IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති වසා තැබේ

(රන්ජන් කසිතුරි)

පාසල් සහ පෙර පාසල් විවෘතව තැබිය හැකි අතර විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහතිමිය කීවාය.

කෙසේ වෙතත් පාසල් හා පෙරපාසල්වලට ඇතුළු කර ගත හැක්කේ ධාරිතාවයෙන් සියයට 50ක් බව ද ඇමතිනිය කීවාය.



අදහස් (10)

විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති වසා තැබේ

සමිත සේනක අලුත්ගමගේ. Friday, 23 April 2021 12:55 PM

අපූරු නුවණ... බෝවෙන්නේ විශ්ව විද්‍යාලවලින් හා උපකාරක පන්ති වලින් විතරද? ඇයි පාසල් හා පෙර පාසල්වලින් බෝනොවෙන බවට දියහැකි සහතිකය කුමක්ද?

:       12       42

samanFriday, 23 April 2021 01:13 PM

විශ්ව විද්‍යාලවල සිසුන් නේවාසිකාගාර තුළ සිටින බැවින්, කෝවිඩ් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව වැඩියි...

:       19       6

මුණසිංහFriday, 23 April 2021 01:47 PM

මේක නම් භයානක තීන්දුවක්. පාසල් ඇරියක් ළමයි එන්නේ නැහැ. ඊළඟට දුක් විඳින්නේ ගුරුවරුන්.... එකම පාඩම දවස් කීයක් කරන්නද? වැඩේ අසාර්ථක වෙනවා. පාසල් ගුරුවරුන්ට අඩුම ගානේ එන්නතවත් දීලා නැහැ. පාසල් පොකුරු නිර්මාණය වේවි... රජය මොකක් කීවත් සිසුන් පාසල් යවන්න එපා. තත්වය අවදානම්. වගකීමෙන් කියන්නේ...

:       1       45

Themiya Saturday, 24 April 2021 01:56 AM

නුවරඑළියේ වසන්ත සැණකෙළි තියද්දි බෝ නොවෙන කොරෝනා පාසල් සහ විශ්වවිද්‍යාල පැවත්වීමෙන් බෝ වෙනබව සොයා ගත් හිට්ලර් ඇතුළු වීරෝදාර නායකයින්ට අපගේ උපහාරය...

:       17       48

Rata Perata Saturday, 24 April 2021 07:11 AM

කොරෝනා අරමුදල කියලා බිලියන ගාණක් එකතු කරගත්තා. හරියට එන්නත් ටිකවත් ඇණවුම් කරන්න බැරිවුණා මේ රජයට.. අසරණ මිනිස්සු මැරෙනවා. අපරාදේ...

:       1       8

ලංකාපුත්‍ර Saturday, 24 April 2021 08:21 AM

අපේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම ලේකම්ද මහාචාර්යවරුන්ය. මේ මහාචාර්යවරුන්ගේ සිඟිති මොලයට නොතේරෙන දෙයක් සඳහන් කරමි. පාසල් දරුවන් පාසැල් පැමිණියද බහුතරයක් පොදු ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරති. එසේනම් පාසල් පැමිණෙන දරුවන් දැඩි අවදානමක් දැරිය යුතුයි. කොරෝනා පැතිරෙන්නේ ටියුෂන් සහ විශ්ව විද්‍යාල වලින් පමණක් නම් ඔබේ සිඟිති මොලයෙන් ගත් තීරණය නිවැරදි වනු ඇත. එහෙත් එහෙම නොවන බව ඔබගේ හැඳි මිටේ නුවණට නොවැටහෙන කළ අපේ අසරණ දරුවන් කුමක් කරන්නද? ⁣කමක් නැහැ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබලා මුලින්ම කොරෝනා එන්නත ලබා ඇත. ලේකම් මහාචාර්යතුමාද ලබාගෙන ඇතුවා වන්නට ඇත.. එසේ නම් හොඳටම ප්‍රමාණවත්ය... අපේ දරුවන්ට මොනවා වුණත් කම් නැත. ඔබලා හොඳින් සිටින්න. කොරෝනා පැතිරෙන තුරු පාසැල් පවත්වාගෙනම යන්න. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දමමු..

