ඩයනා උදයංගනී
වෙසක් පෝයට පෙර එනම් ඉදිරි මාස තුන ඇතුළත කසිප්පු මත්ද්‍රව්‍යය රටින් තුරන් කිරීමට කටයුතු නොකළොත් පොලීසිය වැඩබැරි ආයතනයක් ලෙස සළකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ත්‍රස්තවාදීන් පරාජය කළ ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට කසිප්පු පාලනය කිරීම පහසු කටයුත්තක් බවද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද (5) ඇරඹී මත්ද්‍රව්‍ය පාලනය සදහා නව ජාතික සැලැස්මක් සැකසීමේ සමුළුව අමතමිනි.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘වෙසක්වලට පෙර කසිප්පු රටින් තුරන් නොකළොත් පොලිසිය වැඩබැරි ආයතනයක් සේ සළකනවා’
Bandara Tuesday, 05 March 2019 05:57 AM
ඔන්න ඉතින් කිව්වා වෙන්නේ නැති වැඩක්
abaran Tuesday, 05 March 2019 06:08 AM
මැති ඇමතිවරුන්ගේ බඩට ගහන්ටයි හදන්නේ... මම හිතන්නේ නෑ මෙය කරයි කියලා. අපේ ගරු ජනාධිපතිතුමාගේ සද්දේ විතරයි කියලා එතුමාම ඔප්පු කරලා තියෙනවා නොයෙකුත් අපරාධ සම්බන්ධයෙන් ඉතින් මේකත් එහෙමම තමයි. වැඩිම උනොත් ගමේ තියෙන බූලියක් දෙකක් අල්ලයි. වෙසක් පෝයට කලින් පෝය පහු උනාම ආයෙම වැඩ පටන් ගනීවි... මැති ඇමතිවරුන්ගේ කසිප්පු වෙළඳ පොලට යන්නේ කසිප්පු නාමයෙන් නොවෙයිනේ. ඒවා ලේබල් අලවලා අලංකාර විදියට ලොකු ලොකු සාප්පු වල බැබලෙනවා. ගමේ පොඩි එකාගේ ඒවා තමයි කසියා වෙන්නේ.
Steve Tuesday, 05 March 2019 06:08 AM
පොලිසිය භාර ඇමතිවරයාත් වැඩ බැරි ලෙස සලකන්න
Hafeel Tuesday, 05 March 2019 03:45 PM
ඒක තමයි.
Raveendra Tuesday, 05 March 2019 06:16 AM
අපරටේ මුල් පුරවැසියාගේ මෙම අදහස් අප අගය කරන්නෙමු. එම අදහස් එලෙසම ක්‍රියාත්මක වෙනවාද යන්නද සොයා බැලිය යුතුය " කසිප්පුකාරයන් " සමග අත්වැල් බැදගෙන ඉන්න" දේශය පාලුකරන අය මෙන්ම " කසිප්පුකාරයන් " සමග කරට අතදාගෙන සිටින "නිල ඇදුම් කාරයන්වත්" නම්ගම් සහිතව සියලු තොරතුරු මෙන්ම ඡයාරූපද මහජනතාවට දැකගැනීමට " නීති හැකි ඉක්මනින් වෙනසක් කිරීමට " කටයුතු කරන මෙන් අප රටේ මුල් පුරවැසියාට මතක් කිරීමට කැමැත්තෙමු.
කැලුම් Tuesday, 05 March 2019 06:22 AM
ඒ අභියෝගයම අපි ඔබතුමාට දෙනවා ලබන ජනවාරි 08 දක්වා
rama Tuesday, 05 March 2019 06:32 AM
කසිප්පු විතරක් මදි බාර්රුත් තුරන් කලොත් හොද නැද්ද
Sunil Tuesday, 05 March 2019 06:32 AM
කරන්න පුළුවන් කියලා හිතේ ඇති.
