(මොහොමඩ් ආසික්)
2009 සිට මේ දක්වා වසර දහයක කාලය තුළ ලක්ෂ 25 ක තරුණ පිරිසක් රැකියා සඳහා විදේශගතව ඇති බවත් ඔවුන්ගෙන් සමහර පිරිස් නැවත නොපැමිණෙන බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
මහනුවර හල්ඔළුවේ රුපියල් ලක්ෂ 320 ක වියදමින් ඉදි කළ නව බස් නැවතුම්පොළ විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.
‘‘කිසිදු යුද ගැටුමක් නැති පසුගිය වසර දහය තුළ ලක්ෂ 25 ක් රට දාලා ගිහින් තියෙනවා රැකියා කරන්න. එසේ ගිය සමහරු ආපසු එන්නේ නෑ. ඒකෙන් පොඩි හෝ වෘත්තිය සුදුසුකමක් තියෙන පිරිස ලක්ෂ 10 ක්.
කවුරු මොනව කිව්වත් අද මේ රටේ ලොකු ශ්‍රම හිඟයක් තියෙනවා.අද විශාල වශයෙන් වෘත්තියවේදීන්ගේ ප්‍රශ්නයක් මතු වෙලා තියෙන්නේ මේ නිසයි.
වෛද්‍යවරු ඉංජිනේරුවරු ගණකාධිකාරිවරුන් ආදී වෘත්තිය සේවාවල රටේ සේවයේ ඉන්නේ 52,000 යි ඒවගේම මේ පසුගිය අවුරුදු දහයට වෛද්‍යවරු ඉංජිනේරුවරු ගණකාධිකාරිවරුන් ආදී වෘත්තිකයින් තවත් 52,000 ක් පිටරට ගිහිල්ලත් තියෙනවා. ඒ නිසා අපට පේනවා රටේ දැන උගතුන්ගේ ප්‍රශ්නයක් උගත්තු රට හැර යන තත්වයක් ඇති වෙලා තියෙනවා.
ඒ නිසා වැඩිහිටියෝ හැටියටත් තරුණයෝ හැටියටත් අපි කල්පනා කරන්න ඕන මේ රටේ අපිට කොතැනද වැරදිලා තියෙන්නේ කියලා.ඒ වැරදිච්ච තැන හදා ගන්න ඕන. මේකට ප්‍රධානතම හේතුව තමයි මේ විෂම නාගරීකරණය පාරට ගියහම පාරේ වාහන තදබදය,තැනතැන්වල කුණු කඳු අනවසරෙයන් ගොඩකරල අනවසර ඉදිකිරීම් කරලා.ගංවතුර, එහෙමත් නැත්නම් නියඟය යැයිද අමාත්‍යවරයා කීය‘‘.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් තරුණ වෘත්තිකයන් රට හැර යන්න ප්‍රධානතම හේතුව තමයි 8 පාස් නැති දේශපාලකයින්ගේ මැටි වැඩ සහ ඔවුන් පස්සේ යන දේශපාලන වහලුන් නිසා ඇති වන කළකිරීම...
තාම තේරුනේ නැහැ. මේ රටේ නාඩගම් බලබල ඉන්න කියලද ඔයාලා කියන්නේ? දැනගනිල්ලා, ඉදිරි අවුරුදු 10 දී ලක්ෂ 50ක් යනවා. මේ රටේ ඉතුරු වෙන්නේ නාඩගම් බලන්න බූරුවන් ටිකක් විතරයි. උගත් කිසිම දෙමව්පියෙක් ඒ අයගේ ළමයි මේ රටේ තියන්න බලාපොරොත්තුවක් නැහැ.
උගත්, තරුණ පිරිස් රට හැරයන්න එක හේතුවක් තමයි මහජන බදු මුදල් වලින් ඉදිවන ගොඩනැගිලි දේශපාලකයන් විසින් විවෘත කිරීම වගේ 20 වැනි සියවසේ වැඩ කරන පාලකයන් ඉන්න රටක ජීවත්වීමට අකමැති වීම... උගත් තරුණයන් රටේ දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු වන දේ හණමිටි අදහස් තියෙන පාලකයින්ට තේරෙන්නේ නෑ...
