IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


විශ්වාස භංගය සම්මතවීම ගැන තීරණය හැන්සාඩ් වාර්තාවේ



(තරිඳු ජයවර්ධන)
 
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත වූ බවට සඳහන් කතානායකවරයාගේ තීරණය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කර තිබේ.
 
නොවැම්බර් 14 වැනි දා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ අගමැති ලෙස සඳහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම වන අතර ඒ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කැබිනට් මණ්ඩලය ලෙස සඳහන් කර ඇත.
 
එදින එම් ඒ සුමන්තිරන්   මන්ත්‍රීවරයාගේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවෙන් පසු විශ්වාස භංග යෝජනාව ගෙනැවිත් ඇති අතර අවසානයේ එම විශ්වාස භංගය සම්මත වූ බව කතානායක තීරණය කර තිබේ.
 
විශ්වාස භංගය සඳහා නමින් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා උත්සාහ දරා ඇති ආකාරය හා ඊට මන්ත්‍රීවරුන් එකඟ නොවූ ආකාරය ගැන ද හැන්සාඩ් වාර්තාවේ දැක්වේ.
 
ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නොමැති බවට වූ යෝජනාව සම්මත වී ඇති හෙයින් සහ මේ වන විට අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති හෙයින් කිසිම මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස හෝ ඇමැතිවරයකු ලෙස පිළිනොගන්නා බවට කතානායකවරයා කළ නිවේදනය  ඊට පසු දින එනම් නොවැම්බර් 15 වැනි දා හැන්සාඩ් වාර්තාවේ සඳහන්වේ.
 
නොවැම්බර් මස 16 වැනි දා සිකුරාදා හැන්සාඩ් වාර්තාවේ අවසානයට සඳහන් කර ඇත්තේ එදින ගෙන එන ලද විශ්වාස භංග යෝජනාව ද සම්මත වූ බව කතානායක නිවේදනය කළ බවයි.
 
මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති හැන්සාඩ් වාර්තාව අසංශෝධිත පිටපත වන අතර තමන්ගේ නිවැරදි කළ යුතු තැන් දැක්වීමට කැමති මන්ත්‍රීවරුන්ට එම නිවැරදි කිරීම ලකුණු කිරීම සඳහා සාමාන්‍ය ක්‍රමවේදය අනුව සති දෙකක් ලබා දී තිබේ.

හැන්සාඩ් වාර්තා දෙක සහ කතානායක නිවේදනය පහත දැක්වේ.


 

http://www.parliament.lk/uploads/documents/hansard/1542771511047723.pdf 

පළමු  දවස 

http://www.parliament.lk/uploads/documents/hansard/1542772109029050.pdf

 දෙවැනි  දවස

 



අදහස් (5)

විශ්වාස භංගය සම්මතවීම ගැන තීරණය හැන්සාඩ් වාර්තාවේ

namali Wednesday, 21 November 2018 10:02 AM

මේක හැන්සාර්ඩ් එකේ එකක් නෙවෙයි නේ . ඒක වෙනම පාර්ලිමේන්තු සිර්ශය සහිත හැන්සාඩ් වාර්තාවක් මිසක් මේවගේ කොළ කැල්ලක් නෙමෙයිනේ. මේක නිකන් මුලා කිරීමේ වැයමක්.

:       476       373

daya Wednesday, 21 November 2018 10:35 AM

මේක නීති පොතක් නෙමෙයි. වාර්තාවක් පමණයි නේද?

:       16       8

rocky Wednesday, 21 November 2018 10:42 AM

මුලා කිරීමක්ද බලන්න, හැන්සාඩ් එකක් හොයා ගෙන කියවන්න. පත්තරේ ඔක්කොම දාන්න බැහැ නේ! අනිත් එක, "ලංකාදීපේ" එහෙම මිනිසුන්ව මුලා කරන්නේ නැහැ. සැකයි නම් නොබලා ඉන්න, මඩ ගහන්නේ නැතුව!

:       3       105

ranga Wednesday, 21 November 2018 10:55 AM

මේ තියෙන්නේ කතානායකගේ ප්‍රකාශය මිසක් විශ්වාස භංගය සම්මත වුණු යෝජනාව නෙවෙයි. අපට ඕනේ විශ්වාස භංග යෝජනාව සභාගත කළ හැන්සාඩ් වාර්තාව...

:       0       11

Chanak Los angelesThursday, 22 November 2018 03:09 AM

රාමු කරගන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 59 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site