IMG-LOGO

වස්ගමුව ජාතික උද්‍යානය හෙට විවෘත කෙරේ

 

(කාංචන කුමාර ආරියදාස)
 
මාස තුනක පමණ කාලයක් වසා දමා තිබු වස්ගමුව ජාතික උද්‍යානය හෙට (22) සිට නැවත සංචාරකයින්ට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය උද්‍යාන භාරකරු ආර් .එම් සී. බණ්ඩාරනායක මහතා පැවසීය.
 
සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් පරිදි නීති රාමුවක් යටතේ වස්ගමුව ජාතික උද්‍යානය හෙට සිට වන සතුන් නැරඹීම සඳහා අවස්ථාව ලැබෙන බවත් ඒ සඳහා පනවා ඇති නිරෝධායන නීති රීති උල්ලංඝණය නොකොට  උද්‍යානය තුළ වනසතුන් නැරඹීමට හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
 
 මාස තුනක පමණ කාලයක සිට උද්‍යානය වසා දමා තිබීම හේතුවෙන් එහි සිටි වන සතුන් පිළිබඳව වනජීවී නිලධාරීන් ඊයේ (20) සොයා බැලූ බව ආර් .එම් සි . බණ්ඩාරනායක මහතා පැවසීය.
 
වන අලින් , විවිධ පක්ෂීන් උර ගාන සතුන්, ගෝනා ,මුවා ,කුළු මීමා ,වලහා ,දිවියා ආදී සතුන් රැසක් මෙහිදී නැරඹීමට හැකියාව පවතින බව  බණ්ඩාරනායක මහතා සඳහන් කළේය. 

උද්‍යානයේ මේ වන විට වියළි තත්වයක් පවතින බවත් ඇතුළත ඇති කුඩා වැව් වල දිය පානය කිරීම සඳහා සතුන් විශාල වශයෙන් ඇදෙමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
 
මෙම උද්‍යානය සංචාරකයන් වෙත විවෘත වීමෙන් පසු  ප්‍රදේශයේ  සංචාරක හෝටල් සහ ලැගුම්හල් පවා විවෘත කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවත් වන සතුන් නැරඹීම සඳහා යොදවා ඇති සෆාරි ජිප් රථ සඳහා ද විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් ඒ මහතා පැවසීය.



අදහස් (16)

වස්ගමුව ජාතික උද්‍යානය හෙට විවෘත කෙරේ

විජිත් Sunday, 21 June 2020 07:45 AM

ස්වභාවධර්මය ආරක්ෂා කිරීම අප සැමගේම වගකීමක්... එය අප පරම්පරාවෙන් පරම්පරාවට ඉගැන්විය යුතු දෙයක්... අප අපගේ දරුවන්ට ඉගැන්වියයුතු, පහදා දිය යුතු වැදගත්ම දෙයක් සොබා දහමට ගරුකිරීම... පාසල් විෂයක් ලෙස කුඩා දරුවාගේ පටන් මෙය ඉගැන්විය යුතුයි. එවිට ඔවුන් අපිට උරුම අපේ ස්වභාවික දේවල් ආරක්ෂා කරගනීවි... අපි චූටි කාලේ හැම තැනම තිබුණා "හෙන්දිරික්කා" මල් ගස්වලට මොකද වුනේ? ගෙවල් අසල නිතර ගැවසුණු අපේ "ගේ කුරුල්ලාට" මොකද වුනේ..? අද ඒගොල්ලෝ දකින්න ලැබෙන්නේ කලාතුරකින්... පිස්සන් ලෙසින් කෘමීනාශක සරණයන මිනිසුන් අවසානයේදී ඔවුනුත් නැසී පරිසරයත් විනාශ කරනවා. ලංකාවේ ඉඳලා හිටලා දකින්න පුළුවන් "අවිච්චියා "කියන බෙල්ලේ රතු ලපයක් තියෙන චූටි කුරුල්ලව ඔබ දැක තියෙනවාද..? ඉංග්‍රීසියෙන් එයාට කියන්නේ "robin" කියලා. ඉස්සර ඇමෙරිකාවේ ගෙවල් අසල මිදුල්වල මේ පක්ෂීන් බොහෝ ලෙස ගැවසුණාලු. නමුත් DDT වැනි රසායනික නිසා ඒගොල්ලෝ වඳවී ගියා. අපේ රටේ "හරිත" පක්ෂයක් සැදීමට කාලයයි.. අපේ රවින්ද්‍ර කාරියවසම්. චාමිකර.. ඇතුළු සියලුම පරිසරයට ආදරේ කරන හිතවතුනි. දැන් කාලයයි. ඔබ ප්‍රමාදවුනොත් අනාගත පරම්පරාවට කාන්තාරයක් පමණක් ඉතිරිවේවි...!!!