prasad Tuesday, 05 March 2019 06:45 AM
කසිප්පුනම් මොනවද මහත්තයෝ පුලුවන්නම් වෙසක් එකට කලින් රටේ තියන් කුඩු නැතිකරලා පෙන්වන්න
රවින්ද්‍ර Tuesday, 05 March 2019 06:53 AM
කිව්වොත් කිසිම පදනමක් නැති කතාවක්..! ලංකාවේ මත්පැන් භාවිතයෙන් සියේට 60 ක් භාවිතා කරන්නෙ කසිප්පු.
chandra weerasinghe Tuesday, 05 March 2019 06:53 AM
වැඩ බැරි පොලිසියක් අපිට නැහැ !! කරන්න බැරි දේ ගැන කට මැත දොඩන ජනාධිපති කෙනෙක් නම් ඉන්නවා !
d.upul Tuesday, 05 March 2019 07:12 AM
මට නිකං පිස්සු වගේ තනියම හිනාවෙලාම.
de silva berlin Tuesday, 05 March 2019 07:26 AM
කසිප්පු නැති කරන්න නම් අරක්කු වලට ගහන බද්ද 50% අඩු කරන්න , එතකොට කස්සිප්පු බොන මිනිස්සුන්ගේ 60%-80% අතර ප්‍රමාණයක් අරක්කු බොන්න පටන් ගනීවි, කස්සිප්පු වලට ඉල්ලුම අඩුවනකොට එම ව්‍යාපාරය කඩා වැටේවි, බදු අඩු කරන ඒක පොලිසියට කරන්න බැහැ, කරන්න පුළුවන් විධායක් බලතල තිබෙන ඔබතුමාට , මම ජිවත්වන ජෙර්මනියේ මේ විදිහට විශාල බද්දක් මත්පැන් වලට ගහන්නේ නැහැ , මත්පැන් ඕනෙම සුපර් මර්කෙට් එකක ගන්න තිබෙනවා , හොර මත්පැන් මෙහෙ නැහැ , පාරේ බිල කුණුහරුප කියන මිනිස්සුත් නැහැ . මෙහෙ කස්සිප්පු නිෂ්පාදනයක් ඇත්තෙම නැහැ.
diasTuesday, 05 March 2019 12:59 PM
ඔය ඕනෙම රටක "කසිප්පු" යයි නොකීවට, ගෘහස්තව නිෂ්පාදනය කරන "ක්‍රාෆ්ට් මත්පැන්" වර්ග තිබෙනවා. එකම වෙනස නම් ඔය රටවල මත්පැන් නිෂ්පාදනය සඳහා ගන්න අමුද්‍රව්‍ය සහ අඩංගු මද්‍යසාර ප්‍රතිශතය නියාමනය කෙරෙනවා. මෙවැනි නියාමනයක් "පෝය කිහිපයකින්" කල නොහැකිය. උදාහරණයක් ලෙස ජර්මනියේ අද පවතින මද්‍යසාර නියාමනය සිදුවීමට වසර 500 කට වඩා ගතවී තිබෙනවා. ලංකාවේ කිතුල් ගස්, තල් ගස්, වනගත කසිප්පු තිප්පොළවල් ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති මත්පැන් ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා විශාල ශ්‍රම බලකායක් අවශ්‍ය වන බැවින් එය ප්‍රයෝගික කල හැකි දෙයක් නොවනු ඇත. කල හැකි හොඳම පිළියම නම් අරක්කු වල මිල අඩු කිරීම වන නමුත්, රජය එයින් විශාල බදු මුදල් එකතු කර ගන්නා බැවින් එයද ප්‍රයෝගික විකල්පයක් නොවනු ඇත.
saliya Tuesday, 05 March 2019 07:32 AM
මත්පැන් කොයි එකත් අගුනය. වෙසක් එකට පෙර පොළොන්නරුවේ නම ගිය හෝටල් වල මත්පැන් විකිණීම නවතා දමන්න ක්‍රියා මාර්ග ගන්න. එවිට කැපවීම තහවුරු වේ.