එහෙම උගතුන්ගේ හිඟයක් තිබෙනවා කියල දැනගෙන උන්නා නම් පසුගිය අවුරුදු හතරහමාරේ අලුතින් පාසල් කියලා ඇරියද? අලුතින් කාර්මික විද්‍යාල කීයක් ඇරියද? අලුතින් විශ්ව විද්‍යාල කීයක් පටන් ගත්තද? අලුත් කාර්මික විද්‍යාල පාඨමාලා කීයක් ආරම්භ කළාද? උපාධි පාඨමාලා කියක් ආරම්භ කළාද? පාසල් ගුරුවරුන්ගේ, කාර්මික විද්‍යාල ගුරුවරුන්ගේ, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ වැටුප් කීයකින් වැඩිකළාද? රටේ ජාතික ධනය කෝටි ගණන් පිටරටවලට ගෙවා විදේශ රටවලින් උපාධි සමත්ව පැමිණෙන තරුණ තරුණියන් කොපමණක් අපේ වෘත්තීය සංවිධානවල සම්බාධක නිසා රැකියා නොමැතිව සිටිනවද? රටේ ඉදිරි වසර පහ නැතිනම් දහය තුළ එක එක ක්ෂේත්‍රවල උගතුන්ගේ උෟණතාවයක් හඳුනාගෙන තිබේද? එම උෟණතාවයන් සඳහා අදාල පාඨමාලා වැඩි කිරීමට හෝ වැඩියෙන් බඳවා ගැනීමට තරම් උගත්කමක් සහ සැලසුමක් ඇති මන්ත්‍රී මණ්ඩලයක්, ඇමති මණ්ඩලයක්, නැතිනම් පාලකයින් අපට සිටීද?
ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ අධ්‍යාපනය සඳහා යන අය කොතෙක්ද කියලා බැලුවද? ඒ අයත් බොහොමයක් ආපසු ලංකාවට එන්නේ නැහැ...
ඇමති තුමා දැනුවත් කලාට ස්තුතියි දිගටම මිනිස්සු දැනුවත් කරමින් ඉන්න. මම දන්නා කාලේ ඉඳලා ඔබතුමා කරන්නේ හොඳ සංඛයා ලේඛන ඉදිරිපත් කිරීම. පිළියම් දෙන එක ජනතාවට කරන්න පුළුවන්නේ නේද?
කාලකන්නි දේශපාලකයින් නීතිය තුට්ටුවකට මායිම් නොකරමින් ලංකාවේ කරන වැඩ පිටරටකට ආවාම හොඳට පේනවා. ලොකු එකාට වෙනම නීති. ටිකක් ඉගෙනගත්තු අයගේ ලේ කෝප වෙනවා. වැඩිකල් ජීවත්වෙන්න වෙන්නේ නැහැ. පිටරටක ටිකකලක් හරි ජීවත්වුණු කෙනෙකුට ලංකාවට ඇවිත් ලොකුවට සල්ලි හෝ පන්දම් අල්ලන හිතක් හෝ නැතිනම් ජීවත් වෙන්න බැහැ.
දේශපාලකයෝ මෙහි වගකීම ගත යුතුයි.
ඉතින් හොඳයිනේ. ලක්ෂ 25ක තරුණයන්ගේ රැකියා ප්‍රශ්නය විසඳිලානේ. ඔබතුමා කෙතරම් ඒ රට හැර ගිය තරුණ පිරිසට ස්තුති කළයුතුද? ලංකාවේ තරුණයින්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමට ඒ අය කරපු පරිත්‍යාගයට. අනේද කියන්නේ මෙතුමා...
කාලෙකට පස්සේ දේශපාලකයෙක්ගෙන් මොලේ තියෙන කතාවක් ඇහුවා..
තරුණයන් ලක්ෂ 25 ක් රට හැරගිය බවට කොහොමද දන්නේ නෑ ගණනය කලේ? අර කෙරවලපිටියට ගල් අඟුරු ගේනවා වගේ වෙන්න ඇති නේද? කට තිබුණු පලියට කතා කරන එක මෝඩ ගතියක් පහුගිය අවුරුදු 15දී හොරා කාපු සල්ලි ගන්නත් ඔය ගමන්ම කිව්වා නම් හොඳයි නේද?
