






(කාංචන කුමාර ආරියදාස)
මාස තුනක පමණ කාලයක් වසා දමා තිබු වස්ගමුව ජාතික උද්‍යානය හෙට (22) සිට නැවත සංචාරකයින්ට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය උද්‍යාන භාරකරු ආර් .එම් සී. බණ්ඩාරනායක මහතා පැවසීය.
සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් පරිදි නීති රාමුවක් යටතේ වස්ගමුව ජාතික උද්‍යානය හෙට සිට වන සතුන් නැරඹීම සඳහා අවස්ථාව ලැබෙන බවත් ඒ සඳහා පනවා ඇති නිරෝධායන නීති රීති උල්ලංඝණය නොකොට උද්‍යානය තුළ වනසතුන් නැරඹීමට හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
මාස තුනක පමණ කාලයක සිට උද්‍යානය වසා දමා තිබීම හේතුවෙන් එහි සිටි වන සතුන් පිළිබඳව වනජීවී නිලධාරීන් ඊයේ (20) සොයා බැලූ බව ආර් .එම් සි . බණ්ඩාරනායක මහතා පැවසීය.
වන අලින් , විවිධ පක්ෂීන් උර ගාන සතුන්, ගෝනා ,මුවා ,කුළු මීමා ,වලහා ,දිවියා ආදී සතුන් රැසක් මෙහිදී නැරඹීමට හැකියාව පවතින බව බණ්ඩාරනායක මහතා සඳහන් කළේය.
උද්‍යානයේ මේ වන විට වියළි තත්වයක් පවතින බවත් ඇතුළත ඇති කුඩා වැව් වල දිය පානය කිරීම සඳහා සතුන් විශාල වශයෙන් ඇදෙමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම උද්‍යානය සංචාරකයන් වෙත විවෘත වීමෙන් පසු ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ ලැගුම්හල් පවා විවෘත කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවත් වන සතුන් නැරඹීම සඳහා යොදවා ඇති සෆාරි ජිප් රථ සඳහා ද විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාවධර්මය ආරක්ෂා කිරීම අප සැමගේම වගකීමක්... එය අප පරම්පරාවෙන් පරම්පරාවට ඉගැන්විය යුතු දෙයක්... අප අපගේ දරුවන්ට ඉගැන්වියයුතු, පහදා දිය යුතු වැදගත්ම දෙයක් සොබා දහමට ගරුකිරීම... පාසල් විෂයක් ලෙස කුඩා දරුවාගේ පටන් මෙය ඉගැන්විය යුතුයි. එවිට ඔවුන් අපිට උරුම අපේ ස්වභාවික දේවල් ආරක්ෂා කරගනීවි... අපි චූටි කාලේ හැම තැනම තිබුණා "හෙන්දිරික්කා" මල් ගස්වලට මොකද වුනේ? ගෙවල් අසල නිතර ගැවසුණු අපේ "ගේ කුරුල්ලාට" මොකද වුනේ..? අද ඒගොල්ලෝ දකින්න ලැබෙන්නේ කලාතුරකින්... පිස්සන් ලෙසින් කෘමීනාශක සරණයන මිනිසුන් අවසානයේදී ඔවුනුත් නැසී පරිසරයත් විනාශ කරනවා. ලංකාවේ ඉඳලා හිටලා දකින්න පුළුවන් "අවිච්චියා "කියන බෙල්ලේ රතු ලපයක් තියෙන චූටි කුරුල්ලව ඔබ දැක තියෙනවාද..? ඉංග්‍රීසියෙන් එයාට කියන්නේ "robin" කියලා. ඉස්සර ඇමෙරිකාවේ ගෙවල් අසල මිදුල්වල මේ පක්ෂීන් බොහෝ ලෙස ගැවසුණාලු. නමුත් DDT වැනි රසායනික නිසා ඒගොල්ලෝ වඳවී ගියා. අපේ රටේ "හරිත" පක්ෂයක් සැදීමට කාලයයි.. අපේ රවින්ද්‍ර කාරියවසම්. චාමිකර.. ඇතුළු සියලුම පරිසරයට ආදරේ කරන හිතවතුනි. දැන් කාලයයි. ඔබ ප්‍රමාදවුනොත් අනාගත පරම්පරාවට කාන්තාරයක් පමණක් ඉතිරිවේවි...!!!