:       0       31

පූජාMonday, 22 June 2020 06:47 PM

"robin" කියන කෙනාව නම් මම යාලු කර ගත්තා. එයාලා සීත කාලයේදී තමයි බොහෝවිට දකින්නට ලැබෙන්නේ. පාන් කෑල්ලක් දාපුවාම, ක්‍රෝටන් පඳුරකට මුවාවෙලා කන්නේ මෙහි සිටිනා "පොල් කිච්චාට "බයේ.. හැමදාම හැන්දෑවට අපේ ගෙදර පිටි පස්සේ තිබෙන වැටට වෙලා බලාගෙන ඉන්නවා. එයාලා දිහා මා හොරෙන් බලාගෙන විඳින සතුට වචනයෙන් කියන්න දන්නේ නැහැ. බෙල්ල ගාවින් ලස්සන රතුපාටක් පේනවා.. හැම වෙලාවේම ඉන්නේ ජෝඩුව විදිහට...

:       0       31

විජිත් Monday, 22 June 2020 04:59 AM

සොබා දහම් අම්මාගේ අකීකරුම දරුවා කරන ලද හිත්පිත් නැති "නරක" වැඩවලට අමතක නොවන පාඩමක් ඉගැන්වූ "අපි සැමගේම අම්මා" දැන් කෙටි විවේකයක් ගනිමින් සිටියි.. එ්ත් ඇගේ දෑස හැම තැනම.. පසුගිය මාස 3 කදී.. මේ ලෝකයේම ස්වභාවික පරිසරය ක්‍රමයෙන් අවධි වුණා.. හැම දෙසින්ම සිත් තෙත්වන සිද්ධීන් අසන්න ලැබුණා. කැලෑව තුළ මිනිසාට බියේ "කොටුවී" සිටි සතුන් නිදහසේ සතුට උපරිමව විඳි අයුරු අපිට අසන්න ලැබුණා. ඒ වගේම ඉඳහිට නරුම " නොමිනිසුන් " සිදුකල මහා පොලොව නුසුලන සත්ව ඝාතන ගැණත් ඇසුණා. දැන් ක්‍රමයෙන් මිනිසා අවදිවෙමින් සිටියි. ආත්මාර්ථකාමී මිනිසාගේ තර්කය" සංවර්ධනය කරා යාමේදී ස්වභාවධර්මයා හා ගැටීමට සිදුවන බවයි. නමුත් මේ මෝඩ කතාව කියන්නේ ශ්‍රී ලංකාවේ "ඊනියා සංවර්ධන කාරයින් " පමණයි. ලෝකයේ බොහෝ රටවල "නිශ්චිත කැලෑ" ප්‍රමාණයක් ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කරයි. ස්වීඩනයේ ඒ ප්‍රමාණය රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 50 % ක්. ප්‍රංශයේ 43%ක් පමණ... අපේ රටේ මම නොදකින තව දෙයක් තියෙනවා. ඒ තමයි "හරිත" දේශපාලනික පක්ෂයක් නොමැති වීමයි. ලෝකයේ බොහෝ දියුණු රටවල පරිසර හානිවලට විරුද්ධව නැගී සිටින්නේ ඒ "හරිත" පක්ෂයි.