පාල මුදලාලි Tuesday, 05 March 2019 07:42 AM
කසිප්පුවැනි මත්බීම වෙනුවෙන් අධිකරණය නියම කරන දඩමුදල් රජයේ පහලම මට්ටමේ දේශපාලන ආයතන නඩත්තු කරන්න යොදවනවානේද මේ කටයුත්තෙන් එම ආයතවල පාඩුව පියවන්නත් ජනතා මුදල් යොදවන්න වෙනවානේද
Buddika Tuesday, 05 March 2019 07:51 AM
ප්‍රකාශයක් විදියට හොඳයි. ඒත් ප්‍රායෝගිකව කල හැකිද?
BamunuarachchiTuesday, 05 March 2019 10:34 AM
විකාර! මිනිස්සු මත්පැන් භාවිතය මේගොල්ලන්ට නවත් වන්න පුලුවන්ද? දුප්පත් මිනිසුන්ට මත්පැන් බෝතලයක් අරන් බොන්න බැරිගානට මිල ඉහළ දැම්මාම මිනිස්සු ලැබ මත් පැන් සොයාගෙන යනවා.
ravi Tuesday, 05 March 2019 07:57 AM
හරි ලස්සන තේමාවක් .. බුදුරැස් විහිදෙන තොරන් .. දාන පාරමිතාවෙන් බැබලෙන දන්සැල් පිටුපස සිද්ද වෙන්නේ කසිප්පු විකිණීමයි. සමහරවිට ගමේ ගොඩේ ගෙවල්වලත් බොරු සෝබනේට වෙසක්කුඩු .. බෞද්ධ කොඩි එල්ලගෙන ... මත්පැන් , මත්ද්‍රව්‍ය භාවිතාකරමින් බයිලා සංගීතයෙන් වෙසක් සාදයන් ඉතා හොඳින් පවත්වාගෙන ගිය බව අපිට මේ වෙනකන් වෙසක් දිනවල දකින්න ලැබුණා ..
රවින් Tuesday, 05 March 2019 08:00 AM
ඉස්ස ඉස්සෙල්ලාම දියවන්නාවේ ඉන්න කසිප්පුකාරයින්ගෙන් ඔය වැඩේ පටන්ගන්න කියලා පොලිසියට අණ කරන්න. දෙවනුව පල්ලෙහා ඉන්නා දේශපාලුවන්ගෙන්ද අන්තිමට කසිප්පු පෙරලා හරි තම පවුල නඩත්තු කරන දුප්පතාගේ බඩටද පහර දුන්නාට වරදක් නැත.
පිටිගල මිලානෝ Tuesday, 05 March 2019 08:03 AM
කසිප්පු, කුඩු, රේගුව වැනි හදන්න බැරි තැන වලට හමුදාව හෝ එස් ටී එෆ් යොදවන්න.
saliya Tuesday, 05 March 2019 08:09 AM
මගේ හෝටලේ සුරා මෙර පව් නැත.
Chathura Tuesday, 05 March 2019 08:19 AM
එහෙම ඉක්මනට මෙවැනි දෙයක් ප්‍රයෝගිකව කිරීමට හැකි නම් මේ රටේ මොනා කරන්න බැරිද ? ප්‍රකාශයක් කිරීමට පෙරාතුව මීට වඩා ප්‍රවේසම් විය යුතුය. මෙවැනි ප්‍රකාශ මගින් සිදුවන්නේ තමාගේම ප්‍රතිරූපය හානියට පත්වීමක් පමණි.
Nandalal DE SILVA - France Tuesday, 05 March 2019 08:35 AM
මෙයත් එයාගේ පරණ බොස් වගේම පෝයට වැඩ කරන චරිතයක් වෙලා තිබෙනවා! අරයා කිවුවා "අර පෝයට, මේ පෝයට පෙර" අලුත් ආණ්ඩුවක් හදනවා කියලා.
ravi Tuesday, 05 March 2019 09:13 AM
" දුප්පත්කම " ලෝකයේ කිසිම රටක ඒ රටේ .. රටට , ජාතියට , ආගමට ... විශේෂයෙන්ම නීතියට එරෙහිවීමට හෝ නීතිය කඩකිරීමට හේතුවක් නොවෙයි !!!
