IMG-LOGO

වාසුගෙන් කතානායකට ලිපියක්

 
හර්ෂණ තුෂාර සිල්වා
 

 
පාර්ලිමේන්තු සැසිවාරය කල් දමා තිබියදී ශ්‍රී ලංකා රජය, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට කතානායකවරයා විදෙස් තානාපතිවරුන්ට තම පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණීමට ඉඩ ලබාදුන් බව ඇසීමෙන් තමන් පුදුමයට පත්වූ බව ජාතික සමඟිය, සංහිඳියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
 
කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමු කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඒ බව සඳහන් කර තිබේ. 
 
නානායක්කාර මහතා අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාට ද එම ලිපියේ පිටපත් යොමු කර ඇත.  
 
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කතානායක කරු ජයසූරිය මහතාට යොමු කරන ලිපියේ මෙසේ ද සඳහන් වේ.
 
“මම දශක පහකට ආසන්න කාලයක් දේශපාලනයේ සිටි බවත්, ඒ අනුව හොඳ හැටි පදම් වූ දේශපාලනඥයකු බවත් ඔබ දන්නවා. ඒ අනුව බලන විට කතානායකට පුටුවට ඔබ නවකයෙක්. මා මේ ලිපිය ලියන්නේ එම කරුණු සිහි තබාගෙනයි.
 
ශ්‍රී ලංකා රජය, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදෙස් තානාපතිවරුන්ට පාර්ලිමේන්තුවේ ඔබේ කාර්යාලයට පැමිණීමට ඉඩ දුන් බව ඇසීමෙන් මා පුදුමයට පත්වුණා. විශේෂයෙන්ම ඔවුන් අතර ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා සිටියා. ඔබ හමු වූ බොහෝ දෙනා බටහිර රටවල තානාපතිවරුන්. එම රටවල් 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී එවකට පැවැති පාලනය පරාජයට පත් කිරීමට සක්‍රීයව දායකත්වය දුන් බව කවුරුත් දන්නා රහසක්.
 
එම රටවල සිටින අපගේ තානාපතිවරුන්ට මේ අයුරින් ඔවුන්ගේ රටවල හෝ ඔවුන්ගේ පාර්ලිමේන්තුවල කටයුතුවලට මැදිහත් වන්නට ඉඩ දෙනවාද ?
 
පසුගිය කාලයේදී තමන්ගේ මැතිවරණවලට හා අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූ බව සඳහන් කරමින් ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය වෙනත් රටවලට චෝදනා කළා. ඔවුන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වුණා. එවැනි තත්ත්වයකදී ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකා තානාපතිවරිය, බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් අපේ රටේ කටයුතු සම්බන්ධයෙන් හැසිරුණු ආකාරය සහ ඔබ ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත ඉවසා සිටීම සහ ඊට ඉඩ ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. එය කිසිසේත් අගය කළ නොහැකි ක්‍රියාවක්. 
 



අදහස් (11)

වාසුගෙන් කතානායකට ලිපියක්

weerakoon Friday, 09 November 2018 12:09 PM

මේ වගේ බුද්ධිමතුන් දශක පහකට ආසන්න කාලයක් දේශපාලනයේ ඉඳලත් රට තවම දුප්පත් වුනේ කොහොමද...?

:       0       0

Manoj Friday, 09 November 2018 12:28 PM

කරු අපට විල්සන් කරු වගේ රඟපෑවට බටහිරට තවමත් කම්කරු.

:       725       897

liyanage Friday, 09 November 2018 12:57 PM

හොඳ ලිපියක් !!!

:       301       615

Hafeel Friday, 09 November 2018 01:35 PM

මමත් පුදුමයට පත්වුණා. ඔබ දූෂිතයෝ සමග ඉන්නෙක ගැන. ඔබ චන්ද්‍රිකා මැතිණියගේ කාලේ මෙහෙම නොවේ හැසිරුනේ. ඒ වකවානුවේ ඔබ හොරකම්, වංචා, දූෂණයට විරුද්ධව තදින් හිටියා. චන්ද්‍රිකා දීපු තනතුරත් විසිකරලා ගියා. නමුත් මහින්ද බලයට ආපු විගස, ඔබ වෙනස් වුණා.

:       186       144

Jaya Friday, 09 November 2018 01:49 PM

පුදුම වැඩේ කියන්නේ මේ තානාපතිවරු එක්කෙනෙක්වත් රටේ ප්‍රධානියා වෙන ජනාධිපති හම්බවෙන්න එන්නේ නෑ...

:       1       363

Mahee Friday, 09 November 2018 07:41 PM

කරුණු යමක් තෝරා බේරා ගන්න දැන් වයස වැඩියි, නේද?

:       0       0

ලුම්බිණි Friday, 09 November 2018 11:24 PM

දශක පහකට ආසන්න කාලයක් දේශපාලනයේ උන්නට රටට කරපු එක දෙයක් තියෙනවද? සෙන්කොලේ උස්සන් දුවපු එක සහ පාර්ලිමේන්තුවේ කුණුහරුප කියපු එක නම් මතකයි.

:       0       0

Adam Saturday, 10 November 2018 12:39 AM

හරි දේ නොකර විදායක ජනදිපතිට අබියෝග කරන්න ගිහින් හැමදේම නැති කරගත්ත චන්දෙන් පස්සේ ඉතින් නිකම්ම මන්ත්‍රී තමා. සදු සදු

:       0       0

Reality Check Saturday, 10 November 2018 02:30 AM

ඕවා ගැලරියට විසිල් ගහන්න කියන කතා... බටහිර රටවල් නැත්නම් 2015 සිට තවම අපව සහ අපේ සම්පත් පාලනය කරන්නේ අලි බබා සහ හොරු 40. එක කෝල් එකයි ආවේ 2015 ජනවාරි 9 වනදා අලි බබාට... හම්බන්තොටට පස්ස නොබලා දිව්වා. හැබැයි කියන්නේ ජනතාවට, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරේට ගියා කියලා!

:       0       0

එතුමා Saturday, 10 November 2018 05:29 AM

ඇයි බැංකු හොරා ගැන දන්නේ නැද්ද?

:       1       2

Sunil Saturday, 10 November 2018 05:51 AM

පුතා ඉන්නේ බටහිර රටක නේද?

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1791 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site