චමිල් රුපසිංහ
ජනපති මෛත්‍රී හා අගමැති මහින්ද හමුව රටට යහපත් එකක් වනු ඇතැයි විශ්වාස කරන බවත් එජාප නායකත්වයට රට ගැන හෝ ජනතා ප්‍රශ්න පිළිබඳව හැඟීමක් නොතිබූ බව අස්ගිරි මහනායක වරකාගොඩ ඤාණරතන නාහිමියෝ පැවසූහ.
සංචාරක හා වනජීවි අමාත්‍යය වසන්ත සේනානායක හා නියෝජ්‍යය ඇමැති ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුද අද (1) ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත්හ.
අස්ගිරි මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියන් ද මල්වතු මහ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදී මේ බව පැවසුහ.
දේශපාලනඥයින් සෑම විටම රටේ යහපත පිළිබඳ සිතා තීන්දු තීරණ ගත යුතු බවද එක්සත් ජාතික පක්ෂයේ වසන්ත සේනානායක හා ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එකතු වීමට ගත් තීරණය යහපත් බවද උන්වහන්සේ කීහ.
තමන් ගෙන් පසු වනජීවි ඇමැති ධූරයට කිහිප දෙනෙකු පත් වුවත් ජනතාව අපේක්ෂා කරන සේවාව ඉන් සිදු නොවුණු බවත් ඒ එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ට වැඩක් කරන්නට අවස්ථාව නොදුන් බවත් මෛත්‍රී මහින්ද සුසංයෝගය තුළින් රටට වැඩක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇමැති වසන්ත සේනානායක මහතා එහිදි කීය.
දින සියයේ රජය තුළ තමන්ට වනජීවි ඇමැති ධූරය ලබා දීමෙන් පසු විශාල වැඩ කොටසක් දමන්නට අඩිතාලම දමා තමන් එහි හොඳින් වැඩ කිරීම ඇරඹූ බවත් පසුව එම ඇමැති ධූරය තමන් ගෙන් ඉවත් කළේ තමන් හොදින් වැඩ කළ නිසා බවද අමාත්‍යවරයා එහිදී කීය.
ජනපති හා හිටපු අගමැති වසර දෙකකින් කණ්ඩායම් රැස්වීමක් පවත්වා නැති බවත් රනිල් සෑම විටම වැඩ කළේ ජනපති අදහස් ගරු නොකරමින් බව නියෝජ්‍ය ඇමැති ආනන්ද අලුත්ගමගේ මහතා කතා කරමින් එහිදී කීය.
රනිල් සෑම විටම තින්දු තීරණ ගත්තේ තමන් සමිපයේ සිටින අතේ ඇඟිලි ගානටත් වඩා අඩු තමන්ගේ හිතවතුන් පිරිස සමඟ බවද අමාත්‍යවරයා කිය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
වසන්ත සේනානායක අස්ගිරි මහ නාහිමියන්ට දුක කියති
sirimal Thursday, 01 November 2018 11:48 AM
කලිසමකුත් ඇඳගෙනද ඔහොම කතා කරන්නේ මහත්තයෝ? ඔබ තුමන්ලාට චන්දය දුන්න අයගේ අදහස් විමසනවා කීවා මතක නැද්ද? මැරුණත් යන්නේ නැහැ කීවා මතක නැද්ද? සල්ලි මල්ලි සල්ලි කියන්නේ මේවා තමයි.
රවින් Thursday, 01 November 2018 12:06 PM
මෙයා මේ දුක කියන්නේ වේවැල් පුටුවක් උඩ ඉඳගෙනද?