(එෆ්.අස්ලම්)
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ තීරණය හෙට(11) පෙරවරුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
මේ අනුව හෙට පෙරවරු 10ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයට පැමිණීමට නියමිතය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනා අතර විවිධ අදහස් ගොඩනැගී ඇති බවත් ටෙලෝ සංවිධානය නියෝජනය කරන මන්ත්‍රීන් දෙපළ ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මීට සහාය දැක්වීමේ හෝ මධ්‍යස්ථව සිටීමේ අදහස් දරන බවත් එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
දෙමළ ජනතාවගේ ගැටළු නිසි ලෙස විසදා නොදීමත්,දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය පෙනී නොසිටීමත් මත වත්මන් ආණ්ඩුව කෙරෙහි දෙමළ ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇතැයි පැවසූ එම ප්‍රකාශකයා පක්ෂයක් වශයෙන් කල්පනාකාරී තීරණයක් මේ අවස්ථාවේදී ගතයුතුව ඇතැයිද පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගය අද සහ හෙට විවාදයට ගැනෙන අතර හෙට(11) සවස මීට අදාළ ඡන්ද විමසුමද පැවැත්වේ.
එවන් තත්වයක් මැද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම හෙට පෙරවරුවේ රැස්වී මේ පිළිබඳ සිය අවසන් ස්ථාවරය තීරණය කිරීමට නියමිතය.
COMMENTS
ඔය දෙමළ ජාතීන්ට තියෙනවැයි කියන ප්‍රශ්න නම් ඉවර වෙන එකක් නෑ... මේ රටෙන් කෑල්ලක් කඩාගෙන යනකම්... ඒක නිසා දැන්වත් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, දිනන පක්ෂයට මන්ත්‍රීලා 15ක් දෙන්න ඕනේ. නැත්නම් මහ පක්ෂවලට සුළු පක්ෂවල අතකොලුවෝ වෙනවා හැරෙන්න තමන්ගේ සැබෑ චින්තනය ක්‍රියාත්මක කරන්න හම්බ වෙන්නේ නෑ...
අපි අාණ්ඩුව සමගයි.. ඕක තමා හෙට අපිට අහන්න ලැබෙන උණුසුම් පුවත. වැඩක් නැහැ
ජනතා මනාපය විමසුවොත් අද මේ සේරමලා ගෙදර.