:       0       31

විජිත් Monday, 22 June 2020 05:08 AM

ස්වභාවධර්මය ආරක්ෂා කිරීම අප සැමගේම වගකීමක්... එය අප පරම්පරාවෙන් පරම්පරාවට ඉගැන්විය යුතු දෙයක්... අප අපගේ දරුවන්ට ඉගැන්විය යුතු, පහදා දියයුතු වැදගත්ම දෙයක් සොබා දහමට ගරුකිරීම... පාසල් විෂයයක් ලෙස කුඩා දරුවාගේ පටන් මෙය ඉගැන්විය යුතුයි. එවිට ඔවුන් අපේ ස්වභාවික දේවල් ආරක්ෂා කරගනීවි.. අපි චූටි කාලයේ හැම තැනම තිබුණු "හෙන්දිරික්කා" මල් ගස්වලට මොකද වුනේ..? ගෙවල් අසල නිතර ගැවසුණු අපේ ගේ කුරුල්ලාට මොකද වුනේ..? පිස්සන් ලෙසින් කෘමිනාශක සරණ යන මිනිසුන් අවසානයේදී ඔවුනුත් නැසී පරිසරයත් විනාශ කරනවා. ලංකාවේ ඉඳලා හිටලා දකින්න පුළුවන් " අවිච්චියා "කියන බෙල්ලේ රතු ලපයක් තියෙන චූටි කුරුල්ලව ඔබ දැක තියෙනවාද..? ඉංග්‍රීසියෙන් එයාට කියන්නේ "robin" කියලා. ඉස්සර ඇමෙරිකාවේ ගෙවල් අසල මිදුල්වල මේ පක්ෂීන් බොහෝ ලෙස ගැවසුණාලු. නමුත් DDT වැනි රසායනික නිසා ඒ ගොල්ලෝ වඳවී ගියා. අපේ රටේ සිටින පරිසර සංවිධානවලට එකතු වී "හරිත" පක්ෂයක් සැදීමට කාලයයි.. අපේ රවින්ද්‍ර කාරියවසම්., චාමිකර, ඇතුළු සියලුම පරිසරයට ආදරේ කරන හිතවතුනි. දැන් කාලයයි, ඔබ ප්‍රමාද වුනොත්.. අනාගත පරම්පරාවට උරුම වන්නේ හිස්ම හිස් කාන්තාරයක් පමණයි.

:       0       15

සමිත සේනක අලුත්ගමගේ.Monday, 22 June 2020 08:53 AM

අදහස් ටික නම් අති විශිෂ්ටයි විජිත්, ඇත්තටම පරිසරය ගැන අප විශේෂ හඬක් නැගිය යුතුමයි.. අප මෙලොව හැරදා ගිය දිනෙක හෝ මතු පරම්පරාවට පරිසරයක් තිබිය යුතුයි. ඒත්, මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ. අපේ පරසරයේ වටිනාකම දන්නේ සුද්දන්... මා නිතර ගන්නා සතුන්ගේ හා නව පරිසර සේයාරූ දුටු, ලංකාව ගැන දන්නා, ලංකාවට පැමිණ ඇති, මේ උගත් මිතූරියක් වන විශ්ව විද්‍යාලයීය කථිකාචාර්ය වරියක කීවේ මේ වගේ සුන්දර පරිසරක් ඇති සොඳුරු පාරාදීසයක් දමා ලංකාවේ අය ඇමරිකාවේ කොන්ක්‍රීට් ලෝකයේ පදිංචියට එන්නේ මන්ද යන්නයි. ඔවුන් ඒ තරමටම, අපගේ පරිසරයට ආදරෙයි.. ඒත්, දවසක මා කැලයක ඡායාරූප ගනිමින් සිටියදී, අසල පාරේ ගිය මෝටර් සයිකලයක පිටුපස සිටි තරුණයෙකු, අර මිනිහා හැමදාම බැද්දේ ඉඳන් පොටෝ ගන්නවා, පිස්සෙක් ද කොහෙද කියා කිව්වා. මට අපේ මිනිසුන් ගැන මහා කලකිරීමක් ඇතිවුණා.