මූලික හේතුව අවිනිශ්චිත අනාගතය. මේකට දේශපාලකයන් වගකිව යුතුයි. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ විගස විදේශ ගත උගතුන්ට නැවත පැමිණෙන ලෙස ආරාධනා කළත් ඒ මහතා කළ දේවලින්ද සිදු වූයේ හිටපු අයටත් රට එපාවීමයි.
හරක් රට පාලනය කරන කොට මොලේ තියෙන එකෙක් රටේ ඉඳීවිද?
වෘතීයවේදීන්ට දේශපාලන අමනකම් නිසා නියමිත ලෙස වැඩ කිරීමට නොහැකිවීම රට හැරයාමට එක හේතුවකි.
මේක පුදුම වෙන්න දෙයක් නෙවේ. ලංකාවේ දේශපාලකයෝ ටික රට හදනවා වෙනුවට ඒක විනාශ කරගෙන යනකොට, තිබෙන ඔක්කොම දේවල් ඒ ගොල්ලම බෙදා හදා ගෙන කන කොට රට හැර නොගිහින් වෙන මොනවා කරන්නද?
මගේ දරුවන් දෙදෙනාත් රටහැර ගියා. මම එ් ගැන බොහොම සතුටුවෙනවා. මම කියලා තිබෙන්නේ ලංකාව පැත්තට හැරිලා නිදිය ගන්නවත් එපා කියලා.
වැරදිච්ච ප්‍රථම ස්ථානය නම් අඩු අධ්‍යාපනයක් ඇති අයවලුන් රටේ ඉහළම ස්ථානයක සිටීම... මේ ගැන විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ඇති ඔබ හට මනාව වැටහී ඇතැයි සිතමි. උගතුන්ට යමක් තේරුම් කරදීම පහසු වූවත් නූගතුන්ට එසේ නොවේ. උගතුන්, නූගතුන්ට සර් කියන්න වෙනකොට, සමාජ දූෂකයින්ට ඔලුව නමන්න වෙනකොට උසස් අධ්‍යාපනයක් ලද ඔබහට කුමක් සිතෙන්නේද? එතැනින් විතරද? වෛද්‍යවරයකුගේ වේතනය? ඉංජිනේරුවෙකුගේ වේතනය? තාක්ෂණ ශිල්පියකුගේ වේතනය? අටවත් පාස් නැති සමාජ දූෂිත මන්ත්‍රී වැටුප? ඉහතකී ශ්‍රමිකයකුගේ මාසික දීමනා? නූගත් මන්ත්‍රීන්ගේ මාසික දීමනා? ඔන්න ඔතන තමා මූලිකව අපට වැරදුණු තැන. පහළ සිට ඉහළට සමාජය ගැන නොසිතා ඉහළ සිට පහළට සිතන්න.
ඇත්තටම රටගිය ඇත්තෝ කීය කීය හරි විදේශ විනිමය ලංකාවට එවනවා නේද? අනෙක රටේ තිබෙන රැකියාවලට ඉල්ලුම අඩුවෙනවනේ. රට යන්නේ නැත්තේ රජයේ රැකියා ලැබෙන තෙක් උද්ඝෝෂණ කර කර ඉන්න උපාධිදාරීන්ද?
මුකුත් නෙමෙයි. කාලකන්නි දේශපාලනය තමයි.
අනේ මහත්තයෝ... කුණු හින්දා නෙමේ රට දාලා යන්නේ. ඔයාලා හින්දයි.
225ම රට නැවක දාලා ලෝකේ කොනට තල්ලු කරා නම් හරි...