:       1       4

සුනිල් සමරවික්‍රම Saturday, 24 April 2021 08:31 AM

උපකාරක පන්ති පැවැත්වීම සඳහා අවසර ලබාදීම මගින් දරුවන් විශ්ව විද්‍යාල වලට සමත් විය හැක. එබැවින් දස දෙනා බැගින් හෝ කැඳවා පන්ති පැවැත්වීම සඳහා අවසර ලබාදීම අහිතකරය. විශ්ව විද්‍යාල පැවැත්වීම සඳහා අවසර ලබාදීම මගින් දරුවන්ගේ අනාගතයට වඩා පාලකයන්ගේ අනාගතයට භයානකයි. එබැවින් මෙම පියවර ගන්නා බව පෙනේ..

:       1       3

Sam Saturday, 24 April 2021 09:25 AM

අමතර පන්තිවලට වඩා ළමයි එනවා නේද ඉස්කෝලවලට? 50% ක් කැඳවනවාට වඩා සාර්ථකයි සියලු දෙනාටම සති 02ක් වසා තැබීම...

:       0       5

Palliyaguru Saturday, 24 April 2021 09:48 AM

රජය ඔක්කෝටම කලින් පෞද්ගලික පංති වහන්න කියනවා. අපි ට කන්න බොන්න රජය දෙනවද? කරන්න පුලුවන් ඔක්කෝම අනවශ්‍ය වැඩ කරලා සුදනා වෙලා, අපි උගත් දෙයක් කියලාදීලා උපයන තුට්ටු දෙකට තට්ටු කරන්න තමයි බලන් ඉන්නේ. පාසල්, පෙර පාසල් අරින්න පුලුවන් නම් ටියුෂන් පන්තිත් කුඩා ප්‍රමාණයෙන් කරගෙන යන්න බැරි මොකද? රජයෙන් පිං පඩි ගන්න සමහරක් නිසා දරුවන්ටත්, දෙමාපියන්ටත් කරගන්න දෙයක් නැතුව ඉන්නේ. ඒ මිනිස්සු අපි පංති නැවැත්තුවත් ගෙදරට හරි එන්නද කියලා අහන්නේ තමන්ගේ දරුවගේ අනාගතේ ගැන ඇති බය නිසා. රාජ්‍ය ලොක්කන්ට ඕක තේරෙන්නේ නෑනේ. එයාලගේ ළමයි පිටරටවල නේ ඉගෙන ගන්නේ. එහෙම නැතත් ළමයි ගැන මොන මගුලක් තේරෙන්නේත් නෑනේ. පාර්ලිමේන්තුවට ගිහින් නිකන් කාලය නාස්ති කරලා එනවා. එච්චරයි දන්නේ. දැන් අවුරුදු එකහමාරක් තිස්සේ හිස් පංති ගොඩනැගිල්ලට මාසික කුලී ගෙවනවා. මහා පරිමාණ පංති ගැන නෙවෙයි මේ කතා කරන්නේ. දවසට ළමයි 10 කට විතර උගන්වන පංති ගැනයි. අපි සූම් කරත් සමහර ළමයින්ට ඒක සාර්ථක නෑ. අමාරුවෙන් ගොඩගත්ත ළමයි හුඟක් දැන් පරණ තත්වයට ඇවිත්. ළමයිගේ වගේම ගුරුවරයාගේ මහන්සිය රජය තුට්ටුවකටවත් ගණන් ගන්නේ නෑ. මොකද එයාලට අනාගතේ ගැන වැඩක් ඇත්තේම නෑ. බොරුවට පාරම් බබා ගම් වටේ යන එක විතරයි කරන්නේ.

:       1       5

Sir lanka Saturday, 24 April 2021 10:37 AM

මිනිස්සුන්ගේ ජීවන උපාය මාර්ග වහන්න නීතියට බෑ. එහෙම කරනවා නම් හැම කෙනෙකුටම කළින් ලැබුණු මුදල් ගෙවන්න ඕනේ. කොරෝනා කියන්නේ බිස්නස් එකක්. කොමිස් අරන් රට බිල්ලට දෙනවා. කොරෝනා කියන්නේ කළින් තිබුණු උණ, හෙම්බිරිස්සාව, කැස්ස...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site