සොබා දහම් අම්මාගේ අකීකරුම දරුවා කරන ලද හිත්පිත් නැති "නරක" වැඩවලට අමතක නොවන පාඩමක් ඉගැන්වූ "අපි සැමගේම අම්මා" දැන් කෙටි විවේකයක් ගනිමින් සිටියි.. එ්ත් ඇගේ දෑස හැම තැනම.. පසුගිය මාස 3 කදී.. මේ ලෝකයේම ස්වභාවික පරිසරය ක්‍රමයෙන් අවධි වුණා.. හැම දෙසින්ම සිත් තෙත්වන සිද්ධීන් අසන්න ලැබුණා. කැලෑව තුළ මිනිසාට බියේ "කොටුවී" සිටි සතුන් නිදහසේ සතුට උපරිමව විඳි අයුරු අපිට අසන්න ලැබුණා. ඒ වගේම ඉඳහිට නරුම " නොමිනිසුන් " සිදුකල මහා පොලොව නුසුලන සත්ව ඝාතන ගැණත් ඇසුණා. දැන් ක්‍රමයෙන් මිනිසා අවදිවෙමින් සිටියි. ආත්මාර්ථකාමී මිනිසාගේ තර්කය" සංවර්ධනය කරා යාමේදී ස්වභාවධර්මයා හා ගැටීමට සිදුවන බවයි. නමුත් මේ මෝඩ කතාව කියන්නේ ශ්‍රී ලංකාවේ "ඊනියා සංවර්ධන කාරයින් " පමණයි. ලෝකයේ බොහෝ රටවල "නිශ්චිත කැලෑ" ප්‍රමාණයක් ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කරයි. ස්වීඩනයේ ඒ ප්‍රමාණය රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 50 % ක්. ප්‍රංශයේ 43%ක් පමණ... අපේ රටේ මම නොදකින තව දෙයක් තියෙනවා. ඒ තමයි "හරිත" දේශපාලනික පක්ෂයක් නොමැති වීමයි. ලෝකයේ බොහෝ දියුණු රටවල පරිසර හානිවලට විරුද්ධව නැගී සිටින්නේ ඒ "හරිත" පක්ෂයි.
ස්වභාවධර්මය ආරක්ෂා කිරීම අප සැමගේම වගකීමක්... එය අප පරම්පරාවෙන් පරම්පරාවට ඉගැන්විය යුතු දෙයක්... අප අපගේ දරුවන්ට ඉගැන්විය යුතු, පහදා දියයුතු වැදගත්ම දෙයක් සොබා දහමට ගරුකිරීම... පාසල් විෂයයක් ලෙස කුඩා දරුවාගේ පටන් මෙය ඉගැන්විය යුතුයි. එවිට ඔවුන් අපේ ස්වභාවික දේවල් ආරක්ෂා කරගනීවි.. අපි චූටි කාලයේ හැම තැනම තිබුණු "හෙන්දිරික්කා" මල් ගස්වලට මොකද වුනේ..? ගෙවල් අසල නිතර ගැවසුණු අපේ ගේ කුරුල්ලාට මොකද වුනේ..? පිස්සන් ලෙසින් කෘමිනාශක සරණ යන මිනිසුන් අවසානයේදී ඔවුනුත් නැසී පරිසරයත් විනාශ කරනවා. ලංකාවේ ඉඳලා හිටලා දකින්න පුළුවන් " අවිච්චියා "කියන බෙල්ලේ රතු ලපයක් තියෙන චූටි කුරුල්ලව ඔබ දැක තියෙනවාද..? ඉංග්‍රීසියෙන් එයාට කියන්නේ "robin" කියලා. ඉස්සර ඇමෙරිකාවේ ගෙවල් අසල මිදුල්වල මේ පක්ෂීන් බොහෝ ලෙස ගැවසුණාලු. නමුත් DDT වැනි රසායනික නිසා ඒ ගොල්ලෝ වඳවී ගියා. අපේ රටේ සිටින පරිසර සංවිධානවලට එකතු වී "හරිත" පක්ෂයක් සැදීමට කාලයයි.. අපේ රවින්ද්‍ර කාරියවසම්., චාමිකර, ඇතුළු සියලුම පරිසරයට ආදරේ කරන හිතවතුනි. දැන් කාලයයි, ඔබ ප්‍රමාද වුනොත්.. අනාගත පරම්පරාවට උරුම වන්නේ හිස්ම හිස් කාන්තාරයක් පමණයි.
මෙහි හයවෙනි පින්තූරයේ ඉන්නේ " දෑකැත්තා " කියලා හඳුන්වන කුරැල්ලාද ? අන්තිම පින්තුරයේ ඉන්න කෙනා "මොනරෙක් "වගෙයි පෙනෙන්නේ ... සමහර විට මම වැරදි ඇති..
මෙහි සිටිනා නාගයා දුටුවාම මට මෙහෙම හිතුණා. මෙයාලට "දෙපත් " නයි කියලාත් කියනවා නේද? සමහර මිනිසා කියන සත්වයාට නම් මුහුණු ගොඩක් තියෙනවා.
පුජා, ඔයා කියන වර්ගයේ මිනිස්සු ගැහැණු මේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා. හැබැයි ඔක්කොම එහෙම නැහැ. මම දන්නවා ඇයි මේ හින්ට් පාස් කරන්නේ කියලා... හරි හරි .... ලැහැස්තිවෙන්නකෝ මාත් එක්ක කිඳුරු කොදෙව්වේ මුතු මාලිගාව බලන්න යන්න. මට පිහිනන්න කිමිදෙන්න ටිකක් පුළුවන් ඒ නිසා ඔයාව පරිස්සමෙන් අරගෙන යන්නම්.
පූජා, දෑකැත්තා කියන්නේ මෙයා නෙමෙයි. එයා පොඩි වක්‍රවූ හොටයක් තියෙන කෙනෙක්... මෙයා වෙනත් කුරුල්ලෙක්...