එම තත්වයට බලයේ හිටි හැම නායකයෙක්ම වගකිව යුතුයි. දැනටත් රටේ උගතුන්ට රැකියා නැහැ. රජයේ නොවෙයි. ස්වයං රැකියාවක් කලොත් මොනවා හරි නිෂ්පාදනයක් කරොත් විකුණගන්න උදව්වක් නැහැ. බදු ගන්නවා විතරයි. රාජ්‍ය සේවය තර කරමින් පඩි වැඩි කරමින් යන්නේ නැතිව ව්‍යවසායකයින් බිහිකරන විදියේ පාඨමාලා විශ්වවිද්‍යාලවල සහ කාර්මික විද්‍යාලවල පටන්ගෙන ඔවුන් දිරිමත් කරන ක්‍රම හදන්න. ණය දීලා හිර කරන එක නොවෙයි. තව බොහෝ දියුණු ක්‍රම තිබෙනවා නේද? නිෂ්පාදකයින් කළමනාකරණය කර රජය මගින් විකිණීමේ හෝ අපනයනය කරන ක්‍රම. චම්පික ඇමතිතුමා මේ ගැන හොඳටම දන්නවා.
තව රට දාලා යන්න හේතු තමයි මිනිස්සුන් ව්‍යාපාර කරන්න හුරු කරන්නේ නැතුව රැකියා වලටම පුරුදු කිරීම, ආණ්ඩුවේ කාර්යාල වල මිනිස්සු රස්තියාදු කරමින් කාලය කා දැමීම, නීතිය හරියට ක්‍රියාත්මක නොවීම, අදික බදුබර, දේශපාලනය කරන අය සහ රාජ්‍ය සේවකයෝ විසින් රටේ මුදල් කොල්ලකෑම, අනික පොදු ප්‍රවාහනයේ දුර්වලතා. උදාහරණයකට ලේන් දෙකේ අධිවේගී මාර්ග නොවේ මේ රටට ඕන. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනටමත් වාහන වැඩියි. තව අවුරුදු පහක් යනකොට ඕකත් නිකන් සාමන්‍ය පාරක් වගේ වෙනවා.කළ යුතු වන්නේ රටම ආවරණය වෙන්න අදියරෙන් අදියර නවීන දුම්රිය සේවයක් ඇරබීම. පුද්ගලික වාහන වල උවමනාව අඩුවෙනවා එහෙම කරනවා නම්....අනික දැන් රටේ තියෙන වාහනම හදාගෙන සහ අවශ්‍ය වෙනස් කම් කරගෙන පාවිච්චි කරන්න ඉඩ දෙන්න. ඒ වගේම දැනට රාජ්‍ය ආයතන වලින් විතරක් කරගත හැකි සේවා පිළිගත් පුද්ගලික ආයතන වලට දෙන්න. නැත්තම් මේ කම්මැලි රාජ්‍ය සේවකයෝ එක්ක රට ගොඩ ගන්න බෑ. දුම් සහතිකය පුද්ගලික ආයතන වලට දෙන්න පුලුවන් වගේ අනිත් ඒවත් එහෙම කරන්න. තාක්ෂණය භාවිතා කරමින් බොහෝ දේවල් ස්වයංක්‍රීයව කරන්න ක්‍රමත් හදන්න.
කන්න හිතෙන රටක්.........
තරුණයෝ රට හැරලා යන්නේ මේ වගේ අය රට පාලනය කරනකොට උගතුන්ට පැවැත්මක් නැති බව තේරෙන නිසා කියල වත් තේරෙන්නේ නැති කෙනෙක්නේ මේ.උගත් විතරක් නෙමේ අඩු ගානේ ව්‍යාපාරිකයෙකුට ගොඩ නැගෙන්න වත් මොකද්ද මේගොල්ලෝ කලේ? එක පරපුරක් ඉන්න තරම් සිංහල ව්‍යාපාරිකයන්ව මංකොල්ල කෑවා . මේ බුරු රැල ඇවිත් ව්‍යාපාර මුළුමනින්ම කඩලා වැට්ටුවා.තව මොකක්ද අපිට කල්පනා කරන්න කියන්නේ ? තමන්ගේ පපුවට තට්ටු කරලා බලන්න විතරයි තියෙන්නේ " මම කොයි තරම් හානියක් මේ රටට ජාතියට කලාද ?" කියලා.
රටේ බදු සල්ලි හොරකම් කරලා රටට කරලා තියෙන් හොඳ හින්දා තමයි......