janaka Tuesday, 05 March 2019 09:20 AM
මිනිස්සු එකපාර හදන්න අමාරුයි ඔවුන්ට විකල්පයක් යෝජනා කරන්න ඕනේ. ගම්මට්ටමින් ප්‍රමිතියකට කිතුල් රා, පොල්රා, තල් රා, භාවිතා කරලා සුරා බදු දෙපාර්තුමේන්තුවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක අධීක්ෂණයෙන් අරක්කු පෙරලා ඉතා අඩු බදු මුදලක් ඇතිව ගමේ කම්කරුවන් ඇතුළු අඩු අදායම් ඇති අයට ලබාදීමට රජය කටයුතුකරන්න ඕනේ. දුප්පත් අයට දැනට ගල් අරක්කු බෝතලයක් රුපියල් 1650.00 කට ගන්න අමාරුයි. කසිප්පු බෝතලේ රුපියල් 250.00 ක් 400.00 අතර තියෙද්දී . එහෙම නැතිනම් ලංකාවේ සියලු දෙනාට අරක්කු තහනම් කරන්න ඕනේ. ලොකුමිනිස්සුන්ට විනේ ස්ටෝර්ස් හා හෝටල් බාර් වලින් බොන්නත් පොඩි මිනිහ උඩබලාගෙන ඉන්නත් පුදුම නීතියක්.
Kumara Tuesday, 05 March 2019 09:35 AM
මම දෙන්නම් හොද හොඩුවාවක්. කසිප්පු තිප්පොළක් තියෙනවා දිවුලපිටියේ උලුකඩේ හන්දිය ගාවා ඒ පැත්තෙ.පොලිසියෙන් පගාව ගන්න නිසා මේ තිප්පොල කවදාවත් අල්ලන්නේ නෑ පොලීසිය අල්ලන්නේ නෑ.
Bamunuarachchi Tuesday, 05 March 2019 10:25 AM
සිරිසේන මයා ඔබට මිනිසුන් මත්පැන් බොන එක නවත්වන්න පුලුවනිද? එක කොහොමවත් කරන්න බැහැ. මත්පැනුත් මිනිස් ජීවිතයට අවශ්‍ය දෙයක් බව රජයට ලැබෙන ආදායමින් බලාගන්න පුළුවන්. රජය කරන්නේ මිනිසුන්ගේ මේතිබෙන අවස්ථා දඩමීමා කරගෙන බදු වැඩිකර ආදායම සෙවීමයි. වැඩි මුදලක් මත්පැන්වලට ගෙවීමට නොහැකි මිනිසුන් කසිප්පු බීමට පෙළඹී ඇත. කසිප්පු නැතිකිරීමට නම් මත්පැන් මිල අඩුකළ යුතුය. ඔබ මත්පැන් පාවිච්චි නොකරන නිසා අනික් මිනිසුන්ද මත්පැන් පාවිච්චි නොකළ යුතුයි යන නිගමනයට නොඑන්න. කසිප්පු භාවිතය අඩුකරන්න නම් නීති්‍යනුකූල මත්පැන්වල මිල අඩුකරන්න.
Chris Tuesday, 05 March 2019 10:28 AM
මහා පරිමාන කසිප්පු තිප්පොළවල් සහ කුඩු ජාවාරම් කාරයන් රටෙන් තුරන් කරන ගමන්ම පොදු ජනතාවත් විශේෂයෙන්ම තරුණ පරපුර මේවාට ඇබ්බැහි වන එක නතරකරන්න ගන්න අධ්‍යාපනික වැඩසටහන් වලටත් මුල්තැන දියයුතුයි...... රටේ සාමාන්‍ය මිනුසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කලහොත් ගොඩක් මිනුසුන් දුරාචාරයෙන් ඈත් වේවි. සමාජයක පන්සිල් රැකෙන්නට ඒ සමාජයේ ආර්ථිකය බලපානබව බුදුරජානන්වහන්සේ දේශනා කලබව බෞද්ධයින් හොදින් අසා තිබේ
de silva Tuesday, 05 March 2019 12:00 PM
එතකොට මැතිවරණ පොරොන්දු වලින් 10% වත් ඉෂ්ට කරගන්න බැරුව කුඩුකාරයෝ එල්ලලා මැරීම, ග්ලයිෆෝසෙට් , ඇස්බැස්ටෝස් තහනම වැනි බොරු පොරොන්දු දිගින් දිගටම දෙන දේශපාලකයන් වැඩ පුළුවන් මිනිස්සුද ? පොලිසිය පසුගිය කාලේ කුඩු ටොන් එකකට වැඩිය හොයාගත්තා,කෝටි 500 දියමන්තියත් හොයාගත්තා.