:       0       15

විජිත් Monday, 22 June 2020 09:58 AM

ස්තුතියි සමිත, මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක්... අපේ රටේ ඉන්න බහුතරයක් ජනතාවගේ සිතුම් පැතුම් ගැන මට නම් මහාම මහා හිරිකිතයක් දැනෙන්නේ... හැබැයි වයසකම අය ඒ වගේම අපේ ආදිවාසි වැදී ජනතාව වගේ අය තවම පරිසරයට ආදරේ කරනවා. අපිට අපේ රටේ වටිනාකම තේරෙන්නේ මේ කොන්ක්‍රීට් වනාන්තරවල ජීවත් වෙනකොටයි. ඔයා දන්නවාද මම අපේ රටට ආපු දාම මුලින්ම වගේ කරන දෙයක් තමයි "තණකොළ පෑගීම" ඒකෙන් මට ලැබෙන ආශ්වාදය කියා නිම කරන්න බැහැ.. අපේ ඇඟේ තියෙන වැඩිපුර ආරෝපණ සියල්ලම පොළවට පිටවන නිසා සිරුර නිරෝගී වෙනවා. ඒවගේ පරිසරයක් තිබිලත් අපේ බහුතරයක් ඒවාගෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ. අපේ ආහාර..? ලෝකයේ තියෙන රසවත්ම කෑම. ගුණවත්ම කෑම. මගේ හිතවත් ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් කීවා "ගොරකා" කියන්නේ පිළිකා නසන ප්‍රබල බෙහෙතක් කියලා. ඉතින් දෙයියනේ.. මේ ඔක්කොමත් තිබිලා අපේ අය කැලෑ කපනවා... සත්තු මරනවා.. ඇල දොලට වසවිෂ දමනවා... මේ ඇවිල්ලා මරාගෙන මැරෙන කාලකන්නි වගයක්... මේවා ගැන කතාකරපුවාම සමහරු හිතන්න පුළුවනි.." මේ මොලේ අමාරු කාරයෙක් ."කියලා. ප්‍රශ්නයක් නැහැ.. එකම එක මිනිහෙක්වත් මේ මොකද වෙන්න යන්නේ කියලා තේරුම් ගත්තොත් ඒ ඇති...

:       0       19

.පූජා Monday, 22 June 2020 08:32 AM

මෙහි හයවෙනි පින්තූරයේ ඉන්නේ " දෑකැත්තා " කියලා හඳුන්වන කුරැල්ලාද ? අන්තිම පින්තුරයේ ඉන්න කෙනා "මොනරෙක් "වගෙයි පෙනෙන්නේ ... සමහර විට මම වැරදි ඇති..

:       0       15

.පූජා Monday, 22 June 2020 09:02 AM

මෙහි සිටිනා නාගයා දුටුවාම මට මෙහෙම හිතුණා. මෙයාලට "දෙපත් " නයි කියලාත් කියනවා නේද? සමහර මිනිසා කියන සත්වයාට නම් මුහුණු ගොඩක් තියෙනවා.

:       0       15

විජිත් Monday, 22 June 2020 09:35 AM

පුජා, ඔයා කියන වර්ගයේ මිනිස්සු ගැහැණු මේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා. හැබැයි ඔක්කොම එහෙම නැහැ. මම දන්නවා ඇයි මේ හින්ට් පාස් කරන්නේ කියලා... හරි හරි .... ලැහැස්තිවෙන්නකෝ මාත් එක්ක කිඳුරු කොදෙව්වේ මුතු මාලිගාව බලන්න යන්න. මට පිහිනන්න කිමිදෙන්න ටිකක් පුළුවන් ඒ නිසා ඔයාව පරිස්සමෙන් අරගෙන යන්නම්.

