(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට රජය තීරණය කර ඇත.
එම පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට ඉකුත්දා දැනුම්දී තිබිණි .
එබැවින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබිණි .
බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා, මත්පැන් ,දුම්වැටි, විදුලි සංදේශ, ඔට්ටු ඇල්ලීම හා සුදු , මෝටර් වාහන මත විවිධ අණපනත් යටතේ පනවා ඇති බදු වෙනුවට එක් විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට පසුගිය අයවැයෙන් යෝජනා කර තිබූ අතර ,ඒ පිළිබඳ පනත් කෙටුම්පත ඉකුත් ජනවාරි 7 වැනි දා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය .
එම පනත් කෙටුම්පත ඉකුත් ජනවාරි 20 වනදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබිණි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත ඉල්ලා අස්කර ගනී