ranjith Tuesday, 05 March 2019 12:11 PM
මත්පැන් බොන අයට තැබෑරුම් වලින්ම මිලදීගෙන රජයට බදු ගෙවන ගමන් තැබෑරුම් අයිතිකරුවන් පොහොසත් කරන වැඩක් මේක අවංකව මේක අඩු කරන්න නම් තැබෑරුම් නැතිකරන්න හරි අඩුකරන්න හරි ක්‍රියාකල යුතු බව මොන්ටිසෝරි ළමයෙකුටත් තේරෙනවා නේද?
BamunuarachchiTuesday, 05 March 2019 11:53 PM
තැබෑරුම් අඩුකලා කියලා මිනිස්සු නොබී ඉන්නේ නැත. මම මත්පැන් බෝතලයක් ගන්න දවසක් වැලිකන්දේ සිට වාලච්චනෙට ආවා තව දවසක් අයගම සිට රත්නපුරයට ආවා. හෘද රෝග අඩුකර ගැනීමට දිනකට ඩ්‍රින්ක්ස් දෙකක් ගන්න කියලා කොළඹ ප්‍රසිද්ද ඉස්පිරිතාලයක බිත්තියක සටහන් කර තිබිනවා. හැබැයි මත්පැන් බීම වන කර ගත්තොත් අක්මාවත් නැතිකරගෙන අකාලයේ මැරෙන්න වෙනවා. ඩ්‍රින්ක්ස් 2 කින් ෂේප් වෙන්න පුලුවනිනම් මත්පැන් බීම හොඳයි බැරිනම් විනාසයක්.
blackhawk Tuesday, 05 March 2019 12:47 PM
කතා ඇති !!!!!
Bamunuarachchi Tuesday, 05 March 2019 01:59 PM
දේශීය මත්පැන් වලට හිටු කියලා බදු ගහන ගමන් කසිප්පු නවත්වනවලු. මමත් දැන් කරන්නේ ගෙදර ටිකක් පෙරා ගන්න එකයි මගේ පාවිච්චියට. ඒක විස්කි වලට වඩා හොඳයි.
සමන් පෙ රෙ රා Tuesday, 05 March 2019 03:49 PM
වැඩ පුලුවන් අය ඉන්නෙ පාර්ලිමනේතුවේද. පොලිසිය තිබන්නේත් තමන්ගෙ යටතෙ බව අමතක නොකරන්න.
sg Tuesday, 05 March 2019 05:43 PM
ගරු ජනාධිපතිතුමනි ඔය කියන පොලිසීයේ දේශපාලන ගැතිකම් කරන ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන්ට ඒ ගැතිකම්වලින් බේරෙන්න බැරි බවක් අපිට හැගී යනවා. විශේෂයෙන් පහුගිය කාලයේ දේසපාලන නායකයන්ට ගැතිකම් කල අය ගොඩක් ඔය පොලිසීයේ ඉන්නවා
Bandula. Wednesday, 06 March 2019 09:14 AM
අනේ ජනපති තුමනි ඔබට බොහොම ස්තුති, එත්.... කරන්න හැකිවේවිද? අනේ මොනවා නැතත් කුඩු කාරයන් ගෙන් එකෙක්වත් හැකිනම් එල්ලනකෝ ඔබතුමාව මුළු රටම සිපගනිවී, දැන් මේ වෙන අපරාද දිහා බලද්දී.