:       10000       131

පුජාWednesday, 24 June 2020 05:09 AM

අනේ විජිත්, ඔයා වගේ කෙනෙකුට හින්ට් පාස් කරන්න තරම් මම නපුරු නැහැ. දැන් මම වැඩ වගයකට එළියට යනවා. තරහ වෙන්න එපා විජිත්.. දවස් 2ක් 3ක් ඔන්ලයින් එකට එන්න වෙන්නේ නැහැ. මම පස්සේ කියන්නම්. මා ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න එපා කියලා ඉතා කරුණාවෙන් ඔයාගෙන් ඉල්ලා සිටිනවා. මෙය ටයිප් කරන්නේ හදිසියෙන්. ගෙදර අය කෑගහනවා...

:       0       131

විජිත්Wednesday, 24 June 2020 07:22 AM

පූජා, සමහර වෙලාවට මම කරන විහිළු ගනන් ගන්න එපා. වැරදි යමක් ලිව්වා නම් සමාවෙන්න.

:       33       131

පූජාWednesday, 24 June 2020 02:22 PM

අද ලැහැස්ති වෙලා ගියේ නවතින්න බලාගෙන, හෙට එන්නලු... අද මට මම ආසම කරන මානෙල් මල්වලට කමන්ට් එකක් දාන්න වාසනාව උදා වුණා...

:       7       131

විජිත් Thursday, 25 June 2020 09:05 AM

මම හිතුවේ ඔයා මේ කොමෙන්ට් එකට අකමැතියි කියලා. ඒ නිසා පළමු වතාවට මම මටම නෙගටිව් කොමෙන්ට්ස් 10 000ක් දමාගත්තා..

:       51       131

පූජා Saturday, 27 June 2020 01:46 AM

පිස්සු වැඩක්නේ කරලා තියෙන්නේ. හරියට පොඩි ළමයි වගේ...

:       13       131

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 June 2020 10:02 AM

පූජා, දෑකැත්තා කියන්නේ මෙයා නෙමෙයි. එයා පොඩි වක්‍රවූ හොටයක් තියෙන කෙනෙක්... මෙයා වෙනත් කුරුල්ලෙක්...

:       93       15

සමිත සේනක අලුත්ගමගේ.Monday, 22 June 2020 11:37 AM

පූජා, මෙයා ලංකාවේ සිටින අපේ දේශීය නාගයා. මෙයා දුඹුරු සුදු අයෙක්... ඇත්තටම ඔයා නිවැරදියි.... මොකද මෙයා අප රටේ සමහර මිනිසුන් තරම් නපුරු නැහැ... මීට අමතරව අප රටේ කළු සුදු නාගයෙකුත් සිටිනවා. කියන්නේ නම්, කළු නයා සැර වැඩියි කියා... දෙපත් නයා කියන සර්පයාව මං දෙවතාවක් දැක තිබෙනවා. කළුසුදු පුල්ලි තියෙන කෙනෙක්. මට ගැමියෙකු තමයි පෙන්නුවේ.. හිසට අමතරව වලිගයේත් හිසක් මෙන් නිර්මාණය වී තිබෙනවා. ගැමියා කොටුවක් ගෙන හිසට තට්ටුවක් දැමූ සැණින් වේගයෙන් ප්‍රතිවිරුද්ධ අතට ගියා. නැවත අනෙක් පැත්තට එසේ කළවිට නැවතත් අනිත් පැත්තට ගියා. මට හරිම පුදුමයි වැඩේට.. සොබාදහම හරිම අපූරු සුන්දරත්වයක් තිබෙන දෙයක්..

:       40       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 54 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 614 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site