු 38යි මාස 11 ක් සේවා කාලයක් හිමි, ප‍්‍රාථමික උසාවියක සිට පියවරෙන් පියවර ඉදිරියට ආ අයෙකු බව ද ජනාධිපතිවරයා පැවැසීය.


මේ කිසිවක් සැලකිල්ලට නොගෙන මීට පෙර පත්වීම් දී තිබු බව පැවසූ සිරිසේන මහතා  තමන්ටත් එසේ කරන්නට තිබු නමුත් පැහැදිලි ප‍්‍රතිපත්තියක් තුළ සිටි බවත් සේවාවට ගරු කිරීමක් ලෙසත් අභිමානයක් ඇති වන අයුරිනුත් මෙම පත්වීම කරන්නැයි විනිසුරුවන් තමන් හමුවී ඉල්ලලා සිටි බවත් ප‍්‍රකාශ කළේය.

   
ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූම විනිසුරුවන්ගේ පෞද්ගලික, අධ්‍යාපන, සේවා සුදුසුකම්, සියල්ල ගෙන්වා ගෙන සේවා ජ්‍යෙෂ්ඨත්වය අනුව මෙම පත්වීම කළ බව ද ජනාධිපතිවරයා කීය.  


එහෙත් ලංකාවේ අගවිනිසුරු ධුරයට මීට පෙර ජනාධිපතිවරු පත්කර ඇත්තේ අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය සලකා නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 


ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ පැවැති වන නිලධාරින් 310 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. 
 



අදහස් (9)

‘වසර 30 කට පසු ජ්‍යෙෂ්ඨත්වය අනුව අගවිනිසුරු පදවියට කෙනෙක් නම්කළා‘

Samank Friday, 12 October 2018 09:14 AM

ඡන්දෙ දෙන කොට ලක්ෂ 62 ක ජනතාව නම් ඕක බලන්න නැතිව ඇති නේද?

:       0       7

මහී විජේවීර Friday, 12 October 2018 09:43 AM

කලකට පසුව ඔබතුමා විසින් ගනු ලැබූ ඉතාමත් ශ්‍රේෂ්ඨ තීරණයක්... නීතිපති දෙපාර්තමේන්තුවේ සැඳෑසමය ගෙවන මහළු මඩමක්ව තිබූ ශ්‍රේෂ්ඨාධිකරණය මුල් වතාවට වෙනස් වී ඇත... බිම් මට්ටමේ සිට නීතිය ක්‍රියාත්මක කරන මහේස්ත්‍රාත්වරුන්ගේ දුෂ්කර සේවය දුක් ගැහැට දන්නා උත්තමයකු මේ වතාවේ පත්කර ඇත.

:       2       447

sam Friday, 12 October 2018 09:44 AM

විනිසුරුවරයින්ගේ සුදුසුකම් ඕ ලෙවල්වත් හරියට නැති එක්කෙනෙක් හොයා බලන්නේ කොහොමද කියලයි මම කල්පනා කෙරුවේ?

:       120       28

lalithFriday, 12 October 2018 02:11 PM

ඔය ඕ ලෙවෙල්, ඒ ලෙවෙල් විතරක් නොවෙයි උපාධි ගහපු අයට බැරි දේවල් ලෝකේ හුඟක් තියෙනවා මල්ලියේ. මිනිස්සුන්ගේ වරදකට මොනතරම් බැන්නත් කමක් නැහැ... නමුත් අපහාස කරන්න එපා. එ්කෙන් පෙන්නන්නේ බැනුම් අහන මිනිහගේ නූගත්කම නෙමෙයි ඔහේගේ නූගත්කම. ඔය තාත්තලා, අම්මලා තමන්ගේ පුතා උගතෙක් කරලා තියෙන්නේ ඒ පුතාට වැඩියෙන් උගතෙන් වෙලාම ඉඳල නෙමෙයි නේද? මිනිහෙකුගේ උගත්කමට, නැතිබැරි කමට, හද හුරු කමට, ජාතියට, ජම්මෙට, කුලයට, අපහාස කරන පාහර පුරුද්ද නැති කරගෙන ශිෂ්ට සමාජෙට එන්න බලන්න.

:       0       0

nuwa Friday, 12 October 2018 10:00 AM

ඉවත් කරන්න බලයක් නැතිකළ, පත්වීම් දීමෙන් ලබන සතුට ජීවිතය නම් වේ..

:       1       199

නිමල් සරදිඑල් Friday, 12 October 2018 10:08 AM

රජයේ ආයතනවල ජ්‍යෙෂ්ඨත්වය හෝ අධ්‍යාපන සුදුසුකම දැන් නොසැලකේ... සුදුසුකම වන්නේ ටෙන්ඩර් වලදී ආයතන ලොක්ක කියන පිටරට කොම්පැනියෙන් ඩොලර් වලින් ගැනීමට අත්සන් කිරිම වේ...

:       0       2

SATHYAPALAA Friday, 12 October 2018 10:18 AM

ඔබව ඔතැනට එව්වේ අපි ඔයටික කරන්න තමයි. නමුත් හරියට වැඩ කරපු අවස්ථා අතේ ඇඟිලි ගානටත් අඩුයි.

:       0       19

රනවි Friday, 12 October 2018 11:21 AM

බම්බුව තමයි.. එයාපෝර්ට් වහලා හොරු අල්ලනවා කිව්වෙත් ඔය කටින්ම තමයි. අල්ලපු හොරෙකුත් නැහැ හොරකම්, ජඩකම් අඩුවකුත් නැහැ.

:       0       1

ranjith Friday, 12 October 2018 12:59 PM

හොඳ තීරණයක්... මහින්ද මහත්තය හිටියා නම් මේවා මොකුත් බලන්නේ නැහැ. පන්දම් කාරයෙක් තමයි පත් කරන්නේ...

:       15       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 376 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 937 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1321 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site