IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අනිද්දා

(ඩයනා උදයංගනී)        
 
මේ වසරේ අවසාන චන්ද්‍රග‍්‍රහණය සහ අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අනිද්දා (16) රාත්‍රියේ ලාංකිකයන්ට දැකබලාගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
 
මෙම අර්ධ චන්ද්‍රග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට මෙන්ම  ඕස්ටේ‍්‍රලියාව, අප‍්‍රිකාව, දකුණු ඇමෙරිකාවට, යුරෝපය සහ ආසියාවේ බොහෝ රටවලටත් දිස්වන බවද ඒ මහතා කියාසිටියේය.        
 
මේ ආකාරයෙන් පියවි ඇසට පෙනෙන චන්ද්‍රග‍්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මින් පසු උදාවන්නේ 2021 මැයි 26 වැනිදා බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
         
මෙම චන්ද්‍රග‍්‍රහණය ආරම්භ වන්නේ අනිද්දා (16) මධ්‍යම රාත‍්‍රිය ගෙවී එනම් 17 වැනිදා අලුයම 12.13 ට වන අතර එය චන්ද්‍රයා පෘථිවියේ උපචයාවට (අඩ අඳුරු සෙවනැල්ලට) ඇතුළුවීමත් සමඟ ආරම්භ වන බවද හෙතෙම කීවේය.
 
පෘථිවියේ උපචායාවෙන් (අඩ අඳුරු සෙවනැල්ල) චන්ද්‍රයා ඉවත්වීමත් සමග 17 වැනිදා අලුයම 5.47ට චන්ද්‍රග‍්‍රහණය අවසන් වන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ ය.
         
අර්ධ චන්ද්ග‍්‍රහණය පියවි ඇසට දක්නට ලැබෙන්නේ 17 වැනිදා අලුයම 1.31 සිට අලුයම 4.29 දක්වා වන අතර උපරිම ග‍්‍රහණ අවස්ථාව අලුයම 3.00 ට දක්නට ලැබේ.
         
එම අවස්ථාවේ සඳ මතුපිටින් 65 %ක් පමණ පූර්ණ ඡායාවෙන් ආවරණය වී චන්ද්‍රග‍්‍රහණය හොඳින් දැකිය හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මේ දිනවල අහසේ ඉතා දීප්තිමත්ව බැබළෙන යෝධ ග‍්‍රහලෝක දෙකක් වන බ‍්‍රහස්පති සහ  සෙනසුරු ග‍්‍රහනයන්ද මෙම අවස්ථාවේදී චන්ද්‍රයාට ඉතාම ආසන්නව පිහිටන බවත්, එබැවින් මෙදින දුර්ලභ ආකාශ වස්තු දැකගත හැකි බවත් මහාචාර්යවරයා ප‍්‍රකාශ කළේය.
         
එදින සෙනසුරු සඳට ඉතා ආසන්නවත්, බ‍්‍රහස්පති වඩාත්ම දීප්තිමත්ව ඉන් තරමක් ඔබ්බෙනුත් දැක ගත හැකි බවද හෙතෙම කීවේය.
         
මිනිසා ප‍්‍රථම වරට සඳ මතට ගෙන ගිය ඇපලෝ 11 රොකට් යානය පෘථිවියෙන් කක්ෂගතවීමේ 50 වන සංවත්සරය යෙදී ඇත්තේද අනිද්දා (16) දිනයේදීය.



අදහස් (0)

වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අනිද්දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site