ඔබතුමාලා රට කන නිසා තම මෙහෙම වෙන්නේ.පුළුවන් මිනිස්සු ඔක්කොම යනවා.රටක් නැති කරලා. යාගන්න බැරි මිනිස්සු සහ අසරණ මිනිසුන් ඉතුරු වෙයි රටකට.රට කන්න එපා. මේ වගේ හොඳ රටක් නැහැ.කට විතරයි.
ඉන්න හිතෙන රටක් හදපු නිසා වෙන්න ඇති.
ඇත්ත වශයෙන්ම උගතුන්ට අවස්ථාවක් දෙන්නේ නැති අතර වැඩක් කරන්න හැදුවත් කරන්න දෙන්නේ නෑනේ. දුක කියන්නේ අනිත් රටවල් අපේ ශ්‍රමයෙන් ඔවුන්ගේ රටවල් දියුණු කර ගන්නවා. ඒවගේම ඔවුන් අපේ හැකියාවල් අගේ කරනවා වගේම අවස්ථාවත් හදලා දෙනවා. එ්ක තමා වෙනස සහ යන්න හේතුව.
පසුගිය ටිකේ මිනිහා කෝටි 500ක දැන්වීම් දැම්මා. අන්තිමට නටපු නැටුමකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ.
රාජ්‍ය සේවයට ගන්නේ දේශපාලන හෙන්චයියන්ව.ඔවුන් වැඩ කරන්නේ නැහැ. පඩි ගන්නවා විතරයි .කරන්න පුළුවන් උනත් ටිකක් මහන්සිවෙලා ෆයිල් එකක් හොයන්න වෙනවා නම් ඔවුන් පුටුවෙන් නැගිටින්නෙම නැතුව මේක කරන්න බැහැ කියල මිනිස්සුන්ව ගෙදර යවනවා. කිසිම අලුත් වැඩක් කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. මමත් වසර 15 ක් විතර විදේශ රටක ඉඳල එහෙන් හොයාගත්ත සල්ලි ගෙනල්ලා ලංකාවේ සංචාරක කර්මාන්තයට ගැලපෙන වැඩක් කරන්න හැදුවා.අන්තිමේට මට ඒකට නොහිතපු ආයතන ගොඩකින් ලිපි ලේඛණ අවසර පත් ගන්න උනා. ආරක්ෂක අමාත්‍යංශයෙන්, සංචාරක අමාත්‍යංශයෙන්, ධිවර අමාත්‍යංශයෙන්, පොලිසියෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, වනජීවී එකෙන්, රේගුවෙන්, සහ තවත් ගොඩක් ආයතන වලින්. මේ හැම ආයතනයකින්ම කළේ මාව අපහසුතාවයට පත් කරලා මේක නොකරන තැනට පත් කරන්නයි. ධීවර අමාත්‍යංශයෙන් නම් කිසිම සහයෝගයක් දුන්නේ නැහැ.ඉතින් මම ඒක අන්තිමේට බැරිම තැන අත ඇරලා නැවත විදේශගත වෙලා දැන් නිදහසේ ඉන්නවා.කරන්න හැදුවේ මම ඉන්න රටෙන් සුද්දෝ ගෙනල්ලා මුදේ විනෝදයට මසුන් ඇල්ලීමේ සේවයක්.නමුත් ලංකාවේ රාජ්‍ය සේවයේ නිළදාරීන් කිසි කෙනෙක් මේක තේරුම් ගත්තේ නැහැ .
රැකියා තියෙනවා. ඒත් සුදුසු අය නැහැ. ඉන්නෙ නිකම් ඉඳලා පඩිගන්න බලාගෙන ඉන්න අය. රටේ නායකයෝ යැයි කියාගන්නා අය ගැන කිසිම විශ්වාශයක් නැහැ.
ඉහතින් පළකර ඇති අදහස් සියල්ලම ඉතාම නිවැරදියි. මමත් ඒ සියලු දෙනා සමගම එකඟයි. ප්‍රශ්නය හරියටම විශ්ලේෂණය කරලා පළකරපු අදහස්. රටකට ලැබෙන්නේ ඒ රටේ ජනතාවට ගැලපෙන ආණ්ඩුවක් කියනවනේ. අපේ රටේ ඉන්න හොර තක්කඩි ආණ්ඩුවලට උගතුන් සිටීම බාධාවක් නිසා බුද්ධිමතුන් රටින් ඉවත් වී පාලක තක්කඩින්ට නිදහසේ රට මංකොල්ල කෑමට පුළුවන් වෙන හින්ද සන්තෝෂ වෙන්න ඇමතිතුමෝ.
රට හැරයාම තවත් 200% ,300% ගුණයකින් වැඩිවෙනවා මිස අඩු නොවේ. මෙය අන්‍යොන්‍යව සමානුපාතික කරුණක්. දුෂණය,භීෂණය, වංචාව,නාස්තිය ඇතිකරන්නේ ඔබතුමාලා මිසක සාමාන්‍ය ජනතාව නොවේ. දේශපාලකයන්ගේ මෙම හැසිරීම් වේගයට අනුපාතිකව රට හැරයාමේ ප්‍රවණතාවය වේගවත් වේ. මෙයට වගකිවයුත්තන් 70 වසරක රට අපහරණය කළ ඔබලාය. කවදා හරි දවසක මේකේ ඉතුරුවෙන්නේ " හරක් සහ ඔවුන් පාලනය කරන ගොපල්ලන් " පමණි. එය ඔබ සැමගේ 70 දෙවසරක බලාපොරොත්තු මල්ඵල ගැන්වීමයි.
තරුණයින්ට විතරක් නෙමේ මහල්ලන්ටත් මේ රට හැර යන්නයි සිදුවෙලා තිබෙන්නේ. පාලකයින් විසින් මොල හෝදපු ගෝත්‍රිකයින් රැලක් සිටින රටක තම ආරක්ෂාවට ආයුධයක් ළඟ තබා ගත යුතුයි.සද්දෙට බිරිය හැකි කටක්, පාලකයින්ට ආවැඩිය හැකි දිගු නැට්ටක් මෙන්ම ඔවුන් ඉදිරියේ හතරට නැවෙන කොන්දක්, නොමැතිව මේ මෝඩයින්ගේ පරාදීසයේ මනුස්සයෙක් ලෙස ජීවත් විය හැකිද?
පළමුව අප සදහන් කරන්නේ මෙම අදහස් ප්‍රකාශ කළ මහජන මුදලින් සුරසැප විදින මේ "ඇමති" පිස්සෙකි. අප එසේ සදහන් කරන්නේ මොහුට මෙතෙක් කල් ඒ බව වැටහුනේ නැති නිසායි. අප කණගාටුවෙනවා මෙවන් පුද්ගලයන් අපගේ රටේ මහජන නියෝජිතයන් ලෙස පත්කරගෙන ගේ මිහරකුන් නඩත්තු කිරීමට මහජන මුදල් නාස්ති කිරීම පිලිබදව.එබැවින් අප මෙසේ පැවසීමට කැමැත්තෙමු. රැකියාවල අඩුලුහුඩුකම් මෙන්ම රැකියාවන්වලට සුදුසු වන පරිදි අධ්‍යාපන ක්‍රමයක් අප රටේ තිබේද නැද්ද පිළිබඳව සාමන්‍ය මිනිසුන්ට තේරුණත් මොහුට නොතේරීම අභාග්‍යකි. කරුණාකර අපගේ මෙම අදහස් හැලිවදුරන් 225 ටම කියවීම සදහා කිසිදු වෙනසකින් තොරව පළ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
තරුණයින් රට හැර යන්නේ ජීවත් වීමට මෙහි රැකියා නැති නිසයි. තියෙන රැකියා ටිකත් දේශපාලන සුදුසුකම් වලට යටත්වෙනවා. රැකියාවක් තිබුණත් ජීවත්වීම සටනක්. පාරට බැස්සාම වාහන තදබදය නැත්නම් ප්‍රවාහන සේවා වර්ජනයේ. බස්වල දුම්රියවල ගිහින් වැඩක් කරන්නේ කොහොමද? ඔය යනවයි කියන රටවල එවැනි සේවා මනාලෙස පවත්වාගෙන යනවා. තමන්ට නිදහසේ රැකියාව කරමින් ඉන්න පුළුවන්. හැබැයි ලංකාවේ තරම් නිවාඩු අයිස් ගැසීමට ඉඩක් නැහැ.